ඩෝනා හැන්ස්කම්ගේ ඥාති දුව වෙන්ඩි හැන්ස්කම් තමන්ගේ උසස් පාසලේ ඉගැනීම් කටයුතු ඉවර කරලා කොලේජ් එකට යන්න කලින් ලැබෙන අවුරුද්දක නිවාඩුව ගත කරන්න කියලා හිතාගෙන නෙබරාස්කා හරහා ගමන් කරමින් තමයි හිටියේ. ඒත් හදිසියේම එයාගේ වාහනේ තෙල් මදි වුන නිසා එයා එක්තරා තැනක නවත්තලා වාහනේට තෙල් ගහගෙන යන්නයි හැදුවේ. ඒත්…

ඩෝනා හැන්ස්කම්ගේ ඥාති දුව වෙන්ඩි හැන්ස්කම් තමන්ගේ උසස් පාසලේ ඉගැනීම් කටයුතු ඉවර කරලා කොලේජ් එකට යන්න කලින් ලැබෙන අවුරුද්දක නිවාඩුව ගත කරන්න කියලා හිතාගෙන නෙබරාස්කා හරහා ගමන් කරමින් තමයි හිටියේ. ඒත් හදිසියේම එයාගේ වාහනේ තෙල් මදි වුන නිසා එයා එක්තරා තැනක නවත්තලා වාහනේට තෙල් ගහගෙන යන්නයි හැදුවේ. ඒත් එතනදී එයාට එයාගේ වැඩේ කරගන්න බැරිවුනා. මේ හින්දම එතන තිබුණු ෂොප් එකේ කැෂියර්ට මේ ගැන කියලා වෙන්ඩි එයාට ඕන වැඩේ කරගෙන යන්න ගියා, හැබැයි එයා ඒ නවත්තපු අවන්හල ගුප්ත බව හැරුනම වෙනින් හොද බවක් නම් පෙනුනේ නැහැ. එයාට බයකුත් ඇතිවුන නිසාම එයා හැකි ඉක්මනින්ම තමයි යන්න පිටත් වුනේ. ඒත් වාහනේ මගදී ආයෙමත් කැඩිලා වාහනෙන් එලියට බැස්සට පස්සේ කවුදෝ මන්දා කෙනෙක් ඇවිල්ලා එයාව පැහැරගෙන ගියා. ඩෝනා මේ ගැන සෑම්ට වගේම ඩීන් කියලා උදව් ඉල්ලුවා. සුපුරුදු පරිදි මේ දෙන්නා වැඩේට බැස්සට මොකද සෑම් නම් හැසිරුනේ හරිම අමුතු විදිහට. කලින් කොටසක මේ දෙන්නා වෙනින් ලෝකෙක හිරවෙලා එයාලව බේරගන්න ආපු කෙනෙත් මැරිලා ගිය සිදුවීම් නිසාම. ඩෝනාගේ උදව්වට ඩග් පවා ඇවිත් හිටියා. ඒවගේම තමයි මේ අයට තවත් නියෝජිත කෙනෙක්ව මුණ ගැහෙනවා ක්ලෙග් කියලා. එයා තමයි වෙන්ඩිගේ සිදුවීම ගැන බාරව හිටියේ. FBI එකෙන් තාමත් හිතන් ඉන්නේ සෑම් වගේම ඩීන් දෙන්නා ජීවතුන් අතර නැහැ කියලා. හැබැයි මේ දෙන්නව නිකමට හරි ප්‍රසිද්ධියට පත් වුනොත් මේ දෙන්නට ආයෙමත් හිරේ යන්නයි වෙන්නේ. ඒ අවධානමත් අරගන්න ගමන්ම තමයි මේ දෙන්නා මේ කේස් එකට බැස්සෙත්. ක්ලෙග් නම් කිව්වේ මේ පැහැරගන්න වැඩ කලේ “බටර්ෆ්ලයි” කියලා ඝාතකයෙක් කියලා. එයා අවුරුදු ගානක් තිස්සේ මේ ඝාතකයව අල්ලගන්න හැදුවා, එයා ගැන තොරතුරු එකතු කලා. අරකයි මේකයි රටේ නැති හැම විකාරෙම කියලා අන්තිමට ඒ ප්‍රදේශයේ තැනින් තැනට ගිහින් ප්‍රධාන උපදේශකයෙක් හැටියට වැඩ කරන වයසක මනුස්සයෙක්ව මේ වැඩේට අහු කලා. හැබැයි ඒ මනුස්සයා ඒකට අදාළ නැහැ කියල සෑම් වගේම ඩෝනා හොයාගත්තා.
මේ අතරේ ඩීන් ඩග් එක්ක එකතු වෙලා විස්තර හොයාගෙන යද්දී තමයි දැනගන්න ලැබුනේ අර අවන්හලේ කැෂියර්ගේ මාර්ගෙන් මේ පැහැරගෙන යන අයව ලන්සු තියලා විකුනනවා කියලා වැම්පයර්ලා අතරේ ගොඩනැගුණු නෙට්වර්ක් එකක් හරහා විකාශය වන වන්නක් හරහා. කොහොම කොහොමින් හරි වෙන්ඩි ඉන්නේ කොහෙද කියලා හොයාගත්තට පස්සේ කට්ටියම ගියා එක්තරා තැනකට. මෙතනදීත් කට්ටිය බෙදිලා ගියා වෙන්ඩි කොහෙද ඉන්නේ කියලා බලන්න. ඩග්ව තියලා ගියේ කැෂියර් එකේ හිටිය එකා එක්ක තියලා. එතකොටම තමයි මේ කැෂියර් වැම්පයර් ස්වරුපය අරගෙන එයාගේ ලේ ඩග්ට පොවලා එයාවත් වැම්පයර් කෙනෙක් කලේ. මේ අතරේ සෑම් නියෝජිත ක්ලෙග් එක්ක බෙදිලා ගියාම එයා සෑම්ව මෝඩයට අන්දලා සෑම්ට පහර දීලා එයාවත් පැහැරගෙන ගියා. වැම්පයර් කෙනෙක්ව ආයේ මනුස්සයෙක්ව කරන්න දන්න ප්‍රතිකාරේ ඩීන් හදලා ඉවර වෙලා එයා ඒකත් ඩග්ට දීලා එයාට හොදවෙන්න ඇරලා ඩෝනා එක්ක ඩීන් ගියා සෑම්වයි වෙන්ඩිවයි බේරගන්න. සෑම් කියන්නේ වින්චෙස්ටර් පවුලේ අන්තිම පුරුක්වල කෙනෙක්. ඒ වගේම තමයි එයා හුගක් ප්‍රසිද්ධයි. ඉතින් එයාගේ ඇගේ කෑලි අරගන්න අර නෙට්වර්ක් එක හරහා ඉන්න වැම්පයර්ලා හුගක් ඉදිරිපත් වුනා. නිකන් නෙවෙයි හුගක් ලොකු මිල ගනන් වලට. මේ වැඩේ මුල ඉදලම කරලා තියෙන්නේ අර නියෝජිත ක්ලෙග් කියන මනුස්සයා. එහෙම කරලා තියෙන්නෙත් වැම්පයර්ලා එයාලගේ හිතේ හැටියට මිනිස්සුන්ව මරලා එයාලා එයාලගේ බඩගනින්න නැති කරගන්න එක නවත්තන්න. ඉහල මිලකට ලැබුණු සෑම්ගේ කොටස් ටික දෙන්න ඕන නිසා ක්ලෙග් එයාව මරන්න යද්දීම ඩීන් ඇවිල්ලා එයාව බේරගන්නවා. ඩෝනා කියන්නේ දඩයක්කාරයෙක් කියන කාරණාවයි ඩග්ට සුළු වෙලාවකට හරි වැම්පයර් කෙනෙක් වෙන්න වුන කාරණාව නිසයි එයා ඩෝනාගෙන් වෙන් වෙලා යන්න ගියා. ඒවගේම තමයි සෑම් හා ඩීන් දෙන්නා අතරේ අමුතුම කතාබහක් අන්තිම හරියෙදි දැකගන්න ලැබුනා. මේ අය කොච්චර අනික් මිනිස්සුන්ට උදව් කලත් මේකෙදි වෙන්නේ හුගක් අයට එයාලගේ ජීවිත වලින් වන්දි ගෙවන්න ලැබෙන එකයි කිසිම දෙයක සතුටු දායක අවසානයක් දකින්න ලැබෙන්නේ නැහැ වගේ හුගක් මේ වගේ කාරණා නිසා සෑම් ඉන්නේ හුගක් අවුලෙන්.
අද කොටසින් බලාගන්න පුලුවන් වෙන්නෙම මායාකාරියන්ගේ සිදුවීම් ගණනාවක්ම. බ්ලැක් ග්‍රීමෝර් පොත මතක ඇති කියලා විශ්වාස කරනවා. ඔව් සෑම් බලෙන්ම වගේ රොවීනාගෙන් අරගත්ත පොත තමයි. රොවීනා ගැන කිව්ව නිසාම කියන්නම් ඔයාලා මෙතෙක් කතාමාලාව තුලින් දැකපු පරණ චරිතයක් අදත් දැකගන්න ලැබෙනවා. සුපුරුදු පරිදි විශ්වාසය තියන්න තියා හිතන්නවත් බැරි වැඩ තමයි ඒ කෙනා කරන්නේ. ඒවගේම තමයි සැහෙන කොටස් ගණනාවක් තිස්සෙම කැස්ටියෙල්ව වගේම ලූසිෆර් ගැනවත් පෙන්නුවේ නැහැනේ. අද ඒ දෙන්නගේ සිදුවීම් කිහිපයක් එක්ක කතාව තවත් වෙනස් පැත්තකට හැරෙනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!! සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!
අද කතාවේ නම “ Various & Sundry Villains” අධ්‍යක්ෂණය: Amanda Tappingලිව්වේ: Steve Yockey
විකාශනය වුනේ: 2018 පෙබරවාරි 01
මීලග කොටසෙන්: “Devil’s Bargain” | 2018 පෙබරවාරි 08
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S13E12.HDTV.x264-BATV.HI
Supernatural.S13E12.720p.HDTV.x264-BATV.HI
Supernatural.S13E12.480p.HDTV.x264-mSD.HI
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,743 downloadsDownload SupernaturalS13.E12.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චාමර සම්පත්
Subtitles
40 comments
Dhananjaya Kasthuri
thanula D
තෑන්ක්ස් සහෝ ඉක්මනටම සබ් එක දුන්නට.ජයවේවා.......
Mokshaya
Thanks bro....
Subhash13
Ft bn
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
suranuwan
thanks bro sub ekata...
Janindu
Ela bn awa gaman oni saho,uba ape eka bn,uba ara nama mulu tv series eka purama danna epa bro,eka awul wage bn,start and end dapan saho,thanks
Chämàrá Sâmpáth
සීරිස් එක පුරාම නම දාලා නැහැ. කතාවේ නමත් එක්ක තීම් ඉන්ට්‍රො එක යද්දි විතරයි දාන්නෙත්. ඒකත් තප්පර ගානක් විතරයි
devinday
mcn player eke aulak tiyenne Janidu malli.matath oya aula awa.intro eka forward karala ganna.ethakota hari.
trok
tnx bro
Dimuth
thanks bro...
sachintha
Sub ekata thanks sahoo...
Bhathiya gamage
thanks mcn
Lakshan Fernando
Thank you
devinday
Ty chamara Malli....Gdk Pin....
Udara Damith Dissanayaka
බොහෝම ස්තුතියි
නියමයිD.Chamara
bohoma sthuthi sahooo degatam karagena yamo
ashainsajeewa
thanks!!!!!! good Luck!!!!!!!!!!!
Hashithmetalore
Thanks sssssoooooooooooooo much
geeganagamage
බොහෝම ස්තුතියි කියන්න වචන නැහැ .
Sanath Perera
thanks for sub bro...
SanjulaJeter
ela!
naughty
බොහෝම ස්තුතියි
iDinesh
බොහෝම ස්තුතියි :)
Sub_zero
Thank For The Subtitle Bro.....
shan
lucifer sub denne neddoooo?
sameera
thanks bro
kent parker
thanks saho
DimuthuMadhumal
Thank you
Pramukmili
thanxxxxxxxxxxx bro...........
Thalangama
Next episode button eka wada krnne na All episode list eka update wela na.plz e mistakes hadanna
Thank you baiscope......
Ravi2564
සබට බොහොම ස්තුතියි.......ජය වේවා...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malitha_sahan
Ela
Thank youdilipvijethunga
Feb 6, 2018 at 5:06 am
thanks broSajithlakshan
බොහොම ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



tnx bn sub ekata