Watch Trailer

Swamp Thing (2019-) [S01: E01] Sinhala Subtitles | වගුරු බිමේ රහස…. [සිංහල උපසිරැසි සමඟ]

DC යුනිවර්ස් එකෙන් අපවෙත ලැබෙන තුන්වන රූපවාහිනී කතාමාලාව තමයි අද මේ සිංහල උපසිරැසි සමඟ ඔබට ලබා දෙන්නේ. මීට පෙර Titans සහ Doom Patrol කතාමාල දෙක හැමෝම බලන්න ඇති. ඩූම් පැට්‍රොල් කතා මාලාවේ අවසානයත් සමඟ ඒ හිඩැස පුරවන්න අපවෙතට ලැබෙන ස්වැම්ප් තින්ග් කියන්නේ ටිකක් හොරර් ගතිය මිශ්‍ර වූ කතාවක් කියල ඔයාල පූ…

DC යුනිවර්ස් එකෙන් අපවෙත ලැබෙන තුන්වන රූපවාහිනී කතාමාලාව තමයි අද මේ සිංහල උපසිරැසි සමඟ ඔබට ලබා දෙන්නේ.  මීට පෙර Titans සහ Doom Patrol කතාමාල දෙක හැමෝම බලන්න ඇති.  ඩූම් පැට්‍රොල් කතා මාලාවේ අවසානයත් සමඟ ඒ හිඩැස පුරවන්න අපවෙතට ලැබෙන ස්වැම්ප් තින්ග් කියන්නේ ටිකක් හොරර් ගතිය මිශ්‍ර වූ කතාවක් කියල ඔයාල පූර්ව ප්‍රචාරකපට හරහා දැනුවත් වෙන්න ඇති. මේ කතාව මොකද්ද එයට පාදක උන කොමික් කතා පොත් ගැන කෙටි විස්තරයක් කරලම අද ආරම්භ උන මේ කතාවේ පලවෙනි කොටසට යොමුවෙන්නම්.

ඇත්තටම මේ නම මුලින්ම අහන්න ලැබෙන්නේ 1971 ජුලි මාසයේ පළවූ House of Secrets #92 නම් වූ කොමික් පොත හරහායි. මේ චරිතය නිර්මාණය වෙන්නේ Len Wein සහ Bernie Wrightson නම් රචකයා සහ චිත්‍රකතා නිර්මාණ ශිල්පින් දෙදෙනා අතින්. ස්වැම්ප් තින්ග් කියන චරිතය විවිධ කොමික් කලාප වල විවිධ ස්වරූප වලින් දකින්න ලැබිලා තියෙනවා. මනුෂ්‍ය ස්වරූපය වගේම අමනුෂ්‍ය ස්වරූප වලින් මේ චරිතය කොමික් පොත පතේ සඳහන් වෙනවා. ඇත්තෙන්ම මේ චරිතය ස්වභාව දහමට ආදරය කරන විශේෂයෙන් ගොහොරු වලට,  එයට හානි ගෙනෙන අයට එරෙහිව නැගී සිටින මනුෂ්‍ය හැඩයක් සහිත ශාකමය ස්වරූපයක් සහිත ස්වභාවයෙන් නිර්මාණය උන චරිතයක් ලෙසයි හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ.  ඒ වගේම මේ චරිතය වඩා ප්‍රසිද්ධ වෙන්න ගත්තේ 1970 සහ 1990 කාලය ඇතුළතයි. ඇත්තෙන්ම මේ චරිතය වඩා ඉක්මනින් රූපවාහිනිය සහ රිදී තිරය ජයගන්න තරම් සමත් උන චරිතයක්. මේ චරිතය චිත්‍රපට දෙකකත් කාටුන් රූපවාහිනී වැඩ සටහනකත් දැකගන්න ලැබුනා. 1982 වසරේ සහ ඊට පසුව  Swamp Thing සහ The Return of Swamp නමින් චිත්‍රපට දෙකක් මේ චරිතය පාදක කරගෙන තිරගත උනා.

House of Secrets #92

එහෙනම් මම මේ චරිතය නිර්මාණය උන හැටි සහ මේ අපූරු චරිතයට තිබෙන හැකියාවන් ගැන කියන්නම්. ස්වැම්ප් තින්ග් කියන්නේ බය හිතෙන පෙනුමක් උනාට ඇත්තටම මේ චරිතය ජස්ටිස් ලීග් එකෙත් සාමාජිකයෙක් වෙනවා. ඒ දේ සිද්ධ වෙන්නේ පසු කාලීනව බැට්මෑන් විසින් අඳුරු බලවේග වලට එරෙහිව සටන් කරන්න අලුත්ම ලීග් එකක් නිර්මාණය කරනවා Justice League Dark නමින්. මේ කණ්ඩායමේ කොන්ස්ටන්ටීන් එහෙමත් සාමාජිකයෙක්.  මේ චරිතය හැදුනේ මෙන්න මෙහෙමයි. ඇලෙක් හෝලන්ඩ් කියන්නේ පරිසර විද්‍යාඥයෙක්. ඔහු  සහ ඔහුගේ බිරිඳ ලින්ඩා කියන්නේ විද්‍යාවට ආදරය කරන එහි උන්නතිය වෙනුවෙන් කැප උන දෙදෙනෙක්.  ඔහු විසින් ජෛවිය ශක්තිය ඉහල නංවන ඖෂධයක්  රහසිගතව වගුරුබිමක තිබෙන ඔහුගේම විද්‍යාගාරයක් තුල සොයාගනු ලබනවා. මේ ඖෂධය මගින් ඕනෙම රටක ආහාර අර්බුධය විසඳීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ ඖෂධය විද්‍යාත්මක වශයෙන් සහ ආර්ථික වශයෙන් සැහෙන වැදගත් එකක්. මේ නිසා විශාල වශයෙන් මිනිසාට වාසි සැලසෙනවා වගේම ඒ නිසා ආහාර සම්බන්ධ වෙළඳාම් කරන සමාගම් වලට ලොකු පහරක් වදිනවා.

පොත පතේ තිබෙන විදිහට පරීක්ෂණාගාරය සමඟම ඇලෙක් සහ ඔහුගේ බිරිඳ මරා දැමීමට පරීක්ෂණාගාරය තුලම බෝම්බයක් අටවනවා එක්තරා අපරාධ කල්ලියක් විසින්. මේ බෝම්බ පිපිරීමත් සමඟින් ඇලෙක් ඔහුගේ දැවෙන සිරුරත් සමඟ අර ඖෂධය වගුරු බිමට එකතු වනවාත් සමඟින් වගුරු බිමට පනිනවා. ඒ සමඟින් මේ  වගුරු බිමේ ඇති ශාක වලට සහ ඇලෙක්ගේ සිරුරට ඖෂධයේ බලපෑම නිසා අමුතුරු කෙනෙක් නිර්මාණය වෙනවා. ඒ තමයි ස්වැම්ප් තින්ග් කියන්නේ. මේ චරිතයට තියෙන්නේ ඇලෙක්ගේ මතකය. මේ චරිතයට තියෙනවා ලෝකයේ ඕනෙම ශාකයක් පාලනය කිරීමේ හැකියාව. ඒවා හරහා තොරතුරු ගැනීමේ හැකියාව, දැඩි ශක්තියක්ද පවතිනවා. ඒ වගේම ස්වැම්ප් තින්ග් කියන්නේ එක්තරා විදිහකින් බැලුවොත් ආත්මයක් වගේ දෙයක්. ඔහුගේ වර්තමාන ශාකමය සිරුර මරා දැමුවත් නැවත වෙනස් හෝ ඊට සමාන සිරුරක් නිර්මාණය කරගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මරන්න බැරි චරිතයක් කිව්වොත් වඩා නිවැරදියි.  ඒ වගේම ශාක කිව්වම ඊට සම්බන්ධ සෑම දෙයකම පාලනය ඔහු සතුයි. ඇල්ගී වර්ග දිලීර වර්ග වගේ දේවල් වල පාලනයත් ඔහුට තිබෙනවා. ඇත්තෙන්ම ස්වභාව ධර්මය පාලනය කිරීමට පුළුවන් චරිතයක් තමයි ස්වැම්ප් තින්ග් කියන්නේ. මීට වඩා මේ චරිතය ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ අද ඉඳන් ඔයාලට පුළුවන් කම තියෙනවා ස්වැම්ප් තින්ග් ගැන සියල්ලක්ම මේ කතා මාලාව හරහා දැනගන්න. ඒ වගේම කොමික් අනුසාරයෙන් නිර්මාණය උන මේ චරිතයේ ඡායාරූපයක් මාධ්‍ය වෙත ලැබී තිබුනා. ඇත්තටම කිව්වොත් කොමික් චිත්‍ර සමඟ සැසඳීමේදී මේ රූපවාහිනී කතා මාලාවේ ඉන්න ස්වැම්ප් තින්ග් 100% පමණ ඊට සමානයි කිව්වොත් නිවැරදියි. එහෙනම් පළමු කොටස ඔයාලට බාර දෙනවා. ලබන සතියේදී ලහිරු සහෝ එයි දෙවන කොටස සමඟින්. ජය!!!

Swamp Thing Vol#09 1974

 

 

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,944 downloadsDownload Swamp.Thing_.2019.S01E01.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

12,944 downloadsDownload Subtitles28 KB

86 comments

  1. YrKasunChamara

    Patta oooooi

    1. Nilupul Madukapriya Perera

      උපසිරසියට බොහොම ස්තුතියි හසා!
      DC ස්ට්‍රිමින් එකේ එකක් කියන්නෙ ආයේ ඉතින්.
      එහෙනම් ඔන්න අපිත් අද ඉදලා මේක බලන ලිස්ට් එකට එකතු වෙනවා. ක්‍රිස්ටල් රීඩ් අක්කත් ඉන්න එකේ බලන්නම එපැයි.❤..

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi brooo sub ekata...

  3. Uvindu Dilshan

    Sub ekata thankx mchn

  4. Subhash13

    එලම හසා... DCU ආපු තමත් සුපිරිම Series එකක් තමා Horror ෆිල්ම් කැලේ

  5. Pradeepkumara

    Thanx sahioo

  6. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි
    Doom patrol ඉතිරි කොටස් වලත් සබ් දෙන්න...

  7. matllakshan

    thanx sahoo...kaalayak enakam balagena hitapu series ekak...

  8. S.K. Ruchiranga

    thzz sahoo

  9. ChamaraRathnayake

    patta saho

  10. ChamaraRathnayake

    patta saho.......

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට...DC Universe එකේ හොදම පැත්තම හොදම විදියට බලාගන්න පුලුවන් වෙන එක තරම් වාසනාවක් වෙන කොහෙද..ජය වේවා..බුදුසරණයි..!

  12. prasannavijethunga

    ela aiye

  13. ChamalKanishka

    Thnx bro

  14. Chamod Nishantha

    Thanks sahoo

  15. Madusara

    thanks kollo

  16. Thamanna

    ELa

  17. Shansenarathne

    Tnx mcn

  18. devil_11

    Thx brother

  19. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  20. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි හසායියා.. ඩෝං පැට්‍රෝල් නං ඇල්ලුවෙ නෑ .. මේකනං අල්ලල යයි වගේ.. ❤️❤️❤️

  21. Ayesh Prashan

    Hammo Thank You

  22. nirodha uthpala

    Hambo hasa budu bava ath vena vadakata thamai ata gahala theyenne. ..thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  23. baiscopeshanukap

    Thanks yalu

  24. dx12

    kiynna wahana Na bro
    patta bro
    thanks bro

  25. Stranger

    Thank you

  26. Ishan Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි සබ් එකට

  27. YasasPerera

    thanks bro..

  28. menuka1

    සුපිරීරීරීරීරීරීරී

  29. Ravindu Rukshan

    තැන්ක්ස්

  30. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    මේක මෙච්චර ඉක්මනට සබ් දෙයි කියලා හිතුවේ නැ...
    දිගටම සබ් දෙමු... DC Universe සුපිරියට ගහනව Series...

  31. Charith Pramodya

    බොහොම ස්තූතියි සහෝ.. මග බලන් හිටියෙ.

  32. sathnuwan

    Thanks brother

  33. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට....
    ජය වේවා.!

  34. Maxx Dula

    ty

  35. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...එල ...

  36. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා............!

  37. Sandunprabath1230

    Thanks Machn

  38. Asitha.pramoth

    සුපිරියක් වගේ බං. දිගටම දෙමු

  39. Lasa_Sadaru

    ela

  40. denizshulz

    Mehemma Doom Patrol eke ithiri episode tikata sub damu.

  41. Dilanka Maduwantha

    සුපිරි බ්‍රෝ ..

  42. pcworldkatana

    thanx

  43. Milind@

    Thanks saho

  44. Iiiiiiooooo

    Sub ekata tnx bro❤️❤️

  45. chamee1234

    Niyamai ayiye Puluwan ikmanat ithuru sub ekath denna

  46. Kavishka_JR

    සබ් එකට තෑන්ක්ස්..

  47. shashika chamath 123

    supiri kathawa ayye,thanks......

  48. LVG98

    thanks

  49. Nimantha.Chathuranga

    TNx bro

  50. YasasPerera

    thanks bro

Load more comments