ඔන්න එහෙනම් Swamp Thing කතා මාලාවෙ දෙවන කොටසත් අරගෙන ආවා. වැඩිය පරක්කු නැතුව ඇති කියලා හිතනවා, මොකද කට්ටිය ආසාවෙන් බලන පාටක් තියෙන්නෙ. ඔව් DC Universe එකෙන් Titans වලට පස්සෙ මටත් හිතට අල්ලලා ගිය කතාවක්. Doom Patrol නම් එහෙමට සෙට් වුනේ නෑ ඩ්‍රාමා ගතිය වැඩි නිසා වෙන්න ඇති. ඒ වගේම තමා මේ සම්බන්ධයෙන් ක…

ඔන්න එහෙනම් Swamp Thing කතා මාලාවෙ දෙවන කොටසත් අරගෙන ආවා. වැඩිය පරක්කු නැතුව ඇති කියලා හිතනවා, මොකද කට්ටිය ආසාවෙන් බලන පාටක් තියෙන්නෙ. ඔව් DC Universe එකෙන් Titans වලට පස්සෙ මටත් හිතට අල්ලලා ගිය කතාවක්. Doom Patrol නම් එහෙමට සෙට් වුනේ නෑ ඩ්‍රාමා ගතිය වැඩි නිසා වෙන්න ඇති. ඒ වගේම තමා මේ සම්බන්ධයෙන් කියන්න කාරණා දෙක තුනක් තියනවා.
ගොඩක් අය මේ වෙනකොටත් දන්නවා ඇති Swamp Thing කතා මාලාව මුල් කොටස විකාශනය වෙලා සතියක් යන්නත් මත්තෙන් කැන්සල් කරලා දැම්මා. ඇත්තටම හොද ප්‍රතිචාර ලබපු මේ වගේ කතා මාලාවක් කැන්සල් කරපු එක ගැන නම් DC ෆෑන්ස්ලා වගේම භේදයකින් තොරව Swamp Thing කතා මාලාවට ආස කරපු ෆෑන්ලා ගොඩක් කණගාටු වෙනවා වගේම මේ ටිකේ වෝනර් බ්‍රෝලව පට්ට ගහනවා. ඔය අතරෙ කසු කුසුවක් යනවා HBO සහා CW චැනල් දෙක Swamp Thing ඊලග සීසන් එක කරන්න ගන්න බලන් ඉන්නවා කියලා. මේක තාම Confirm කරපු නිව්ස් එකක් නම් නෙවේ දන්න විදිහට. කොහොමත් CW ගන්නවට වඩා හොදයි කැන්සල් කරන එක. දන්නවනෙ CW ලගෙ ඇරෝවර්ස් එක කොහොමද කියලා. ඒ වගේම ඉස්සරහට එන්න තියන බැට් වුමන් සීරීස් එක වැඩිම ඩිස්ලයික් ගත්ත සීරිස් එකක් වෙලා තියනවා. HBO නම් අවුලක් නෑ.
ඊලගට මේක කැන්සල් කරන්න හේතුව හරියටම දන්නෙ නම් නැහැ, ඒත් එක එක කතා ෂෝසල් මීඩියා වල පැතිරෙනවා. සමහරු කියනවා බලාපොරොත්තු වුනාට වඩා වැඩි බජට් එකක් දාලා ෂූට් කරලා කියලා, තව බදු ගෙවන්න වුනාය කියලා. ඒත් එක්කම නිර්මාණ කරුවන් අතර ගැටුම්. ඒත් එක්කම මේ ගැටුම් වලට AT&T ලා WarnerMedia streaming service එකක් නිකුත් කරන්න ඉන්න එකත් බලපාලා කියනවා. ඔය තමා කැන්සල් කරන්න හේතු කියලා අන්තර්ජාලය පුරා යන දේවල්. කෝක හරිද දන්නෑ ඉතිං.
ඒ වගේම ඔයාලා දන්නවා ඇති කොටස් 13 ට ප්ලෑන් කරලා තිබ්බ කතාමාලාව කොටස් 10 ට අඩු කරපු කතාව. ඒ වගේම බුකියෙ(FB) එකෙ සමහරු කියලා තිබ්බා ආයෙ මේකෙ ඉතුරු එපිසෝඩ් DC Universe එකෙන් රිලීස් කරන්නෙ නෑ කියලා, ඒ වගේම තවත් සමහරු කියලා තිබුනා අගෝස්තු 2 දා ඊලග එපිය එන්නෙ කියලා. හොදයි ඔන්න එහෙනං අගෝස්තු එනවා කිව්ව එක කාටත් හොරා දැංම ඇවිත් තියනවා. ඒ වගේම ඉතුරු කොටස් විකාශනය නොකර ඉන්න කිසිම හේතුවක් නැහැ. එහෙම කලත් පාඩුව වෙන්නෙ එයාලට මිස අපිට නෙවෙයි. ඔය ටික තමා කියන්න ඕන වුනේ.
එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු.
ඇබි ආර්කේන් CDC එකට වැඩ කරන ඩොක්ටර් කෙනෙක්, ඒ වගේම ඇලෙක් හෝලන්ඩ් වගුරු බිමේ රහසක් ගැන හොයන කෙනෙක්. ඇබිට එයාගෙ උපන් නගරෙ සිද්දවෙන රෝගයක් සම්බන්ධව හොයන්න කාලෙකට පස්සෙ එන්න වෙනවා. ඒ අතරෙ තමයි ඇබීට ඇලෙක්ව හම්බවෙන්නෙ. මේ දෙන්නා එකතුවෙලා වගුරුබිමෙන් ත්වරකාරකයක් හොයාගන්නවා, පැලෑටි වල වර්ධනය වේගවත් කරන. ඒත් මේක කාගෙ වැඩක්ද කියලා එයාලා දැනන් හිටියෙ නෑ. ඒ අතරෙ තමයි ඇලෙක්ට වගුරු බිමෙන් පෙට්ටියක් හම්බවෙන්නෙ. ඒකෙ තියෙන්නෙ එයාල හොයාගත්ත රසායනික ද්‍රව්‍යට සමාන රසායනිකයක්. ඉතිං ඇලෙක් මේ වගේ ඉතුරු පෙට්ටි ටික හොයන් ගොඩ ගන්න යනවා. එතකොට මේ ව්‍යාප්තවෙන රෝගය නතර කරන්න පුළුවන් නිසා. හැබැයි නොසිතූ විදිහට ඇලෙක්ට එයාගෙ ජීවිතෙන් සමුගන්න වෙනවා. ඒ ඇලෙක්ට කෙනෙක් වගුරු බිමේදි වෙඩි තියපු නිසා. මේ සිද්දියෙන් පස්සෙ වගුරු බිමෙ පැලැටි වලින් ඇලෙක්ව ඔතා ගන්නවා. අන්තිමේ අපි දැක්කා පැලෑටි, වැල් වර්ග අනන් මනන් හැම දේකින්ම හැදුනු කෙනෙක් මතුවෙනවා. ඔන්න ඔහොම තමා කලින් කොටස අවසන් වුනේ. එහෙනම් අද කොටස බලන්න, පුළුවන් එක්මනින් තමා සබ් එක ගෙනාවෙ. මේත් එක්ක Swamp Thing වල මගෙ වැඩ අවසන්, ඊලග කොටස ආයෙම හසායියා ගෙනෙයි. එහෙනම් මං ගියා.
ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,243 downloadsDownload Swamp-Thing-2019-S01-E02.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
61 comments
Rashmina_Nurasha
Nuwandika Dilshan
Thanks bro. Digatama awoth digatama dei kiyala hithanawa. Elah
sandaruwan isuru
thanks bro.
Uvindu Dilshan
Sub ekata thankx brother
nirodha uthpala
Ambo me page eaka refresh karalamantha pa vela thiyenne ..thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahoooo sub ekata...
Kasu GTX
ela ela
lakshan.madhusankha1997
Thanks bro sub ekata..
Kanchana
Thanx saho
ranga11112
aka patta.... thnxxx saho...
bspavindu malitha
TnX 4 sub
Ravindu Rukshan
tahx
denizshulz
Sub ekata thanks. Digatama mehema sub karamu. Puluvannam DOOM PATROL eke ithiri episode tikata mehemma sub demu.
Pathmila_kushantha94
සුපිරි bro!
devil_11
Thx brother
LVG98
thankz
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
dx12
Thanks bro
Stranger
thanks
Chamodsathsara
Thkns brdh..patta
Iiiiiiooooo
Sub ekata tnx bro❤️
Nimantha.Chathuranga
Ela bro
Ayesh Prashan
Thank You.. RENEW WEWA kiyala hithamu
YasasPerera
thanks mchn...
Rumesh Asanka
thank you
Thaks bro... enakn bala idiye...
rashmika_jayasundara
Thank you
Charith Pramodya
ඉක්මණින්ම සබ් එක දුන්නට ගොඩක් ස්තූතියි... හදිස්සියට ආපු ගමන් සබ් එක ගත්තට කමෙන්ට් එකක් දාන්න අමතක උනානෙ.
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Thilankadissanayake
Thanks
kusal lakindu
ස්තූතියි.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..කොහොමත් හොද දේවල් බොහොම ඉක්මනට නැති වෙනවා බන්..ඒක සාමන්‍ය දෙයක් වෙලා තියෙන්නේ දැන්.. බුදුසරණයි...ජය වේවා!!!
Sandunprabath1230
Thanks Machan
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
අපරදේ මේක Cancel කරේ....
HBO එකෙන් ගත්තනම් හරි...නැත්තම් Netflix එකෙන් හරි...
CW නම් එපා...M.D.P.Fernando
Thanks
Kavishka_JR
සබ් එකට තෑන්ක්ස්..
ernga lakshan
ela kollo
rashmin
බොහොම ස්තුතියි සහෝ. ඩූම් පැට්‍රෝල් අන්තිම එපි තුනෙත් සබ් දාන්නකෝ...
Aloka
SUb ekata thankz...doom patrol eke anthima epi 3ta sub dannako..
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
dhanuteshi
tnx broo
psycho678
Sub ekata thanx
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා.......!
sanjaya madusanka palihakoon
Thanks bro..
s.s.m
tz sub ekata....
Thilini Hansani
3 එකටත් ඉක්මනට සබ් දෙන්න... පට්ට සීරීස් එක ❤
Nimantha.Chathuranga
e03 ekatath sub eka demu bro ඉක්මනින්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Maxx Dula
ty
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Swamp Thing (2019-) [S01: E02] Sinhala Subtitles | කලකම් පලදීම! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Swamp-Thing-Season-1.jpg)


THANKS bro!!!!!!!