මදිඅලගන් කෝටි 300ක් වැය කරලා ගරුඬා චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. හැබැයි අධ්‍යක්ෂක කියන්නෙ චිත්‍රපටියේ වියදම කෝටි 200කට වත් ලං වෙන්නෙ නැහැ කියලයි. ඒ වගේම මදිඅලගන් කටට එන හැම බොරුවක්ම කියලා සිනමාව ව්‍යාපාරයක් කියලා විතරක් හිතාගෙන ලැබෙන හැම අවස්ථාවකදිම චිත්‍රපටියෙන් මුදල් ගරා ගන්නයි උවමනා වුණේ. මදිඅලගන්…

මදිඅලගන් කෝටි 300ක් වැය කරලා ගරුඬා චිත්‍රපටය නිෂ්පාදනය කරනවා. හැබැයි අධ්‍යක්ෂක කියන්නෙ චිත්‍රපටියේ වියදම කෝටි 200කට වත් ලං වෙන්නෙ නැහැ කියලයි. ඒ වගේම මදිඅලගන් කටට එන හැම බොරුවක්ම කියලා සිනමාව ව්‍යාපාරයක් කියලා විතරක් හිතාගෙන ලැබෙන හැම අවස්ථාවකදිම චිත්‍රපටියෙන් මුදල් ගරා ගන්නයි උවමනා වුණේ. මදිඅලගන් චිත්‍රපටයට යෙදවීමට ණය අරගෙන තියෙන්නෙ ඉතාමත් දැඩි, අනුකම්පා නැති මූල්‍ය සම්පාදකයෙක්ගෙන්. ඉතින් මේ ගරුඬා චිත්‍රපටය යම් විදිහකින් ටැමිල් රොකර්ස් හරහා පිට වුණොත් ව්‍යාපාර කටයුතු වලට දැඩිවම බලපානවා.සියදිවි නසා ගැනීම ඇරෙන්න වෙනත් විකල්පයක් නැහැ කියලයි නිෂ්පාදක මදී කියන්නෙ. ඇත්තම කාරණාව චිත්‍රපටියක් හොර ක්‍රමයකින් පිට කලාම නිෂ්පාදකට විතරක් නෙවෙයි, ඒ චිත්‍රපටියෙ නිෂ්පාදනයට සම්බන්ධවන සුළු සේවකයාටත් බලපානවා. මොකද චිත්‍රපටයෙන් වෙන පාඩුව පිරිමසා ගන්නේ වැඩිම මුදල් අයකරන නළු නිළියන්ගෙන් නෙවෙයි. නිෂ්පාදනයට සම්බන්ධවන සේවකයන්ගෙ වැටුප්/ වේතන වලින්.
රුද්‍රාගේ කීම පරිදි මදීගේ උදව්වෙන් කඩ වීදියෙ තිබුණ හොර සීඩී කඩවලට අදිරඩි ස්ටාර්ගෙ රසිකයින් දම්මලා ප්‍රහාරයක් එල්ල කරනවා. සැලසුම් කල විදිහටම ඒ ප්‍රහාරයෙන් කලබලයක් ඇති වෙනවා. රසිකයින් හා හොර සීඩි කඩවල කීපදෙනෙක් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීම් කරනවා. කොහොම නමුත් පොරොන්දු වුණ විදිහටම රසිකයින්ව නිදහස් කරනවා. සීඩී කඩ හිමියන්ගෙන් දිගටම ප්‍රශ්න කිරීම් කරද්දී පාවඩෛ නැමැත්තෙක් ස්ව කැමැත්තෙන් පාපෝච්චාරණයට ඉදිරිපත් වෙනවා. පාවඩෛ ටැමිල් රොකර්ස් කණ්ඩායමේ කෙනෙක් නොවුනත් එහි ප්‍රධානීන්ට වඩාත් සමීප කෙනෙක්. පාවඩෛ ටැමිල් රොකර්ස් කණ්ඩායමේ නායකයා වූ දයාලන්ට පියා වැනි වූ පුද්ගලයෙක්. ඒ වගේම දයාලන්, චින්නා, සූසයි, කුමාර් යන අය දයාලන් යටතේ වැඩ කරන අය වුණා. එයාලා හොරට චිත්‍රපටි සීඩී කොපි ගසා විකුණන ව්‍යාපාරයක නිරත වූවා. මෙයාලා තාක්ෂණයත් එක්කම දියුණු වෙද්දි, තාක්ෂණික පැත්ත ගැන හොඳට දන්න චින්නා ටැමිල් රොකර්ස් කියන වෙබ් සයිට් එක නිර්මාණය කරනවා. ටැමිල් රොකර්ස් වෙබ් අඩවියට චිත්‍රපට අප්ලෝඩ් කර ඒ චිත්‍රපට නොමිලේ ඔන්ලයින් නැරඹීමට පහසුකම එමඟින් ලබා දී තිබුණා.
මේ අතරෙදි තමයි එකල මදිඅලගන් සේවය කල නිෂ්පාදකවරයාගේ “මෙට්ටු පොඩු” චිත්‍රපටිය වෙළඳපලේ විකිණෙනවා කියන ආරංචිය ගැන හොයලා බලන්නෙ. දයාලන්ගෙ කඩේ මේ සීඩී එක විකුණද්දි අතටම අල්ලගන්නට මදීට හැකි වෙනවා. මදී පිරිස අරගෙන ඇවිත් දයාලන්ගෙ කඩේ කුඩු කරලා දානව. මනමාලිය බලන්න ගිය දයාලන් කඩේ කුඩු කරනවා කියලා දැනගන්න ලැබිලා කඩේට එනවා. දයාලන් එනකල් බලාගෙන හිටිය මදී දයාලන්ව අල්ලාගෙන හොඳටම ගහනවා. අවුරුදු 15කට විතර පස්සෙ අදටත් ඒ කැලල නළලේ තාම තියෙනවා. ඉන් පස්සෙ පොලිසිය දයාලන්ව අත්අඩංගුවට අරගෙන ගෙනිහින් තවත් මදි නොකියන්නම බැටන් පොලු පාරවල් දීලා දයාලන්ව එලියට දාන්නෙ. ඒ වගේම දයාලන්ගෙ කඩේ වැඩ කරපු කුමාර්ව මදිඅලගන්ගේ අතින් මිය යනවා. හදිසි අනතුරක් කියලා පරීක්ෂණය වහලා දානවා. දයාලන්, සූසෛ, චින්නා මේ තුන්දෙනාටම මල්ලි කෙනෙක් වුණ කුමාර් වෙනුවෙනුත්, මදි අලගන් කල ලැජ්ජාව, හානිය වෙනුවෙන් පළිගන්න එදා හිතා ගන්නවා.
පාපෝච්චාරණය කරන පාවඩෛගෙන් රුද්‍රා එයාගේ බිරිඳව පැහැර ගැනීම ගැන ටැමිල් රොකර්ස් සම්බන්ධයි ද කියලා ඉඟි වලින් ප්‍රශ්න කරනවා. ඒත් ටැමිල් රොකර්ස්ලා චිත්‍රපටි කොල්ල කෑම ඇරෙන්න වෙනත් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නැහැ කියලයි පාවඩෛ කියන්නෙ.
ඇමරිකාවේ ඉඳන් ආව දයාලන් මේ වෙද්දි ආන්ද්‍රා සීමා මායිම ආසන්නයේ ගොඩනැගිල්ලක චිත්‍රපට අප්ලෝඩ් කරමින්, අනෙකුත් සුපුරුදු වැඩ කටයුතු කරගෙන යනවා. කලෑ ප්‍රදේශයක් නිසාම එම ප්‍රදේශයේ විදුලිය නිතරම ඇණ හිටිනවා. ජෙනරේටර් තියෙන නිසා ඩීසල් ගෙන්වාගෙන තමයි විදුලිය සපයා ගන්නෙ. තමිල් රොකර්ස්ලට වැඩ කරමින් හිටිය අදිරඩි ස්ටාර්ගෙ රසිකයෙක් හෘද සාක්ෂියට එකඟව මේ වැඩේ කරන්න බැරි නිසා ACP රුද්‍රාට සියලු විස්තර පාපොච්චාරණය කරනවා. බොහෝ දුරට සියලු විස්තර දැන සිටින රුද්‍රාගේ කණ්ඩායම රසිකයාගේ විස්තර අනුව දයාලන්ව හසු කරගැනීමට සැලසුමක් දියත් කරනවා.
3, 4 කොටස් කිව්වා වගේම ඔෂධ ධනංජය සහෝදරයා ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. නොයෙක් වැඩ රාජකාරි මැද්දෙ තමයි එයා උපසිරැසිය නිමා කරලා දුන්නෙ. 5 කොටසින් රවිඳු හේෂාන් සහෝදරයා ඔයාලව හමුවුණා. ඉතින් මම මේ කතා මාලාවට අරගෙන එන අවසාන උපසිරැසිය. ආයෙත් 7, 8 කොටස් වලින් හේෂාන් සහෝදරයා ඔයාලව හමුවෙනවා. ඒ සහෝදරයින් දෙන්නටත් ස්තූති කරනවා. ඉතින් ඔයාලගෙ වටිනා අදහස් පහළින් කමෙන්ට් එකක් දාලා සඳහන් කරන්න. අඩුපාඩු තියෙන්නත් පුළුවන් ඒ ගැනත් සඳහන් කරන්න අපිට හදාගන්න. එහෙනම් බයිස්කෝප් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ස්තූතියි! හැකි ඉක්මනින්ම ආයෙමත් උපසිරැසියකින් හමුවෙන්නම්.
බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
1,150 downloadsDownload Tamil-Rockerz-S01-E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
6 comments
Kantha_DLA
Anonymous
Thanks for sub
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tamil Rockerz [S01 : E06] Sinhala Subtitles | හෘද සාක්ෂිය සහ පාවා දීම. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/Tamil-Rockerz-2022–-.jpg)


ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
නියම සිංහලයන්ගේ සිරිතකි ........!!