Watch Trailer

Tangled: The Series [S01 : E03] Sinhala Subtitles | xx ෆිට්ස්හර්බට් xx [සිංහල උපසිරසි සමඟ]

හොදයි පසුගිය කොටස බලලා විනෝදවෙන්න ඇති කියලා හිතනවා. කාටුන් නම් ඉතිං මේවා තමයි. අන්තිම කොටස බැලුවේ ඊයේ වුනත්, කෝකටත් පසුගිය කොටසේ සිදුවීම් මතක කරගනිමුනේ. පසුගිය කොටසින් රපන්zසල්ට හමුවුනා මතක ඇති කියලා හිතනවා එයාට ගොඩක් වෛර කරන සුන්දර මනුස්සයාව. ඇත්තම කිව්වොත් රපන්zසල්ට මුළු කොරෝනාවේම ඉන්න මිනිස්සු ආ…

හොදයි පසුගිය කොටස බලලා විනෝදවෙන්න ඇති කියලා හිතනවා. කාටුන් නම් ඉතිං මේවා තමයි. අන්තිම කොටස බැලුවේ ඊයේ වුනත්, කෝකටත් පසුගිය කොටසේ සිදුවීම් මතක කරගනිමුනේ. පසුගිය කොටසින් රපන්zසල්ට හමුවුනා මතක ඇති කියලා හිතනවා එයාට ගොඩක් වෛර කරන සුන්දර මනුස්සයාව. ඇත්තම කිව්වොත් රපන්zසල්ට මුළු කොරෝනාවේම ඉන්න මිනිස්සු ආදරය කලා වුනත්, රසකැවිලි කඩේ මොන්ටි මාමා එයාට වෛර කරනවා. ඒකට හේතුව තමයි රපන්zසල් ආවට පස්සේ මාළිගාවම වෙනස් වෙච්ච එක. රපන්zසල් කියන්නේ සපත්තු දාන්නේවත් නැති හරිම සරළ ගෑනු ළමයෙක්. එයා හැමෝටම ආදරය කරනවා. එයා ආවට පස්සේ බාර් වල ඉන්න මැරයින්ට දෙවනි අවස්ථාවක් ලැබිලා එයාලට අලුත් වැඩ කරන්න ලැබෙනවා. හැබැයි මොන්ටි මාමා කියන්නේ සාම්ප්‍රදායික මනුස්සයෙක්. එයා වෙනස්වීම් වලට කොහෙත්ම කැමති නැහැ. ඉතිං රපන්zසල් උත්සහ කරන්නේ මේ මොන්ටි මාමාගේ හිත දිනාගන්නයි. ඒ අතරේ ගෝෆර් අල්ලා ගැනීමේ තරඟය ගැනත් මතක ඇති කියලා හිතනවා. අන්තිමට රපන්zසල්ට පිළිගන්න සිදුවුනා හැමෝම එයාට කැමති වෙන්න ඕන නැහැ කියලා. අපේ ජීවිත වල අපිට ඕන දේවල්ම විතරක් ලැබෙන්නේ නැහැ කියලා.

එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි ප්‍රධානවම ඉයුජීන් ෆිට්ස්හර්බට් ගැන තමයි තියෙන්නේ. කැසැන්ඩ්‍රා සහ ඉයුජීන්ගේ පුංචි පුංචි රන්ඩු ඔයාලට මතක ඇතිනේ. මම නම් කැමතිම ඒ කොටස් වලට තමයි. ඉතිං අද කැසැන්ඩ්‍රා ඉයුජීන්ට අභියෝග කරනවා එයා කිසිම දෙයක් කරන්නේ නැති කෙනෙක් කියලා. ඉතිං ඒක වැරදියි කියලා ඔප්පු කරන්න ඉයුජීන් ෆිට්ස්හර්බට් අද ගොඩක් උත්සහ කරනවා. එයා රැකියා ගනනාවක්ම කරනවා. ඉතිං එයාට සුදුසු රැකියාව හමුවෙයිද…? ඒ වගේම අද රපන්zසල් කුමරිය එයාගේ රාජකීය ප්‍රතිමූර්තියට සූදානම් වෙනවා. හොදයි එහෙමනම් කතාව බලන්නකෝ. මීළඟ කොටසින් හමුවෙමු

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.

856 downloadsDownload Tangled-The-Series-S01E03.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

856 downloadsDownload Subtitles21 KB

9 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. nirodha uthpala

    Thx for sub sis digatama denna labeva keya hadavatinma partana karanava sis obata jaya

  3. Jeewaka Sandaruwan Perera

    Good Job Guys. Keep it up.
    Thank you Verry much.

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  5. Prabhath

    Supiri....Thank You....!!!

  6. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය වේවා...!

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අක්කේ උපසිරැසට..!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dushan Tharuka

    Thanks