Watch Trailer

Taskaree: The Smuggler’s Web [S01: E04] Sinhala Subtitles | දිගුදුර මෙහෙයුම [සිංහල උපසිරසි]

Taskaree: The Smuggler’s Web S01 Sinhala Subtitles සුභ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම! අද මම අරගෙන ආවේ 2026 අවුරුද්දේ අලුතින්ම නිකුත් වුණු Crime, Thriller කුතුහලය පිරුණු රසිකයන්ට මගහැරගන්නම බැරි අතිශය ඇබ්බැහිවන සුළු වෙබ් කතාමාලාවක්. සාමාන්‍යයෙන් අපි දකින හොරුයි පොලිසියයි අතර තියෙන සටනට වඩා එහා ගිය, ගුව…

Taskaree: The Smuggler’s Web S01 Sinhala Subtitles

සුභ දවසක් බයිස්කෝප්වාසී හැමෝටම! අද මම අරගෙන ආවේ 2026 අවුරුද්දේ අලුතින්ම නිකුත් වුණු Crime, Thriller කුතුහලය පිරුණු රසිකයන්ට මගහැරගන්නම බැරි අතිශය ඇබ්බැහිවන සුළු වෙබ් කතාමාලාවක්. සාමාන්‍යයෙන් අපි දකින හොරුයි පොලිසියයි අතර තියෙන සටනට වඩා එහා ගිය, ගුවන් තොටුපොළක රේගු නිලධාරීන් සහ මහා පරිමාණ ජාවාරම්කරුවන් අතර සිදුවන සූක්ෂම බුද්ධිමය සටන ඉතාම තාත්විකව මේ කතාමාලාව පුරාවට දිගහැරෙනවා. එහෙනම් කතා මාලාව හා බැඳුනු අනිකුත් විස්තරය දෙසට අවදානය යොමුකරමු.

නීරාජ් පාන්ඩේ කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ Special 26, A Wednesday, Baby, Special Ops වගේ කුතුහලය පිරි තිබු නිර්මාණනේ. ඉතින් එතුමාගේ අධ්‍යක්ෂණයෙන් 2026 ජනවාරි 14 වැනිදා නිකුත් වූ මේ වෙබ් කතාමාලාවත් ඒ හා සමානයි. මොහොතකටවත් ඇස් ඉවතට ගන්න බැරි විදියේ කතාවක් කියලා බය නැතුව කියන්න පුළුවන්.මෙම වෙබ් කතාමාලාවේ ප්‍රධාන චරිත සඳහා ඉම්රාන් හෂ්මි, ශරද් කේල්කාර් සහ නන්දිශ් සන්ධු යන රංගන ශිල්පීන් සිය දායකත්වය ලබා දී තිබෙනවා. 2026 ජනවාරි 14 වැනිදා නෙට්ෆිලික්ස් ඔස්සේ මුදා හැරුණු මෙම නිර්මාණය මේ වන විට IMDB දර්ශකයේ 7.6 ක වැනි ඉහළ අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. මෙහි ඇති විශේෂත්වය නම් අනවශ්‍ය වීරකම්වලට වඩා සැබෑ ලෝකයේ රේගු වැටලීම් සහ ජාත්‍යන්තර ජාවාරම් සිදුවන ආකාරය ඉතාම සියුම්ව කුතුහලය පිරුණු කතාංග කිහිපයකින් ඉදිරිපත් කර තිබීමයි.

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කියන්නේ දිනකට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගැවසෙන විශාල පර්යන්තයක්. මේ ජනාකීර්ණ බවට මුවා වෙලා රත්තරන් සහ මත්ද්‍රව්‍ය වැනි තහනම් ද්‍රව්‍ය රට තුළට රහසින් ගෙන එන ජාවාරම්කරුවන්ගේ මහා පරිමාණ ජාලයක් ක්‍රියාත්මක වෙනවා. මෙහි මහමොළකරු වෙන්නේ බඩා චෞද්රි නම් වූ ජාවාරම්කරුවෙක්. මේ ජාවාරම මැඩපැවැත්වීම සඳහා රේගු නිලධාරි අර්ජුන් මීනා ප්‍රමුඛ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුම් ආරම්භ කරනවා.නමුත් මොවුන්ට මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍ය අපරාධකරුවන්ට නෙවෙයි, පද්ධතිය ඇතුළෙම ඉන්න දූෂිත නිලධාරීන්ගේ සහය ලබන සූක්ෂම ජාවාරම්කරුවන් පිරිසකටයි. තමන්ගේ ජීවිත පවා පරදුවට තබමින් මේ මකුළු දැල පටලවා ගන්නේ නැතිව ඔවුන් මේ මහා මෙහෙයුම අවසන් කරන්නේ කොහොමද කියලා දැනගන්න නම් මේ කතාමාලාව නරඹන්නම වෙනවා.

මේ අවුරුද්දේ ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ කතා මාලාවක් තමයි Taskaree. කුතුහලය අන්තිම තත්පරය වෙනකම්ම තියාගන්න මේ කතාව සිංහල උපසිරැසිත් එක්ක අදම නරඹන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. කතාව නරඹලා ඉවරවෙලා ඔයාලගේ අදහස් පහළින් කමෙන්ට් කරලා යන්නත් අමතක කරන්න එපා. මෙවැනි කර්තෘව්‍යයන් කිරීමට එය අපට මහත් දිරිගැන්වීමක් වේවි. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු!

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!

Taskaree: The Smuggler’s Web S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

547 downloadsDownload Taskaree-The-Smuggler_s-Web-S01E04.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Taskaree: The Smuggler’s Web S01 Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

547 downloadsDownload Subtitles17 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි තරිදු අයියේ උපසිරැසියට

  2. Sahan Gayantha

    thanks a lot Tharindu saho sub ekata