Watch Trailer

Tatsuki Fujimoto 17-26 [S01: E01 & E02] Sinhala Subtitles | වෙස් මාරු කළ පිටසක්වළයා [සිංහල උපසිරසි]

Tatsuki Fujimoto 17-26 Season 01 Sinhala Subtitles Tatsuki Fujimoto කියල කිව්වම හුඟක් ඇනිමෙ රසිකයන්ට මතක් වෙන්නෙ Chainsaw Man ඇනිමෙ එක. එක්කො නැත්නම් Chainsaw Man කියල කිව්වම Tatsuki Fujimoto ව මතක් වෙන්නත් පුලුවන්. මොකද Tatsuki Fujimoto තමයි Chainsaw Man manga එකේ කතුවරයා වෙන්නෙ. අමුතුම Art Style…

Tatsuki Fujimoto 17-26 Season 01 Sinhala Subtitles

Tatsuki Fujimoto කියල කිව්වම හුඟක් ඇනිමෙ රසිකයන්ට මතක් වෙන්නෙ Chainsaw Man ඇනිමෙ එක. එක්කො නැත්නම් Chainsaw Man කියල කිව්වම Tatsuki Fujimoto ව මතක් වෙන්නත් පුලුවන්. මොකද Tatsuki Fujimoto තමයි Chainsaw Man manga එකේ කතුවරයා වෙන්නෙ. අමුතුම Art Style එකක් සහ Story එකක් එක්ක අරන් ආපු Chainsaw Man මෑතකාලීන ඇනිමෙ ලෝකයේ බෙහෙවින් ජනප්‍රිය වුනා. ඉතින් මේ අරන් ආවෙ ඒ Tatsuki Fujimoto ගෙම තවත් වැඩක්. හැබැයි මේක Chainsaw Man වගේ නම් නෙමෙයි. ඊට වඩා හුඟක් වෙනස් කතාවක්. ඔයාට මතකයි නම් නරඹල තියෙනව නම් Netflix ඔස්සේ නිකුත් කරපු Love Death Robots ඇනිමේෂන් සීරීස් එක, මෙන්න මේ ඇනිමෙ සීරීස් එකත් අන්න ඒ වගේ කතාවක් කියල කිව්වට වරදක් නෑ. පොඩ්ඩක් වත් කම්මැලි නැති හැම අතින්ම හොඳම නියම කතාවක්.

Chainsaw Man හි කතුවර Tatsuki Fujimoto විසින් Tatsuki Fujimoto Before Chainsaw Man කියල නම් කරපු Volumes 2 කින් යුතු One Shot Manga එක ඇසුරෙන් තමයි මේ Tatsuki Fujimoto 17-26 ඇනිමෙ සීරිස් එක නිර්මාණය වෙන්නෙ. තමන්ගේම නමින් නම් කරපු මේ කතාවට 17-26 කියල දාල තියෙන්නෙ ඇයි? ඒකට හේතුව තමයි Tatsuki Fujimoto තමන් වයස අවුරුදු 17 ඉඳල 26 වෙනකල් නිර්මාණය කරපු Manga stories මේ කතාවට යොදා ගෙන තියෙන එක. ඒ කතාවන් වල පන්නරය Chainsaw Man කියන අපූරු නිර්මාණය නිමවෙන්න හේතු උනා කියලයි සඳහන් වෙන්නෙ. ඒ වගේම මේ ඇනිමෙ එක Anthology Series එකක් වෙනවා. එතකොට Anthology Series එකක් කියල කියන්නෙ? ඒ කියන්නෙ හැම කොටසකම එකිනෙකට වෙනස් ස්වයං අන්තර්ගතයක් අඩංගු කතාවක් කියන එක. ඒ අනුව සීරීස් එකේ කොටස් එකිනෙකට සම්බන්ධ වෙන්නෙ නම් නෑ.

One Shot Manga Volumes 2

2025 නොවැම්බර් මස 7 වනදා නිකුත් වුනු Tatsuki Fujimoto 17-26 ඇනිමෙ සීරීස් එක IMDB දර්ශකයේ 8.0 ක අගයක් සහ MyAnimeList දර්ශකයේ 8.1 ක අගයක් ලබාගෙන තියෙනවා. Action, Comedy, Drama, Supernatural, Romance, Sci Fi කියන Genre වලට අයත් වෙන මිනිත්තු 12 ත් 22 ත් අතර දිවෙන කොටස් 8 කින් මේ සීරීස් එක සමන්විත වෙනවා. එකිනෙකට සම්බන්ධ නැති ෆැන්ටසි 8 ක් අපිට දකින්න ලැබෙන මේ කතාවේ ඇනිමේෂන් නිර්මාණය කරන්නෙත් එකිනෙකට වෙනස් ස්ටූඩියෝ 6 ක් විසිනුයි. P.A. Works, Zexcs, Lapin Track, Studio Kafka, 100studio, Studio Graph77 තමයි ඒ ස්ටූඩියෝ හය. Music ගැන කිව්වොත් ඒකත් කතා 8 ට ආවේණික රසයන්ගෙන් යුතු වෙනවා.

ඉතින් මේ ඇනිමෙ සීරීස් එක පටන් ගන්නෙ පිටසක්වළයන් පෘථිවිය ආක්‍රමණය කරපු කාලයක. ඒ වගේම මිනිස්සු වඳවී ගෙන යන කාලයක යන කතාවක් විදිහට. මේ අනුව මිනිස්සු වෙනුවෙන් කවුරුවත් නැති මොහොතක එක පිටස්තරයෙක් මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියොත්? එහෙම වුනොත් ඒ මොන වගේ හේතුවකටද? වැඩි දෙයක් කියන්නෙ නෑ. බලන්න කතාව. කිව්වත් වගේම මේක එකිනෙකට වෙනස් කොටස් 8 කින් සමන්විත කතාවක් නිසා එකිනෙකට වෙනස් රසයන් 8 ක් අපිට රසවිඳින්න පුලුවන්. හැම විදිහකම හැඟීම් එක්ක එක එක විදිහෙ අධිමානුෂික, අධිස්වාභාවික ෆැන්ටසීන් මේකට ඇතුළත් වෙනවා. ඒ වගේම සමහර කොටස් වල වැඩිහිටියන්ට විතරක් සුදුසු දර්ශන වගේම දෙබස් ඇතුළත් වෙනවා. ඒ එක්කම මේ කතාව කොහොමවත්ම ඔයාව පසුබෑමකට ලක් නොකරාවි.

මේ කතාවට සිංහල උපසිරැසි නිර්මාණය වෙන්නෙ Tatsuki Fujimoto 17-26 S01 Season 1 2025 1080p AMZN WEBRip AAC5.1 10bits x265-Rapta කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට ගැලපෙන විදිහටයි. ඉතින් රසවිඳින්න මේ අමුතුම Anthology ය. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

Tatsuki Fujimoto 17-26 Season 01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

152 downloadsDownload Tatsuki-Fujimoto-17-26-s01-e01-e02-Sinhala-Subtitles.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles

152 downloadsDownload Subtitles20 KB

0 comments

No comments yet.