කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් රැගෙන ආවා කට්ටිය නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටිය THE 100 කතාමාලාවේ පස්වැනි සමයේ පස්වන කොටස. මේ කොටස රැගෙන එන්න සෑහෙන්න පමා උනා නෙව. ඒ කතාවලින් කාරී නෑ. එහෙනම් අපි බලමු මේ කොටසේ මොකක්ද වෙන්නෙ කියලා. ගිය සතියේ අපට දැකගන්න ලැබුනා බෙලමි හිරකාරයන්ව බය කරගෙන තමන්ගෙ වාසියට යොදා…

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් රැගෙන ආවා කට්ටිය නොඉවසිල්ලෙන් මග බලාගෙන හිටිය THE 100 කතාමාලාවේ පස්වැනි සමයේ පස්වන කොටස. මේ කොටස රැගෙන එන්න සෑහෙන්න පමා උනා නෙව. ඒ කතාවලින් කාරී නෑ. එහෙනම් අපි බලමු මේ කොටසේ මොකක්ද වෙන්නෙ කියලා.
ගිය සතියේ අපට දැකගන්න ලැබුනා බෙලමි හිරකාරයන්ව බය කරගෙන තමන්ගෙ වාසියට යොදාගන්නවා. ඒ අනුව ඔවුන්ගෙ සහයද ඇතුව බෙලමිට හැකියාව ලැබුනා බංකරේ ඇතුළට ගිහින් බංකරේ හිටිය හැමෝවම පාහේ නිදහස් කරගන්න. ඉතින් ඒ දේවල් එහෙම වෙන අතරේ හිරකාරයො උත්සහ දැරුවෙම රේවන්ගෙ අතේ තියෙන හිමායන කුටීරවල පාලනය ආපහු තමන්ගෙ අතට ලබාගන්නයි. ඒත් රේවන් කෙල්ලගේ දක්ෂතාවය නිසාම ඒ කටයුත්ත ලේසිපාසු කාරියක් උනේ නෑ… ඒත් කොහොමින් කොහොමහරි උත්සාහවන්තයා ජය ගනී කියන්නාත් වගේ ෂෝට හැකියාව ලැබුනා යානයේ පාලනය යළි ලබාගන්න.
ඉතින් යානයේ පාලනය හිරකාරයන්ට ලැබුනාත් සමගම පාහේ ඩියෝසා තීරණය කරනවා බෙලමිත් එක්ක ඇති කරගත්ත එකගතාවය කඩලා දාන්න. ඒ අනුව ඩියෝසා ඇබිවත් අරගෙන ආපහු නිම්නයට එන්න කියලා තමයි උත්සහ කලේ. ඒත් ඒ එක්කම ඇතිවෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ හිරකාරයෙක් එල්ල කරන ප්‍රහාරයක් නිසා යුදමය වාතාවරණයක් නිර්මාණය උනා කිව්වොත් නිවැරදියි.
ඉතින් අද කොටසෙන් දැකගන්න පුළුවන් පලිගැනීමේ ආසාවෙන් ඉන්න ඔක්ටේවියා ගෝත්‍රයෙ සෙබළුන් 50ක් ද සමගින් නිම්නයට එනවා. ක්ලාක් සහ බෙලමි දෙන්නා දැඩි ලෙස මේකට විරුද්ධත්වය ප්‍රකාශ කළත් ඒ කිසිමදෙයක් ඔක්ටේවියා කනකටවත් ගන්නෙ නෑ. කොහොමහරි කාන්තාරය හරහා එන ගමනෙදි ක්ලාක් කියන විදිහට දරුණු වැලි කුණාටුවලට පවා මුහුණ දෙන්නට වෙනවා. ඒ වගේම අද අපට දැක බලාගන්න පුළුවන් ප්‍රයම්ෆායාගෙන් පසුව විනාශ වූ ලෝකයේ අලුතින් බිහිවෙලා/හටගෙන ඇති දේවල් එහෙමත්. ඉතින් ඔය අතරේ ඩියෝසා ඇබිට පවරනවා යානයේ කෙනෙක්ගේ රෝගයක් ගැන හොයන්න කියලා. ඒ වගේම තමයි රේවන් සහ මර්ෆි දෙන්නට සෑහෙන්න වද දෙනවා මිසයිල ලොක් කෙරුව එක ගැන අහගන්න. රේවන් කියන්නෙම එයා එහෙම දෙයක් කලේ නෑ කියලම තමයි. රේවන් එහෙම දෙයක් කෙරුවෙ නැත්නම් එහෙම කරන්න ඇත්තේ වෙන කවුද කියලා කට්ටියට හිතාගන්න පුලුවන්නෙ..
හරි එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. අන්තර්ජාලයේ සදහන් වෙන ආකාරයටනම් ලබන සතියේ කොටස විකාශය වෙන්නෙ නෑ.. ඒ කියන්නෙ 06වැනි කොටස ආපහු එන්නෙ ජූනි 05වැනිදා.. එසේනම් 06වැනිදා උපසිරසියත් සමගින් හමුවෙන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
33,333 downloadsDownload The-100-S05-E05.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
147 comments
nkrtharinda95
Harindra kumara
Ko aiye supergirl sub eks
jmdrk
හම්මෝ එනකම් බලන් හිටියේ බොහොම ස්තුතියි සහෝ, ජය වේවා!
dileepa dilshan
thnz mchn sub ekata....elaaa
dsdkavishka
Thenks bro sub ekata
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
සබ් එක එනකම් බලන් ඉදල ඉදල බලල ඉවර උනා විතරයි....අපරාදේ...supun madushanka Fernando
Thanks bro sub ekata,eth adanam godak parakkui..
Chathukandy
Thanks bro sub ekata...
Vimukthi
Onna ehenm bewa, thankz bro!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
Dileepaweragala
hamme athi yaantham..thaxx machoo sub ekata
eranganay
Thanks machan. sub eka edama denna puluwan taram try karapan hode
kasunlakshitha
Ammo elam ah
Dhammika
Obata Bohoma Pin Me Karanna U Sewayata.
Obata Yahapathakma Wewa!harshahjk
ස්තූතියි මධුක සෑහෙන වාර ගනනාවක් ඇවිත් බැලුවා සබ ඇවිල්ලාද කියලා. එහෙනම් ඔන්න ගත්තා ජයවේවා
Kavinda Buddhika
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට... ජය වේවා..
asanka_mapa
thanks bro.....
උදයංග සම්පත් හතරසිංහ
අම්මෝහ් ස්තූතියි මචං.. සතියක් තිස්සෙ දහස් වතාවක් විතර ඇවිල්ල බැලුව මේක දැන් දාල ඇති කියල හිත හිතා.. ජය වේවා හොඳේ..
Nimesh sasanka
thanxx saho
Chathuka
amoo ela ela enakan balagena hetiye tnx
Namalsri
Thanxs macho.peyen peyata awith beluwa sub danakan
Kapila4499
thank for sub..............
nimanaka
thanks brother
Kasun4u
Thak you machan...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dk
Thnx saho sub ekt,
Krishantha.ab
Tnx Bro
Sajith0404
Thans broo sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයkalugalla
Late unata awulak ne tnqqqq godk sub 1 ya
Kavinda Athukorala
මෙන්න දාලා පට්ට පට්ට පරක්කු උනාට අවුලක් නෑ
Gayathra
tnx saho sub ekata. anakm balagena hitiye...
බොබී
අපි වෙනුවෙන් කාලය වැය කරලා සබ් දෙනවට බොහොම ස්තූතියි.
Udara Damith Dissanayaka
එල එල
ඔයාලගේ ඉන්න පැත්තට ගැන වතුර එහෙම නෑ නේද
පරිස්සමින් ඉන්da.සුබ දවසක්thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.........
lokumannage
ela ela...jayawewa....
muditha.rukmal
tnz bro
Sanath Indika
thx broo
Subhash13
සුපිරිම බන්..
Thilesh De Silva
Thank you very much for the subtitle
Nadeesha rox alahakoon
Tnx bro sub akata
Dinusajith5
ammo ati yntn ....dws gnk bln htiy sub ekt..tnx bro
nishiperera
Thnks bro....
Mahesh Lakshan
Sub eka late hind berima tena poddk beluwath ekka Sub ekata thankz. .
Batzi
වෙලාගිහින් හරි කමක් නෑ මෙම දෙන එක ලොකු දෙයක් සහො සබට තුතී
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Navoo
Thanks broo...
Navi1996
හම්මේ....ඊයේ ඉදන් බලන් හිටියේ..බොහොම ස්තුති
Warunajeewantha
thank saho
Laky94
සබ් එකට Thnx මචෝ. පරක්කු උනාට අව්ලක් නෑ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thankyou For Sub