Watch Trailer

The Adventures of Sherlock Holmes [S01 : E03] Sinhala Subtitles |නාවික ගිවිසුමේ අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනව ඔයාල මේ වෙනකොට ෂර්ලොක් හෝම්ස් මුල් කතා දෙක බලන්න ඇති කියල. “අයරින් ඇඩ්ලර්” සහ”නැට්ටුවන්ගේ අභිරහස් පෙරහැර” කියන කතා දෙක. මතකනෙ ඒවගෙදි ෂර්ලොක් හෝම්ස් අභිරහස් විසඳපු හැටි… ඒ කොටස් නරඹද්දි ෂර්ලොක් හෝම්ස් කියන චරිතය ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියල මම විශ්වාස කරනව. ෂර්ලොක් හෝම්ස්ගේ ස්ථානෝචිත ප…

මම හිතනව ඔයාල මේ වෙනකොට ෂර්ලොක් හෝම්ස් මුල් කතා දෙක බලන්න ඇති කියල. “අයරින් ඇඩ්ලර්” සහ”නැට්ටුවන්ගේ අභිරහස් පෙරහැර” කියන කතා දෙක. මතකනෙ ඒවගෙදි ෂර්ලොක් හෝම්ස් අභිරහස් විසඳපු හැටි… ඒ කොටස් නරඹද්දි ෂර්ලොක් හෝම්ස් කියන චරිතය ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියල මම විශ්වාස කරනව. ෂර්ලොක් හෝම්ස්ගේ ස්ථානෝචිත ප්‍රඥාව, තීක්ෂණ බුද්ධිය, විටෙක උස් හඬින් කතා කිරීම, වචන උච්චාරණය වගේ දේවල්… වෙනත් රහස් පරීක්ෂක කතා වලට වඩා වෙනස්ම ආරකට හුරු වෙලා තියන බව පේනව. ඒ නිසා මේ කතා මාලාව හුඟක් පරණ එකක් වුනාට හැමෝටම වටින එකක් වන බව නම් විශ්වාසයි…

ඉතින් අද කතාව ගැනත් මම ටිකක් කියල ඉන්නම්කො. නාවික ගිවිසුමක් ගැන සඳහන් වුනු ලියවිල්ලක් තමයි මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ. හෝල්ඩ්හර්ස්ට් කියන ඇමතිවරයා මේ වටිනා නාවික ගිවිසුම තමන්ගෙ බෑනා වන පර්සි ෆෙල්ප්ස්ට භාර දෙනව. එයා මේක අරන් තමන්ගෙ කාර්යාලයට ගිහින් වැඩ පටන් ගන්නව. වැඩ කරන අතරෙ පොඩි නිදිමතක් හැදිල මෙහෙකාරියට කියනව කෝපි එකක් ගේන්න කියල, ඒත් කෝපි එක පරක්කු නිසා මෙයා පල්ලෙහා තට්ටුවට යනව මොකද වුනේ කියල බලන්න. එතකොටම කවුරුහරි කෙනෙක් එයාගෙ කාමරේ සීනුව නාද කරනව. එයා ආයෙත් කාර්යාලෙට යද්දි ගිවිසුම අතුරුදහන් වෙලා. මේ ගිවිසුම ප්‍රංශයට හා රුසියාවට ඉතා වැදගත් එකක්. මේකෙ තොරතුරු ඒ රටවල් වලට හෙළි වුනොත් ලොකු අවුලක් තමයි වෙන්නෙ. ඒ නිසා දැන් පර්සි ලොකු අවුලකට මැදි වෙලා ඉන්නෙ. හොරා ගැන කිසිම හෝඩුවාවක් නෑ.. ඔන්න ඊට පස්සෙ තමයි පර්සිට මතක් වෙන්නෙ එයාගෙ ඉස්කෝලෙ කාලෙ යාලුව වොට්සන්ව. වොට්සන්ගෙ මාර්ගෙන් ෂර්ලොක් හෝම්ස්ට වැඩේ බාර දෙනව.. කලින් කතාවලදි වගේ නෙමෙයි මේකෙ අන්තිමට ප්‍රශ්නෙ විසඳන්න හෝම්ස්ට මොලේ වගේම අත පයත් පාවිච්චි කරන්න වෙනව.. ඒ ගැන ඔයාලට අන්තිමේදි බලාගන්න ලැබෙයි.. ඔන්න ඕකයි කතාව.. හොරා අල්ලන හැටි සහ හොරා කවුද කියල දැන ගන්න ඕනෙ නම් මේක බලලම ඉන්න වෙනව…

ඊලඟ කතාවත් අරගෙන ලඟදීම හමුවෙමු.. දැන් ඉතින් කෂ්ටිය මට බනින්න එපා ලඟදීම හමුවෙමු කිව්වට ආයෙ කවද හමුවෙයිද කියල. හැකි ඉක්මනින් දෙන්නම්. ලැබෙන වෙලාව හරිම අඩුයි.. ඒ අතරෙ මම ඔයාලට තවත් ලස්සන ෆිල්ම් වලට උපසිරැසි අරන් එනවනෙ… පළවෙනි සීසන් එක ටිකක් ප්‍රමාද වුනාට ඉතිරි කොටස් ටික ඉක්මනට දෙනව. අනිත් කොටස් වල වැඩ මේ වනවිට කෙරීගෙන යනව.. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳිල ඉන්න.

එහෙනම් මම ගිහින් එන්නම්…හැමෝටම ජය වේවා෴

 

 

Due to copyright issues, we do not provide any torrent link.

4,114 downloadsDownload SherlockHolmesS01E03.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිදුල Kd

Subtitles

4,114 downloadsDownload Subtitles29 KB

49 comments

  1. tharanga

    පට්ට මේක දෙනකම් උන්නේ

  2. lasidu

    පට්ට මච්චෝ

  3. quik

    thanks

  4. hh

    jaya wewa Thanks

  5. Isuru

    supirima story akak Thanks didula

  6. ccnp

    Thanks

  7. DARSHANA

    MAMA 5

  8. ccnp

    එල එල එලම කිරි

  9. Eranda

    mama meka enakan 2 weeks balagena hitiya..Thanks didula kollo :) :) <3

  10. dj

    ජය වේවා !!!!!

    සුපිරි :)

  11. Ashan

    macho KIhiladi 786 ta sub eka dendako eke hoda copu dan avithne

  12. ositha

    මාක්ස් මචෝ නියමයි

  13. DSA

    meka denakan marama asawakin itiya mehhara kal bohoma iwaseemakin itiye.. eth wadak na sub file eka extract wenne nane.. meka rar file ekakin danne nathuwa files widiyata puluwan nam danna ethakota hari yai... dan ithin asawa epa wela giya macho...

  14. “චූටී මල්ලි”

    මේක මරු
    ඉක්මනටම ඉතුරු ටිකත් දෙන්න බලන්න හොදේ

  15. Das

    thank u very much.meka denna godak kal giyane.ethuru tikanam ekkmenata denna hode..........

  16. නලින්

    නියමයි දිදුලේ
    දිගටම මේ සිසන් එක දෙන්න

    අතහරින්න එපා..

  17. chamath cafe

    දෙනකම් උන්නේ පට්ට :)

  18. Anushka

    නියමයි දිදුලේ
    ජය වේවා !!!!!
    ඉක්මනටම ඉතුරු ටිකත් දෙන්න හොදේ

  19. කේ.යු.ජී.උදාර

    පරක්කුවුණහ ම මොකද බං උඹල මෙහෙම හරි මේක දෙනවනෙ.....
    සිංහල සබට තුති කොල්ලො.

  20. sandeepa

    super wadak alama thamai.. godak kal giyane sub denna pluwan ikmanata ithuru thike sub dala denna

  21. THARAKA

    thanks machao.elaga episode ekath srt eka ekmanata danda.

  22. Harsha Lahiru

    කොයිවෙලේ දෙයිද කොයිවෙලේ දෙයිද කියලා බල බල හිටියෙ චුට්ටක් පරක්කු වුන නිසා කමක්නෑ කොහොමහරි දුන්නනෙ... අනිකත් ළගදීම බලා පොරොත්තු වෙනවා බොහෝම ස්තුතියි සහෝ...

  23. gayan

    thanks machan,,,balan hitiye enakan..ay late une??

  24. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි සහෝ.. මමත් ඔන්න උපසිරැසිය විතරක් බාගත්තා.. ජයවේවා!!!

  25. chamath kavinda

    awesome.......

  26. mudiya / මුදියා

    මුලින්ම දුන්නු දෙකම තියාගෙන ඉන්නව වෙලාවක් ලැබුනු ගමන්ම බලන්න.ගොඩක් ආසාවෙන් ඉන්නෙ.ඔක්කොටම සබ් දෙන්න දිදුල.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!

  27. charith

    වැඩේ නියමයි මචං...මචං මේක දිගටම දෙන්න හොඳේ..........ජය වේවා!!!!!!!!!!!!!!

  28. danuka

    එළ...........

  29. ගයාන් තාරක

    එල මචන්.. ඉක්මණටම සබ් දෙනවට.. ඔය සීරීස් එකම මම ටවුන් යන වෙලාවක අරගෙන එනවා.. දැනට සබ් එක ගන්නවා.. ස්තූතියි..

  30. NTH

    Thankz bro...
    Great work.
    Thankz again

  31. රාම් රාජ්

    ස්තූතියි.

  32. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. සබ් එක බාගන්නම් පස්සෙම බලන්න. :P :P

  34. Sanoj

    Aiye Episode 04 ikmanata dannako

  35. dulanjana

    plz X files ake sub tika dennako....plz.....

  36. කසුන්

    අනිත් සීසන් වල උපසිරැසි කවදා වගේ ලැබෙයි ද

  37. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  38. jayanandana

    PATTAI MACHAN, BOHOMA PIN

  39. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  40. nishshanka ruwan

    ස්තුතියි :)

  41. Ama

    thnx bro!!!!!

  42. sanath

    ela machan
    goda machan.... patta...
    thankz mekata... :)

  43. sanjeewa

    thanks

  44. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. tharindu

    නියමයි බ්‍රෝ..ජය වේවා

  46. Viraj

    sub ekata thanks saho.. jaya wewa!

  47. thisumdeemantha

    Thaz for subtitles bro !!!

  48. viraj

    thanks..........

  49. Mohamed Rizwan

    සීසන් 2 එපිසෝඩ් 01 උපසිරැසි ලින්ක් එකේ නැහැ. ඒක ගන්න විදිහ කියන්ඩ පුළුවන්ද