කොහොමද කට්ටියට… හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න එහෙනම් කළු ලැයිස්තුව විරාමයෙන් පස්සේ අළුත් අවුරුද්දේ වැඩ ආරම්භ කලා. මාස දෙකකට කිට්ටුකාලයක විරාමයක් ලබාගත්තේ අපේ කුතුහලය උපරිම අන්තයකට නංවමින් සහ බොහෝපිරිසක් දුක් සයුරේ ගිල්වමිනුයි. මතකනේ ටොම් කීන්ගේ මරනය. කලින් කිව්වා වගේ නිශ්පාදකයින් ස්ථිරවම ක…

කොහොමද කට්ටියට… හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා. ඔන්න එහෙනම් කළු ලැයිස්තුව විරාමයෙන් පස්සේ අළුත් අවුරුද්දේ වැඩ ආරම්භ කලා. මාස දෙකකට කිට්ටුකාලයක විරාමයක් ලබාගත්තේ අපේ කුතුහලය උපරිම අන්තයකට නංවමින් සහ බොහෝපිරිසක් දුක් සයුරේ ගිල්වමිනුයි. මතකනේ ටොම් කීන්ගේ මරනය. කලින් කිව්වා වගේ නිශ්පාදකයින් ස්ථිරවම කියලා තියෙනවා ටොම් කීන් නැවත එන්නේ නැහැ කියලා. සමහරවිට අපිට එයාව ෆ්ලෑෂ්බැක් සීන් වලින් දැකගන්න ලැබේවි. ඉතිං කතාව ටිකක් මතක් කරන්නම් අමතක වෙච්ච අයට. හැම අවුලකටම මූලික වුනේ හතරවෙනි සීසන් එක අවසානයේදී මිස්ටර් කැප්ලන් විසින් ටොම්ට ලබාදුන්න අස්ථි පද්ධතිය සහිත සූට් කේස් එකයි. මේ අස්ථි පද්ධතිය කාගේද කියලා අපි තාම දන්නේ නැති වුනත් ඒකෙන් නික් කෝප්‍රල් ටොම් කීන් ඇතුළු බොහෝ දෙනෙක්ට මරණය ළගාකරලා දීලා ඉවරයි. මතක ඇතිනේ මේ අස්ථි පද්ධතිය අයිතිකාරයා හොයාගන්න කියලා ටොම් සහ නික් බාරදීපු කෙනා අතුරුදහන් වෙනවා. එයාව හොයාගන යන ටොම් සහ පීට්ගේ පෙම්වතිය පැහැරගන යන්නේ මේ අස්ථි පද්ධතියේ වටිනාකම තියෙන්නේ රෙඩින්ටන්ට බව දැනගන්න ඉයන් ගාවේ කියන කෙනායි. හැබැයි ටොම්ට රෙඩින්ටන් සහ ඩෙම්බේගේ උදව්වෙන් මෙයාලාගෙන් පැනලා යන්න පුළුවන් වුනත් අවසානෙට ටොම්ගේ ගෙදරදී එලිසබත් එක්කම එයාව අහුවෙනවා. ටොම්ගෙන් ප්‍රෂ්ණ කිරීම් වලදී එයාට පිහි ඇණුම් පහරවල් කිහිපයක්ම වදිනවා. ඒ වගේම තමයි ලිස්ගේ ඔලුව තදින් බිම වදිනවා. ටොම් මරණීය තුවාල සහිතව පවා අවසානය දක්වාම සටන් කරන්නේ ලිස්ට තියෙන ආදරය නිසා ඇයව බේරගන්න තියෙන වුවමනාවෙන්. ඉතිං අවසානයේදී ටොම් සදහටම සමුඅරගන්නවා. ලිස් මාස 10ක්ම කෝමා තත්වයේ පසුවෙනවා. මේ අතරතුර කාලයේදී ඇග්නස්ව වගේම ලිස්ව බලාගන්නෙත් රෙඩින්ටන්. ලිස් කෝමා එකෙන් අවදිවන තැනින් කතාව විරාමයක් ලබාගන්නවා.
ඉතිං අද කතාව බලමු එහෙනම්. මම හිතන්නේ පළවෙනි වතාවට කතාව නඩු අංකයක් නැතිව නම් කරලා විකාශය වෙන්නේ අද වෙන්න ඕන. අද කතාවේදී ටොම්ගේ වියෝව නිසා කම්පාවට පත්වෙලා ඉන්න ලිස් හැමදේකින්ම අෑත් වෙලා ඇලස්කාවට යනවා. හැබැයි මේ වෙනකොටත් ලිස් දන්නේ නැහැ ටොම්ගේ මරණයට කෙලින්ම නොවුනත් වක්‍රාකාරව රෙඩින්ටන්ගේ සම්බන්ධයක් තිබෙන බව. තවමත් අස්ථි පද්ධතිය පිළිබඳ රහස රහසක් විදියටම රැදිලා තියෙනවා. ඒක කොහොම එලිවේවිද කියලා අපි දන්නේ නැහැ. එහෙමනම් කතාව බලන්න. ලිස්ගේ අපි නොහිතපු විදියේ පැත්තක් අද එළියට එනවා. විචාරක අදහස් අනුව නම් මේ කොටස විකාශිත කොටස්වලින් හොදම කොටස්වලින් එකක් බවයි පැහැදිලි වෙන්නේ. එහෙමනම් රසවිදින්න…
මීළඟ කොටසින් හමුවන තුරු ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
4,633 downloadsDownload The-Black-list-S05E09.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
34 comments
nadeeranc
Chathuranga W
thanks.....
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේකට සබ් එක දෙනකන් බලන් හිටියේ download කරලා....
ඊලග එක ඉක්ම්නනට දෙමු....melinda
thank you sub ekat.mm nam tom kathawen ain wenakam tamai balan hitiye mn hithuwa kohomath eka wei kiyala liz issarahata resler ekka set wei kiyala mt hithenaw
Pradeep Iresh
බලන් හිටියෙ දෙනකන් මේක ....තැන්කු හොඳේ...
Pradeep Iresh
The Good Doctor කියන සීරීස් එකටත් සබ් දෙන්නකෝ.... මරු කථාවක් වගේ
yeshan ys
sub eka weda karanne na affa
yeshan ys
aith sub eka upload karannakooo
Lahiru5046
thankssss
akalankagayan
Thnx.........
Hasindu nekmal
Tnx
Udara Damith Dissanayaka
එල එල
ස්තුතියි
ඊලග කොටහෙන් munagahamuKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..!
darshana91
tnx bokki, digatama sub denna, patta asawen balana kathawak meka, jayawewa.
sachintha
Sun ekta thanks sureni akkaa
Ep 10 n hamu wemu
Jaya wewa...blacktask
ammooo ammbaanakata baya wela hitiye enne nti wei kiyla.tnx akkiiiiiiiiii..
yeshan ys
weda karanne na ne bn
yeshan ys
ape comment waiting monada machan sub eka weda karanne na akkee
Rasitha Illangasinghe
Thanx sub ekta.. Well done
Rasitha Illangasinghe
Thank you.. Well done
Supun Buddika
උපසිරසියට ස්තුතියි.
දැනට තියෙන විදිහටනම් සුට් කෙස් එකේ ඇත්තේ ලිස්ගේ අම්මගේ අස්ථි
කියලා හිතන්න පුළුවන්.
එත් එච්චර ලේසි ගෙස් එකක් දෙන්න තරම් කතාව කරන අය මෝඩ වෙන්නත් බෑ කියලා
මට හිතෙනවා.ජය වේවා !!!
Lucifer94
හම්මේ එනකන් බලාගෙන හිටියේ.බොහොම ස්තුතියි..
4devinda
බලන් හිටියෙ මේක දෙනකන්..
බොහොම ස්තුතියි.podda
ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා. Tangled දිගටම sub දෙනකොට blacklist අමතක වෙලාද කියලත් හිතුනා. මේක නතර කරන්නනම් එපා...... sub ekata thanks sis
supitha
oyatath suba aluth auruddak wewa akke. e wagema subtitle 1 ta godak sthuthi
mudith89
appiyo sahemna kalak bala hiyoo
thnkරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lushan...thusi
tanq sis sub ekata
udarag
thanks sis
Udayaranasingha
Thanks.
maduranga
mama hituwe The Blacklist - retribution kiyala spin off ekak gahala deka conneck karawi kiyala ,
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Anonymous
Thnx sub ekta ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S05 : E09] Episode Sinhala Subtitles | ව්‍යාසනය! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Black-list-season-5.jpg)





Thank you..........