මේ එකතු වන්නේ කළු ලැයිස්තුවේ පස්වෙනි කතාමාලාවේ විරාමයට පෙර දකින අවසාන කොටසත් එක්කයි. මේ කතාවේ තියෙන කුතුහලයෙන් පිරි සාහසික, සංවේදාත්මක සහ අතිශය වැනසුම් සහගත කතාව නිසාම කලින්ම උපසිරැසිය නිර්මාණය කරන්න මෝටිවේෂන් එකක් ලැබුනා. මේ කතාමාලාවම කරගන යද්දී පළමු වතාව වෙන්න ඕන සබ් එක ඇති පැය 24 ඇතුලත උපසිරැසි…

මේ එකතු වන්නේ කළු ලැයිස්තුවේ පස්වෙනි කතාමාලාවේ විරාමයට පෙර දකින අවසාන කොටසත් එක්කයි. මේ කතාවේ තියෙන කුතුහලයෙන් පිරි සාහසික, සංවේදාත්මක සහ අතිශය වැනසුම් සහගත කතාව නිසාම කලින්ම උපසිරැසිය නිර්මාණය කරන්න මෝටිවේෂන් එකක් ලැබුනා. මේ කතාමාලාවම කරගන යද්දී පළමු වතාව වෙන්න ඕන සබ් එක ඇති පැය 24 ඇතුලත උපසිරැසි පරිවර්තනය අවසන් කලේ. IMDb දර්ශකයේ 9.2 අගයක් ලබාගන්න සමත්වලො තියෙන මේ එපිය කොයිතරම් උද්වේගකරයිද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
එහෙමනම් පසුගිය කොටස් වල සිදුවීම් දිහාවට හැරෙමු. 4වෙනි කතා මාලාව අවසන් වුනේ මිසටර් කැප්ලන්ගේ අවසානයත් සමඟ අස්ථි පද්ධතියක් සහිත සූට්කේස් එකක් ටොම්ගේ අතට ලැබෙමින්, ඒක ඇතුලේ ඉන්නේ කවුද කියලා ලිස්ට එලිකරන්න කියලා මරණ මංචකයේ ඉදන් ඇය කරපු ඉල්ලීමත් එක්ක. ටොම් ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහනේ. එයා මොන හේතුවක් උඩවත් මේක ගැන හොයන එක නවත්වන්නේනැහැ. රෙඩින්ටන්ගේ අනේක විද බාධා හා තර්ජන මැදින් ලිස්ට හැම දෙයක්ම වසන් කරමින් එයා මේ අස්ථි පද්ධතියට නමක් දෙන්න උත්සහ කලා. මේකට එයා සම්බන්ධ කරගත්ත නික් කෝප්‍රල් ඉතාම අවාසනාවන්ත විදියට මිය ගියා වුනත් ටොම් මේක ගැන හොයන එක නැවැත්තුවේ නැහැනේ. එතකොට පසුගිය කොටසෙන් අපිට හමුවුනා නික්ගේ මිනීමරුවා. එයා අපි අදුනන දන්න කියන කෙනෙක් නොවුනත්, මේ කතා මාලාවටම පදනම් වුන දුෂ්ටයා එයා කියන එක අපිට පැහැදිලි වුනා. ඒ වගේම නික්ට මේ අස්ථි පද්ධතිය හොයන්න උදව් කරපු පීට් මැකිගීගේ පෙම්වතිය ලීනාට ඒ ගැන හොයන්න එපා කියලා තර්ජනය කලේ රෙඩ් කියලත් අපිට දැනගන්න ලැබුනා. පසුගිය කොටස අවසන් වෙන්නේ තට්ට දුෂ්ටයා පීට් සහ ඔහුගේ පෙම්වතිය අමානුෂික ලෙස ඝාතනය කරමින්. මිනිහා මිනිස් ජීවිතයක් යන්තමටවත් ගනන්ගන්නේ නැති අමනයෙක් විත්තිය ලීනාගේ ඝාතනයෙන්ම අපිට පැහැදිලි වුනානේ.
එතකොට ඔන්න අද කතාව. ත්‍රාසය, භීතිය, කුතුහලය සහ කඳුල කැටිකරගත් සීසන් එක මැද විරාමය සනිටුහන් කරන කතාව. මේ වෙනකොට ටොම් අතුරුදහන්වෙලා ඉන්නේ. ලිස් එයාව හොයාගන්න ගොඩක්උත්සහ කරනවා. රෙඩින්ටන් වගේම කූපර් ඇතුලු පිරිසත් මේ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා. ඒ වගේම ටොම් බොහොම සතුටින් රෙඩින්ටන්ව අර දුෂ්ටයාට අල්ලලා දෙන්න කැමති වුනා මතක ඇතිනේ. එයා අද රෙඩින්ටන්ට කෝල් කරලා එයාව අල්ලලා දෙයිද? අදවත් සූට්කේස් එකේ ඉන්නේ කවුද කියලා අපිට දැනගන්න පුළුවන් වේවිද? මෙහෙම කියන්නම්. අද කතාවට තියෙන්නේ නම් අතිශය දුක හිතෙන අවසානයක්. මගේ පුද්ගලික මතය නම් ඒක එහෙම වෙච්ච එකේ ඒ තරම් අවුලකුත් නැහැ. ඒත් ලිස් ගැන තමයි දුක…!!! හොදයි එහෙමනම් කතාව බලන්නකෝ.
දැනට තියෙන විදියට කළුලැයිස්තුවෙන් නැවත් හමුවෙන්නේ 2018 ජනවාරි මාසයේදී. අලුත්ම කාටූන් කතා මාලාවක් සමඟ ඉක්මනින් ඔබ හමුවීමේ බලා පොරොත්තුවෙන් සමුගන්නවා… ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.
5,072 downloadsDownload The-Black-list-S05E08.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
18 comments
Charith Madhusanka
Madura J. Kawshalya
bro neweyi ,,.. Sis bn.. :D
Charith Madhusanka
The Orville series akata sub dennako plz
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝදරී සිංහල උපසිරැසියට ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ...ThiSara
Thankz
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Jeewantha
ඔබගේ වටිනා කාලය අපගේ රසාස්වාදය වෙනුවෙන් කැපකර කරන්නා වු සේවාවට ඔබට බොහොමත්ම ස්තුතියි. ඔබට ජයෙන් ජයම වේවා!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
thank u very much\111111
Shenin Perera
බොහොම ස්තූතියි
hansaja
thanx.
blacktask
අනේ අක්කේ 9 වෙනි ඉපියටත් ඉක්මනට සබ් දෙන්නකෝ
lushan...thusi
sub eka dunnata tanx dr
Gibbs
Thank you
Sajithlakshan
බොහොම ස්තූතියි
Anonymous
Thnx sub ekta ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blacklist [S05 : E08] Episode Sinhala Subtitles | ඉයන් ගාවි! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Black-list-season-5.jpg)





Thanks bro!