Watch Trailer

The Boys (2019-2020) [S02: E06] Sinhala Subtitles | පැරණි පාපයන් සමඟ පැරණි සතුරන් [සිංහල උපසිරසි] 18+

ආයුබෝවන් හැමෝටම. බයිස්කෝප් කණ්ඩායම එකතු වෙලා ලොව පුරා අතිශය ජනප්‍රිය උන කතාමාලවක් වෙන The Boys උසස් සිංහල උපසිරසි එක්ක ඔයාලට ගෙන ඒමේ කර්තව්‍යයේ තවත් කොටසක් එක් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. පලවෙනි කතාමාලාවේ රසය දෙවෙනි කතාමාලාව දක්වාම අරන් එන්න නිශ්පාදකයෝ සමත් වෙලා තියෙන බවත් පේනවා. ඉතිං දිනිදු සහෝ ගෙනා…

ආයුබෝවන් හැමෝටම. බයිස්කෝප් කණ්ඩායම එකතු වෙලා ලොව පුරා අතිශය ජනප්‍රිය උන කතාමාලවක් වෙන The Boys උසස් සිංහල උපසිරසි එක්ක ඔයාලට ගෙන ඒමේ කර්තව්‍යයේ තවත් කොටසක් එක් කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. පලවෙනි කතාමාලාවේ රසය දෙවෙනි කතාමාලාව දක්වාම අරන් එන්න නිශ්පාදකයෝ සමත් වෙලා තියෙන බවත් පේනවා. ඉතිං දිනිදු සහෝ ගෙනාපු කලින් කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් පෙර කොටස සංක්ෂිප්තව මතක් කරගෙනම අද කතාව පැත්තට යමු.

පෙර කතාංගයෙන් . . . .

මේව් සහ එලේනා ගැන දැනගන්න හෝම්ලෑන්ඩර් ප්‍රසිද්ධියේ මේව් සමලිංගිකයි කියලා කියනවා වගේම එයාලගේ චිත්‍රපටවලත් මේව්ගේ චරිතය සමලිංගික කරලා ඇයව අපහසුතාවයට පත් කරනවා. ඒ වගේම හෝම්ලෑන්ඩර් අප්‍රිකානු රටක සුපිරි දුෂ්ටයෙක්ව ඝාතනය කරන අවස්ථාවේ නොසැලකිල්ල නිසා සිවිල් වැසියෙක් ඝාතන වෙන අයුරු දැක්වෙන වීඩීයෝවක් ප්‍රසිද්ධ වෙන නිසා වික්ටෝරීයා නිව්මන්ගේ ප්‍රධානත්වයෙන් හෝම්ලෑන්ඩර්ට එරෙහිව විශාල උද්ඝෝෂණයක් දියත් වෙනවා. හෝම්ලෑන්ඩර් එතනට ඇවිත් මිනිස්සුන්ව සන්සුන් කරන්න හැදුවත් ඔවුන් හෝම්ලෑන්ඩර්ව එතනින් එලවලා දානවා. ඒ අස්සේ කිමිකෝ කුලී ඝාතකයෙක් විදියට ශෙරීට වැඩ කරනවා කියලත් ෆ්රෙන්චී දැනගන්නවා. රෙබෙකා තමන් එක්ක ආපු නැති දුකට බුචර් කාටවත් නොකියා එයාගේ නැන්දගේ ගෙදරට ගියත් එම්. එම් සහ හියුඊ, බුචර්ව හොයාගෙන එතනටත් එනවා වගේම ස්ටෑන් එඩ්ගර්ගේ උපදෙස් පිට බ්ලැක් නොආර් බුචර්ව මරන්න එතනට එනවා. අන්තිමේදී බුචර්ගෙ උප්පරවැට්ටියක් නිසා බුචර්ව නොමරා බේරන්න එඩ්ගාර්ට සිද්ධ වෙනවා. ස්ටෝර්ම්ෆ්රන්ට් ගැන සැක කරන ස්ටාර්ලයිට් ඇයගේ පරිඝනකයේ තිබිලා සේජ්ග්‍රෝව් කියලා තැනකට යවපු ඊ මේල් වගයක් ගැන හොයාගන්නවා. අන්තිමට අපි දැක්කේ මෙතෙක් ස්ටෝර්ම්ෆර්න්ට් ගැන තරහින් හිටපු හෝම්ලෑන්ඩර් ස්ටෝර්ම්ෆ්රන්ට් එක්ක සුපිරි වීර විදියටම ඩිස්ටිඩිඩින් දාන හැටියි.

අද කොටස ගොඩක්ම වෙන් වෙන්නේ සේජ්ග්‍රෝව් කියන ස්ථානය වටා. ඇත්තටම සේජ් ග්‍රොව් කියන්නේ මොන වගේ තැනක්ද. ඒ වගේම අපි අහල තියෙනවා කලේකට පෙර සුපිරි වීරයෙක් නිසා මැලරිගේ මුනුබුරන්ට අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න උනා කියලා. ඒක උන හැටි අද ඔයාලට දැනගන්න පුළුවන්. අපේ අහිංසකට හියුඊටත් අද කරදරයකට මූණ දෙන්න වෙනවා. ඉතිං වැඩි විස්තර ඕන නෑ ඊලඟ කොටසින් ආපහු මම ඔයාලව හම්බෙන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. ජය වේවා !

අද කතාංගයේ නම – “The Bloody Doors Off”
කතා රචනය – Anslem Richardson
අධ්‍යක්ෂනය – Sarah Boyd
විකාශය වූ දිනය – 2020 සැප්තැම්බර් 25
IMDb අගය – 8.9
මීළඟ කතාංගය – “Butcher Baker, Candlestick Maker”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,044 downloadsDownload The.Boys_.2019.S02E06.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

9,044 downloadsDownload Subtitles30 KB

6 comments

  1. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  2. Imesh Perera

    Thanks Saho..

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Dewadithya

    Thanks for Sub!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Sahan Gayantha

    thanks a lot saho sub ekata.. jaya wewaaa..