ආයුබෝවන් ළමායි, ඔන්න පුරුදු විදියටම The Boys කතාමාලවේ තවත් කොටසක් අරගෙන ආවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති නේද. එහෙනම් වැඩි කතා ඕන නෑ පෙර කොටස සංක්ෂිප්තව මතක් කරගෙනම අද කතාව පැත්තට යමු. පෙර කතාංගයෙන් . . . . ස්ටාර්ලයිට් එයාගේ ඇඟේ තියෙන චිප් එක ෆ්රෙන්චීට කියලා අයින් කර ගන්නවා වගේම ස්ටෝර්ම්ෆ්රන්ට්ගේ පරි…

ආයුබෝවන් ළමායි, ඔන්න පුරුදු විදියටම The Boys කතාමාලවේ තවත් කොටසක් අරගෙන ආවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති නේද. එහෙනම් වැඩි කතා ඕන නෑ පෙර කොටස සංක්ෂිප්තව මතක් කරගෙනම අද කතාව පැත්තට යමු.
පෙර කතාංගයෙන් . . . .
ස්ටාර්ලයිට් එයාගේ ඇඟේ තියෙන චිප් එක ෆ්රෙන්චීට කියලා අයින් කර ගන්නවා වගේම ස්ටෝර්ම්ෆ්රන්ට්ගේ පරිඝනකයේ තිබිලා සේජ්ග්‍රොව් කියලා තැනකට යවපු ඊ මේල් ගැනත් බුචර්ට කියනවා. සේජ්ග්‍රොව් කියන්නේ පෙනිසිල්වේනියාවේ තියෙන මානසික රෝහලක් කියලා හොයාගන්න අපේ කට්ටිය හෝඩුවාවක් හොයගන්න එහෙට යනවා. ඒක නිකන්ම මානසික රෝහලක් නෙමෙයි එතන රෝගීන්ට ස්ටෝර්ම්ෆ්රන්ට්ගේ ප්‍රධානත්වයෙන් කම්පවුන්ඩ් V බලෙන් එන්නත් කරලා පරීක්ෂන පවත්වන තැනක් කියලත් හොයාගන්න පුළුවන් වෙනවා. එතනදි නොහිතපු විදියට ෆ්රෙන්චිටයි, එම්. එම්ටයි ලෑම්ප්ලයිටර් කියන පරණ යාළුවෙක්\හතුරෙක් එහෙමත් මුණගැහෙනවා. එතන සිද්ධ වෙන අනතුරකින් ඔක්කොම මානසික රෝගීන් නිදහස් වෙලා ෆ්රෙන්චී, එම්.එම් සහ කිමිකෝව රෝහල ඇතුලේ හිරවෙනවා. කොහොමහරි ලෑම්ප්ලයිටර්ගේ උදව්වෙන් පැනගත්තත් එම්.එම්ටනම් හීනෙන්වත් නොහිතපු දෙයක් බෙල්ල වටේ ඔතාගන්නත් වෙනවා. මානසික රෝහලෙන් පැනපු රෝගියෙක්ගේ හපන්කමකින් හියුඊටත් රෝහල්ගත වෙන්නම වැඩක් සෙට් වෙනවා. ස්ටෝර්ම්ෆ්රන්ට් ගැන සැක කරන හෝම්ලෑන්ඩර්ට ඇය ඇත්තම කියනවා. ස්ටෝර්ම්ෆ්රන්ට් කියන්නේ 1919දි ඉපදුන කෙනෙක් වගේම වෝට් සමාගමේ නිර්මාතෘ ෆ්රෙඩ්‍රික් වෝට්ගේ බිරිඳ බවත් ඇය තදින්ම නාසීවාදී මත දරන ජාතිවාදයට නැඹුරු කෙනෙක් කියලත් අපි දැක්කා. ඒ වගේම අන්තිමට අපි දැක්කේ හෝලෑන්ඩර්ත් ස්ටෝර්ම්ෆ්රන්ට්ගේ අදහස්වලට සහයෝගය දෙන්න කැමති වෙන විදියයි.
අද කොටසින් ගොඩක් සුවිශේෂ සිද්ධි කිහිපයක්ම බලාගන්න පුළුවන්. ස්ටෝර්ම්ෆ්රන්ට් සහ හෝම්ලෑන්ඩර් එකතු වෙලා කරන ජාතිවාදී අදහස් නිසා සාමාන්‍ය ජනතාව වෙනස් වෙන ආකාරයත්, වෝට් සමාගමට එරෙහිව වික්ටෝරියා නිව්මන්ගේ කාරක සභා නඩු විභාගයත් අද බලාගන්න පුළුවන්. ඒ වගේම ස්ටාර්ලයිට්ටත් නොහිතපු ඇබැද්දියකට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් ඉතිං මේ කතාමාලාවේ මගේ සහභාගීත්වය අහවරයි. මාව මේ කතා මාලාවට සම්බන්ධ කරගත්තට බිම්සර යෂාන් සහෝට නැවතත් ස්තූතිවන්ත වෙනවා. දෙවෙනි කතාමාලාවේ අන්තිම කොටසත් බිම්සර සහෝම ඔයාලට අරන් එයි. ඒ වගේම තුන්වෙනි කතා සමයත් අපේ සහෝලා ටික ඔයාලට දිගටම අරන් එයි. තවත් උපසිරසියකින් මම ඔයාලව හම්බෙන්නම්. ජය වේවා !
අද කතාංගයේ නම – “Butcher Baker, Candlestick Maker”
කතා රචනය – Craig Rosenberg
අධ්‍යක්ෂනය – Stefan Schwartz
විකාශය වූ දිනය – 2020 ඔක්තෝම්බර් 02
IMDb අගය – 9.0
මීළඟ කතාංගය – “What I Know”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8,578 downloadsDownload The.Boys_.2019.S02E07..zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
7 comments
Imesh Perera
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks wewa sub ekata..
Arawinda
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤ A S H
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Boys (2019-2020) [S02: E07] Sinhala Subtitles | නොදත් රහස්. [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/The-Boys-Season-2.jpg)



Thanks Saho..