Watch Trailer

The Boys (2019-) [S01: E07] Sinhala Subtitles | නොදත් රහස්. [සිංහල උපසිරසි] 18+

කොහොමද යාළුවනේ බයිස්කෝප් ටීම් එකේ අපි එකතුවෙලා උපසිරැසි අරන් එන ද බෝයිස් කතා මාලාවේ පලමු කතා සමයෙ හත්වෙනි කතාංගයට තමයි අද මං උපසිරැසි අරන් එන්නෙ.ඉතින් අපේ මේ බිලී බුචර් ඇතුලු සෙට් එකේ වැඩ ටික හෙන ආතල් එකේ කට්ටිය බලනව ඇතිනෙ, ඇත්තම කිව්වොත් කිසිම සුපිරි බලයක් නැති සෙට් එකක් සෙවන් එකේ වීරයන්ට අභියෝග ක…

කොහොමද යාළුවනේ බයිස්කෝප් ටීම් එකේ අපි එකතුවෙලා උපසිරැසි අරන් එන ද බෝයිස් කතා මාලාවේ පලමු කතා සමයෙ හත්වෙනි කතාංගයට තමයි අද මං උපසිරැසි අරන් එන්නෙ.ඉතින් අපේ මේ බිලී බුචර් ඇතුලු සෙට් එකේ වැඩ ටික හෙන ආතල් එකේ කට්ටිය බලනව ඇතිනෙ, ඇත්තම කිව්වොත් කිසිම සුපිරි බලයක් නැති සෙට් එකක් සෙවන් එකේ වීරයන්ට අභියෝග කරන එකම කොච්චර හපන්කමක්ද නේද? හරි එහෙනම් අද කතාංගය ගැන බලන්න කලින් අපි කලින් කතාංගයෙ වෙච්ච දේවල් ගැන මතක් කරන් ඉමු.

අපි කලින් කොටසෙ දැනගත්ත බුචර් ඇයි මේ හෝම්ලෑන්ඩර් පස්සෙම පන්නන්නෙ කියන එක. අනිත් සිද්දිය මෙස්මර් කියන හිත් කියවීමෙ බලයක් තියෙන සූප්ගෙ උදව්වෙන් අපිට කිමිකොගෙ නම දැනගන්න වගේම එයාටයි එයාගෙ පවුලෙ අයටයි වෙච්ච දේ හොයාගන්න පුලුවන් උනා. ඒත් අන්තිමටම මෙස්මර් බෝයිස් සෙට් එක පාවල දෙන එක නම් බලු වැඩක්. කොහොමින් හරි අපේ හියුඊටත් ඇනීව සෙට් කරගන්න චාන්ස් එකත් එහෙම්ම හරි ගියා, ඇත්තෙන්ම රොබින්ව 90% වගේ අමතක කරල මේ වැඩේ හියුඊ කලා කියල හිතන්න පුලුවන්. ගොඩක් දුරට අද කොටසින් වෙන්නෙ මොකක්ද කියල ඔයාලට පොඩියට වගේ හිතෙනවත් ඇති. ඒ කොහොම උනත් බුචර් නම් ස්ටාර්ලයිට්ට කොහෙත්ම කැමති නෑ තමා. හරි එහෙනම් අද කොටස ගොඩක් තීරණාත්මකයි. එහෙනම් අද කොටස බලමු එහෙනම්.

Fun fact

බෝයිස් කතාමාලාවෙ හියුඊ කැම්ප්බල් චරිතයට පණ පොවන්න මුලින්ම අරගන්න හදල තියෙන්නෙ, Simon Pegg එහෙමත් නැත්තම් හියු කැම්ප්බල්ගෙ තාත්තට රංගනයෙන් පණ පොවන නලුවව. ඇත්තෙන්ම එහෙම කරල තියෙන්නෙ කොමික් වල හියුකැම්ප්බල් චරිතය ඇදල තියෙන විදියට ගොඩක් සමාන රූපයක් තමයි මේ සයිමන් පෙග් මහතාට තියෙන්නෙ. ඒත් කොහොමින් හරි මං දකින විදියට නම් කතාමාලාවෙ හියුඊ කැම්ප්බල්ගෙ චරිතය නිරූපණය කරන Jack Quaid වඩාත් හොද තාත්විකත්වයක් මේ චරිතයට ගැබ් කරල තියෙනව කියන එකයි මගෙ නම් අදහස.

Episode title:-The Self-Preservation Society
Air Date:-2019 July 26
Director:-Daniel Attias
Imdb:-8.7

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම Bluray පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,812 downloadsDownload The-Boys-S01E07.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

සංජන චමෝද් වික්‍රමරත්න

Subtitles

9,812 downloadsDownload Subtitles28 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම

  4. Dewadithya

    Thanks for Sub!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  7. Thisara Prabhath Senarathne

    Thanks bro