Watch Trailer

The Boys [S04: E02] Sinhala Subtitles | සිස්ටර් සේජ් පසුපස [සිංහල උපසිරසි] 18+

The Boys Season 04 The Boys රසිකයින්ව සාදරයෙන් පිළිගන්නවා! ඔන්න එහෙනම් දෙවෙනි කතාංගයේ උපසිරසිත් අරගෙන ආවා. පළවෙනි එපිසෝඩ් එක බැලුවා නම් මේ සීසන් එකත් කලින් තුන වගේ සුපිරියක් වෙන බවට පෙරනිමිති තියෙන බව දකින්න ඇති නේ. Daddy’s Home ! පසුගිය කොටසින්… පළවෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ බෝයිස්ලා වික්ටෝරියා නිය…

The Boys

The Boys Season 04

The Boys රසිකයින්ව සාදරයෙන් පිළිගන්නවා! ඔන්න එහෙනම් දෙවෙනි කතාංගයේ උපසිරසිත් අරගෙන ආවා. පළවෙනි එපිසෝඩ් එක බැලුවා නම් මේ සීසන් එකත් කලින් තුන වගේ සුපිරියක් වෙන බවට පෙරනිමිති තියෙන බව දකින්න ඇති නේ. Daddy’s Home !

පසුගිය කොටසින්…

පළවෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ බෝයිස්ලා වික්ටෝරියා නියුමන් ව ඇසිඩ් පාවිච්චි කරලා මරන්න හදන තැනින්. ඒත් සුපුරුදු පරිදි මෙහෙයුම නොහිතූ අතකට පෙරළුණත් බෝයිස්ලා පණ බේරගෙන එතනින් පැනගන්න සමත් වෙනවා. අපට හොයාගන්න ලැබෙනවා නියුමන්ගේ දුව සොයී සූප් කෙනෙක් බවත්, දැන් බෝයිස්ලගේ නායකයා M. M. බවත්, දැන් The Boys වැඩ කරන්නේ CIA එකට බවත්. ඉතින් නියුමන්ව මරන එක ඉහළින්ම ආපු නියෝගයක්.

හෝම්ලෑන්ඩර් ගැන කතා කරන්න ගත්තොත් කෙස් සුදු වෙලා වයසට යන නිසා මිනිහා mid-life crisis එකකට මුහුණ දීලා ඉන්නේ. මං බලාගෙන හිටියේ කොයි වෙලේ කාව මරයිද කියලා. වෙලාවට කවුරුවත් මැරුවේ නම් නෑ (අර හෝම්ටීමර්ස්ලා තුන් දෙනා ඇරෙන්න). එයා දැන් වෝට් වල ප්‍රධානියා නිසා උපදෙස් ගන්න එයාට වඩා බුද්ධිමත් “සිස්ටර් සේජ්” කියලා සූප් කෙනෙක්ව ගේනවා.

මේ සීසන් එකට අලුතින් හඳුන්වලා දෙන සූප්ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි Sister Sage, අනිත් එක්කෙනා Firecracker. එයාව මේ එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්. කොහොමහරි, සිස්ටර් සේජ් සහ හෝම්ලෑන්ඩර් එකතු වෙලා දහජරා උපක්‍රම පාවිච්චි කරලා ස්ටාලයිටර්ස්ලා සහ හෝම්ටීමර්ස්ලා අතර සටනක් ඇති කළා. බොරුවට මිනිස්සු තුන් දෙනෙක් මරලා ඒක කළේ ස්ටාලයිටර්ස්ලා කියලා ප්‍රසිද්ධ කළා.
ඒවගේම රයන්ට බෝතලේකින් ගහපු මිනිහව මැරුවට නඩුවකට මුහුණ දෙමින් ඉඳපු හෝම්ලෑන්ඩර් අහිංසකයි කියලා තීරණය කරනු ලැබුවා. ඒවගේම Homelander රයන්ව තමන් වගේම කරන්න වෙන මහන්සියත් අපි දැක්කා.

මේ අතරේ හියුඊගේ තාත්තගේ මොළේ ලේ කැටියක් හිර වෙලා. ඒක ගැන බලන්න හුයුඊව පොඩි කාලෙ දාලා ගිය එයාගේ අම්මා ආපහු ඇවිත්. ඒ අස්සේ මරණයට ළං වෙන බුචර්ට බෙකාව පේන්න අරන්. ඉතින් ඉස්සරහට හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වෙයි වගේ.

එහෙනම් මේ එපිය බලන්නකෝ. තුන්වෙනි එපිසෝඩ් එකේ සබ් එක අපේ සංජන අයියා හරියටම තව පැය 2කින් අරගෙන එනවා. ඉතින් අමතක නොකර තව පැය 2කින් ඇවිත් සබ් එක ගන්න. එහෙනම්, තවත් උපසිරසියකින් හමුවෙමු. පීස් ✌️.

 

The Boys, The Boys Season 04, The Boys [S04: E02] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

10,813 downloadsDownload The-Boys-S04-E02-Sinhala-Subtitles.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

10,813 downloadsDownload Subtitles34 KB

19 comments

  1. Yoshitha

    Hambe danakan hitiye wena wadak thibbe na payen payata awith baluwa dalada kiyala

    1. k dulaj randinu

      kohenda vedeo copy gaththe

  2. Kanishka

    Knuckles series eke ituru tikata sub dennako

  3. Dulan randika

    බොහොම ස්තූතියි සිංහල උපසිරසයට.

  4. Anonymous

    ❤️

  5. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි බ්‍රෝ

  6. sithum

    elama

  7. JonDoe297

    Thanks
    Adareiii

  8. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  9. viraj

    thanks...........

  10. Sahan Gayantha

    thanks a lot Sanupa saho sub ekata

  11. ශෙහාන්

    මල්ලි සිරාවට උබෙ sub super

  12. k dulaj randinu

    oyalage telgram chanel eketa the boys s04 vedeo copy link tika dannako plz

  13. Buddhika Lakmal

    පට්ට මචං..
    තෑන්ක්ස් සබට

  14. sachintha

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  15. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  16. Dewadithya

    Thanks for Sub!

  17. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  18. chinthaka chathuranga

    thanks bro