Watch Trailer

The Boys [S04: E03] Sinhala Subtitles | මිනිස්සු වෙනස් වෙන්නෙ නෑ [සිංහල උපසිරසි] 18+

The Boys Season 04 හරි යාළුවනේ ඔන්න එහෙනම් බයිස්කෝප් කණ්ඩායමේ කට්ටිය එකතුවෙලා අරන් එන The Boys කතා මාලාවේ හතරවන කතා සමයේ තුන්වන කතාංගයට තමයි මං මේ උපසිරැසි අරන් එන්න හදන්නෙ. ඉතින් අපි මේ කතාංගය දිහා බලන්න කලින් කලින් කතාංගයන් ගැන බලමු. අපි ඉතින් කලින් කතාංගයෙන් දැකපු විශේෂම දෙයක් තමා හියුඊගෙ අම්මගෙ…

The Boys

The Boys Season 04

හරි යාළුවනේ ඔන්න එහෙනම් බයිස්කෝප් කණ්ඩායමේ කට්ටිය එකතුවෙලා අරන් එන The Boys කතා මාලාවේ හතරවන කතා සමයේ තුන්වන කතාංගයට තමයි මං මේ උපසිරැසි අරන් එන්න හදන්නෙ. ඉතින් අපි මේ කතාංගය දිහා බලන්න කලින් කලින් කතාංගයන් ගැන බලමු. අපි ඉතින් කලින් කතාංගයෙන් දැකපු විශේෂම දෙයක් තමා හියුඊගෙ අම්මගෙ පැමිණීම ගැන. ඒ වගේම අපි දැනගන්නව එයාගෙ අම්ම වෝට් එකේ වැඩ කරන කෙනෙක් කියලත්. අනිත් විශේෂ දේ තමා මේ “සිස්ටර් සේජ්” කියන සුපිරි අධි මානසික වීරයා හෝම් ලෑන්ඩර් එක්ක එකතුවෙලා හිමීට ගහන්න හදන ගේම. එයා තනිකරම මොකාටද එන්න හදන්නෙ කියන එක අපිට හිතාගන්නවත් බෑ ඉතින්. මං පොඩ්ඩක් මෙතන්දි කතාව නවත්තල මේ සිස්ටර් සේජ් කියන වීරවරිය ගැන පොඩ්ඩක් කතා කරන්න කැමතියි.

අපි දන්නව මේ ද බෝයිස් කතා මාලාව නිර්මාණය වෙන්නෙ ද බෝයිස් කියන Dynamite comics පාදක කරගෙන කියල. ඉතින් අපි මේ කතා මාළාව පුරාම ගොඩක් තැන්වලදි දැක්ක වගේ මේ කතා මාලාවෙ කතා ලියන කෙනා විදියට කටයුතු කරන Eric Kripke මේ කතා මාලාවෙදිත් කතාවෙ කොලිටි එක වැඩි කරගන්න කොමික් එකට වඩා ලොකු වෙනස්කම් ගොඩක් කරල තිබ්බ. ඒකට හොදම උදාහරණෙ තමයි මේ සිස්ටර් සේජ් කියන කැරැක්ටර් එක සහ ෆයර්ක්‍රැකර් කියන කැරැක්ටර් එක.

“ඉහත කිව්ව කැරැක්ටර් දෙකම අපිට කොමික් වල දැකගන්න හම්බවෙන්නෙ නෑ, හරියට සීසන් 01 එකේ අපි දැක්ක ට්‍රාන්ස්ලූසන්ට්ගෙ කැරැක්ටර් එක වගේම තමා”

හරි අපි ආයෙත් කතාවට එමුකො. අපි දකිනව මේ ෆයර්ක්‍රැකර් වෙනුවෙන් මිනී මරන්න ලෑස්තිවෙන ඩයල් එක, අපේ මේ බෝයිස් ගෘඋප් එකට ඇටෑක් කරනව. ඉතින් එතනදි බුචර් ඇවිල්ල සෙට් එක බේරගන්න උදව් උනේ නැත්තම් හොදටම කෙල වෙනව.

අනිත් දේ තමයි මේ ඒ-ට්‍රේන්ගෙන් අපි දකින වෙනස. පොර ස්ටාර්ලයිට්ලගෙ පැත්තට බර වීගෙනවත් ද මේ එන්නෙ? මාර ප්‍රශ්නයක් ඒක. හැබැයි අපිට නම් පොර රොබින්ට කරපු විනාසෙ නම් අමතක නෑ හරිද?

මේ කතා සමයෙ පලවෙනි කොටසෙ තමා ඉතින් මං පෞද්ගලිකව කැමති ඩයල් එකක් එන්නෙ, වෝකින් ඩෙඩ් එකේ නීගන්. මේ කතා මාලාවෙ නම් CIA නිලධාරි ජෝගෙ කැරැක්ටර් එක තමා ඇක්ට් කරන්නෙ.

හරි, අපි එහෙනම් 3 වෙනි කොටස ගැන බලමු. තුන්වෙනි කොටසත් ඉතින් පට්ටම කියල කියන්න පුලුවන් කතාංගයක් තමයි, සුපිරිම සිද්ධි ගොඩක් වෙනව. එහෙනම් ඊළග කොටස අපේ තව සහෝදරයෙක් අරන් ඒවි. නැවතත් පස්වෙනි කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තු ඇතිව මං සමුගන්න ගමන් කියන්නෙ කතාංගය හොදින් රසවිදින්න කියල.

Episode name: – We’ll Keep the Red Flag Flying

Director: – Frederick E.O. Toye

IMDB:- 8.3

The Boys, The Boys Season 04, The Boys [S04: E02] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

12,110 downloadsDownload The-Boys-S04-E03-Sinhala-Subtitles.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

12,110 downloadsDownload Subtitles37 KB

15 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම් ස්තූතියි මල්ලි.

  2. Anonymous

    Thanks for Sub…❤❤❤

  3. Sahan Gayantha

    thanks a lot Sanjana saho sub ekata

  4. Buddhika Lakmal

    තෑන්ක්ස් මචෝ සබට...
    සුපිරි වැඩක්....
    ජයවේවා....

  5. viraj

    thanks.......

  6. sachintha

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  7. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සන්ජන. ජයවේවා!

  8. Kalana Bhasitha

    Hey Can You Make S04E04 Sub

    1. Ranga

      It's coming bro...

  9. Senuth

    Ep 4 awith neda kawadda demne eka

    1. Ranga

      Thawa tikakin denawa sahoo....

  10. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  11. Dewadithya

    Thanks for Sub!

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  13. chinthaka chathuranga

    thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.