Watch Trailer

The Boys [S04: E01] Sinhala Subtitles | දහජරා උපක්‍රම [සිංහල උපසිරසි] 18+

The Boys Season 04 ඔන්න එහෙනම් සුවහසක් සුපිරිවීර රසිකයන් ඇඟිලි ගනිමින් බලාගෙන ඉන්න The Boys කතා මාලාවේ 4 වෙනි කතා සමය නමෝවිත්තියෙන් ආරම්භ කරන්නයි මේ සූදානම. එපිසෝඩ් 8 කින් සමන්විත වෙන මේ සීසන් එකේ එපිසෝඩ් 3ක් අද Prime Studios විසින් නිකුත් කරනු ලැබුවා. ඒවගේම මේ වෙනකොට සීසන් 5 හෙවත් අවසන් සීසන් එක r…

The Boys

The Boys Season 04

ඔන්න එහෙනම් සුවහසක් සුපිරිවීර රසිකයන් ඇඟිලි ගනිමින් බලාගෙන ඉන්න The Boys කතා මාලාවේ 4 වෙනි කතා සමය නමෝවිත්තියෙන් ආරම්භ කරන්නයි මේ සූදානම. එපිසෝඩ් 8 කින් සමන්විත වෙන මේ සීසන් එකේ එපිසෝඩ් 3ක් අද Prime Studios විසින් නිකුත් කරනු ලැබුවා. ඒවගේම මේ වෙනකොට සීසන් 5 හෙවත් අවසන් සීසන් එක renew කරලත් ඉවරයි. ඒකෙන්ම පේනවනේ සීසන් එක ගැන Amazon ලගෙ තියෙන confidence එක. එහෙනම් ඔන්න මහ වෙලාවක් යන්න කලින් පළවෙනි එපිසෝඩ් එකේ සබ් එකත් ගෙනාවා.

Marvel සහ DC සුපිරිවීර චිත්‍රපටිවල සහ ටීවී සීරිස්වල පුරෝගාමියෝ වුණාට දැන් අවුරුදු බර ගාණක් තිස්සේ එකම formula එක රිපීට් කර කර ඉන්න නිසා රසිකයින්ට පවා සුපිරිවීරයෝන්ගේ තිබුණ ආකර්ෂණය නැති වෙලා ගියා කියන්න පුළුවන්. මේකට “superhero fatigue” කියලා නමක් පවා පටබැඳුණා. ඉතින් ඔන්න ඔය අතරේ තමයි Amazon Prime superhero genre එකට enter වෙන්නේ. 2019 දී නිකුත්වුණු The Boys කතා මාලාව විසින් සුපිරිවීරයින් ගැන රසික හිත්වල තිබුණු රූපය කනපිට හැරෙව්වා.

Gore සහ violence පිරුණු මේ කතා මාලාව 18+ ඕඩියන්ස් එක ටාගට් කරගෙන දැවැන්ත සාර්ථකත්වයක් ලැබුවා. කතාවට පාදක වුණේ 2006 ඉඳන් 2012 වෙනකන් පළවුණු The Boys කියන issues 72 කින් සමන්විත කොමික් පෙළයි. සීරිස් එක මේ ටික පාදක කරගත්තට කතාව නම් සෑහෙන්න වෙනස් කරල තියෙනවා. මගේ මතය නම් නිර්මාණයක් විදියට ගත්තම සීරිස් එක කොමික් ටිකට වඩා සෑහෙන්න හොඳයි කියන එකයි.

ඔය මදැයි සීරිස් එක ගැන විස්තර. අපි තුන්වෙනි කතා සමය එහෙනම් ඉක්මනට සාරාංශ කරමුකෝ. තුන්වෙනි සීසන් එකේ ලොකු අවධානයක් යොමු වෙලා තිබුණ දේවල් තුනයි; බුචර් සහ හෝම්ලෑන්ඩර්ගේ පුතා වන රයන් අතර සම්බන්ධය, වික්ටෝරියා නියුම්න් සහ සෝල්ජර් බෝයි. වික්ටෝරියා නියුමන් කියන්නේ අනතුරුදායක සූප් කෙනෙක් කියලා සහ එයා අගමැති ධූරය ගන්න බලාපොරොත්තු වෙන බව අපි සීසන් එක අවසන් වෙනකොට දැක්කා. මේ අතරේ සූප්ලගේ බලය තාවකාලිකව මනුස්සයින්ට ලබා දෙන ටෙම්ප් වී වල සහ සෝල්ජර් බෝයිගේ උදව්වෙන් හෝම්ලෑන්ඩර්ව මරන්න බුචර් සහ හියුඊ ගේ උත්සාහය අපි දැක්කා. ටෙම්ප් වී වල භාවිතය නිසා මදර්ස් මිල්ක් සහ ෆ්‍රෙන්චී මේ දෙන්නා එක්ක වැඩ කරන්න කැමති වුණේ නෑ. ඒවගේම හෝම්ලෑන්ඩර් කියන්නේ සෝල්ජර් බෝයිගේ පුතා කියලත් එළි වුණා.

ඒත් අන්තිමට හෝම්ලෑන්ඩර්ව මරන්න ඔන්න මෙන්න තියෙද්දී බුචර්, රයන් නිසා පස්ස ගැහුවා. ඒ නිසා හෝම්ලෑන්ඩර් මැරුණේ නෑ. අන්තිමට බුචර්ට රයන්වත් නැති වුණා. එයා තමන්ගේ තාත්තා වන හෝම්ලෑන්ඩර්ව තෝරගත්ත නිසා. හැබැයි සිද්ධ වුණ ලොකුම දේ තමයි ස්ටාලයිට් අස් වෙලා “The Boys” ලට බැඳුණ එක.

ඒවගේම Boys ලගේ spin-off එකක් විදියට නිකුත් වුණු Gen V ත් මේකට සම්බන්ධයක් තියෙනවා. ඒකෙදී අපට ගොඩොල්කින් යුනිවර්සිටි එක ගැන සහ සූප්ලාව මරන්න පුළුවන් වයිරස් එකක් ගැන විස්තර හොයාගන්න ලැබුණා. මේක ගැන බුචර් ත් දන්නවා. මේක බලන්න කලින් Gen V බලලා එනවා නම් තමයි හොඳ.

ඉතින් සීරිස් එක ගැන ගුණ වයනවා නම් තව කියන්න දේවල් බොහොමයි. ඒත් කට්ටිය මේක බලන්න නොඉවසිල්ලෙන් ඉන්න නිසාම මෙතනින් නවත්තන්නම්. දෙවෙනි, තුන්වෙනි එපිසෝඩ්වල සබ් අපේ බයිස්කෝප් සහෝදරවරු දෙන්නෙක් ඉක්මනින්ම අරගෙන ඒවි. එහෙනම් බෝයිස්, the c*nts are back!

අලුත් උපසිරසියකින් හමුවෙමු එහෙනම්. පීස් ✌️.

 

The Boys, The Boys Season 04, The Boys [S04: E01] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

12,256 downloadsDownload The-Boys-S04-E01-Sinhala-Subtitles.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

12,256 downloadsDownload Subtitles34 KB

21 comments

  1. Anonymous

    එලකිරි නේ සහෝලා... ඇගිලි ගැන ගැන හිටියෙ මේක දෙනකල්... ජය වේවා...

  2. Saminda

    Thanks bro...

  3. යුරාන් ධනුක (දනුවා)

    අම්මෝ.... වෙඩි වගේ දීලනේ.. උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලි.

  4. Naara

    thank you malle !

  5. Kasun Chathuranga

    එනකන් බලන් හිටියේ. Don’t you worry. Daddy's home.

  6. viraj

    thanks..........

  7. WM KAVINDU SRIMAL

    thank bro

  8. sithija

    ep 02,03 ona

  9. *******

    Elkiri ohomma gmmt 2tai 3tai demu kollooo

  10. Kanishka

    Knuckles series eke ituru tikata sub dennako

  11. sahan malinga

    thanks bro

  12. Buddhika Lakmal

    ස්තූතියි සහෝ සබට

  13. sithum

    ගැම්මක් තමයි

  14. Akila Dilhara

    Thanks for Sub Brother....❤❤❤

  15. Sahan Gayantha

    thanks a lot Ranmeth saho sub ekata

  16. sachintha

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  17. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සනුප මල්ලි. ජයවේවා!

  18. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  19. Dewadithya

    Thanks for Sub!

  20. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  21. chinthaka chathuranga

    thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.