The Boys Season 04 ඔන්න එහෙනම් කොයි කවුරුත් බලන් හිටිය බෝයිස් හතර වෙනි සීසන් එකත් මේ විදිහට අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. කලින් සීසන් තුනට වඩා මේ සීසන් එකට මිශ්‍ර (වැඩිපුරම සෘණාත්මක) ප්‍රතිචාර තමයි ලැබුණේ. ඒකට හේතුව බලපු ඔයාලත් දන්නවා ඇතිනෙ, ඒ කොහොම වුණත් සීසන් එක මුලදි අඩු ප්‍රතිචාර ලබාගත්තත් අවසා…

ඔන්න එහෙනම් කොයි කවුරුත් බලන් හිටිය බෝයිස් හතර වෙනි සීසන් එකත් මේ විදිහට අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. කලින් සීසන් තුනට වඩා මේ සීසන් එකට මිශ්‍ර (වැඩිපුරම සෘණාත්මක) ප්‍රතිචාර තමයි ලැබුණේ. ඒකට හේතුව බලපු ඔයාලත් දන්නවා ඇතිනෙ, ඒ කොහොම වුණත් සීසන් එක මුලදි අඩු ප්‍රතිචාර ලබාගත්තත් අවසානය වෙනකොට ආපහු හරි ට්‍රැක් එකට වැටිල ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන විදිහේ සුපිරිම එන්ඩ් එකකුත් දීල තමා මේ කතා සමය ඉවර කරන්නේ. ගොඩක් අයට මේ සීසන් එක ගැන අවුලක් තිබුණත් ගොඩක් අය එකඟ වේවි බෝයිස් සීසන් හතරෙන්ම හොඳම එන්ඩ් එකක් දුන්න සීනස් එක මේක කියලා. මොකද ප්‍රේක්ෂකයා නොසිතපු විදිහේ සිද්ධීන් දාමයක් සිදුවෙලා පස් වෙනි සීසන් එක වෙනුවෙන් හොඳ පාරක් කපල තමයි මේක ඉවර වෙන්නේ. අපි එහෙනම් මෙතෙක් කතාව ගැන මතක් කරන් ඉමු,
මේකෙදි වැඩි අවධානයක් යොමු වුණේ හෝම්ලෑන්ඩර්ව දේශපාලනයට යොමු කිරීමට කරන ලොකු කුමන්ත්‍රණයක් ගැන, ඒකෙ සාර්ථකබාවෙ ගැන ඔයාලට මේ එපිසෝඩ් එකේ අන්තිමේදි බලගන්න හැකි වෙයි. කොහොම හරි හෝම්ලෑන්ඩර්ගෙ සැලසුම වුණේ ජනපති වීමට නියමිතව සිටි සිඟර් ජනපති ලෙස වැඩ බාරගත්තු ගමන්ම 25 වෙනි සංශෝදනේ ක්‍රියාත්මක කරලා ඔහුව අයින් කරලා උප ජනපතිණි වික්ටෝරියා නිව්මන්ව ජනපති කරවලා ඇයව රූකඩයක් වගේ තමන්ට ඕනෙ විදිහට නටවන්නයි. මේ අතරෙදි බෝයිස් කන්ඩායමේ ලොකුම තුරුම්පුව වෙලා තියෙන්නේ සූප්ලව මරන්න පුළුවන් වෛරස් එක. බුචර්ගෙ පිලිකාවත් දැං හොඳටම උත්සන්න වෙලා මාරාන්තික තත්වෙක තමයි ඉන්නේ. හෝම්ලෑන්ඩර් හැම අතින්ම ටිකෙන් ටික බලයෙන් ශක්තිමත් වෙද්දි බෝයිස් කන්ඩායම එන්න එන්න පහතට තමයි වැටෙන්නේ.
ඒ අනුව ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන් හෝම්ලෑන්ඩර්ගෙ සැලසුම හරියටම සිදුවෙයිද? බෝයිස් කන්ඩායමට හැකිවෙයිද සූප්ලට එරෙහිව සටන් කරන්න හොඳ විකල්පයක් හොයාගන්න? ඒ වගේම මේ දේශපාලන සටනින් අවසානයේ කවුරු ජයගනීද කියලත්.
මේ එපිසෝඩ් එක නිකුත් වෙන්නේ ජූලි 18 වෙනිදා, මේ වෙනකොට IMDb 9.2 ඉතා ඉහල අගයක් ලැබිල තියෙනවා. ඔයාලට මේකෙ අවසාන සීසන් එක නැතිනම් පස් වෙනි සීසන් එක 2026 බලාගන්න හැකිවෙයි. එහෙනම් මේ සීසන් එකට උපසිරැසි කරන්න දායක වුණ හැම සහෝදරයෙක්ටම ස්තූති කරන ගමන් නැවතත් 2026 දි බෝයිස් අවසානයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ජය්වේවා!
The Boys Season 04 The Boys Season 04Episode name – “Season Four Finale”
Writers – Jessica Chou, David Reed, Eric Kripke
Director – Eric Kripke
Air date – 2024 July 18
IMDb Rating – 9.2
The Boys, The Boys Season 04, The Boys [S04: E04] Sinhala Subtitlesමනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8,265 downloadsDownload The-Boys-S04-E08-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Boys S04 Sinhala Subtitles
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #The Boys Season 04
- #The Boys Season 04 Sinhala Subtitles
- #The Boys Sinhala sub
- #The Boys Sinhala subtitles
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
8 comments
Sahan Gayantha
dulaj
plz vedeo copy tikath chanel ekta upload karannako
Buddhika laKMal
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.....
ඇඩ්මින්... සයිට්එකට ලොග්වෙන්න බෑනේ මචං....sithum
elama
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට වගේම මාවත් වැඩේට එකතු කරගත්තට බොහෝම ස්තූතියි සහෝ
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤chinthaka chathuranga
thanks bro
aravinda
Bohoma sthuththi mulu season ekama dunata..
Elakiri..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Boys [S04: E08] Sinhala Subtitles | දිනුම කාටද? [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/The-Boys-S04-Cover-pic.jpg)




thanks a lot Bimsara saho sub ekata