Watch Trailer

The Boys [S04: E07] Sinhala Subtitles | ඔත්තුකරුවාගේ හෘද සාක්ෂිය [සිංහල උපසිරසි] 18+

The Boys Season 04 ආයුබෝවන් හැමෝටම, ඔන්න මේ පාර Boys කතාමාලවේ කොටසකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුනා. ඔයාලා කලින් කොටස බලන්න ඇති.කියලා හිතනවා. එහෙනම් සුපුරුදු විදියට පෙර කොටස සංක්ෂිප්තව මතක් කරගෙන අද කතාව පැත්තට යමු. පෙර කතාංගයෙන් . . . . තමන්ගේ පෙර වැරදි දරා ගන්න බැරුව ෆ්රේන්චී පොලීසියට භාර උනා වගේ…

The Boys

The Boys Season 04

ආයුබෝවන් හැමෝටම, ඔන්න මේ පාර Boys කතාමාලවේ කොටසකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුනා. ඔයාලා කලින් කොටස බලන්න ඇති.කියලා හිතනවා. එහෙනම් සුපුරුදු විදියට පෙර කොටස සංක්ෂිප්තව මතක් කරගෙන අද කතාව පැත්තට යමු.

පෙර කතාංගයෙන් . . . .

තමන්ගේ පෙර වැරදි දරා ගන්න බැරුව ෆ්රේන්චී පොලීසියට භාර උනා වගේම එයාව බලන්න කිමිකෝ හැමදාම පොලීසියට ගියත් ෆ්රෙන්චී ඇයව හම්බෙන්න ආවේ නෑ. කලින් කොටසේ වැඩි හරියක්ම වෙන් වෙලා තිබුනේ ටෙක් නයිට් සම්බන්ධ දේවල් වලට තමයි. ඔයාලා දන්නවනේ ටෙක් නයිට් කියන්නෙත් වෝට් එකේ ඉන්න බලවත් සූප් කෙනෙක් කියලා. ටෙක් නයිට්ගේ සුපිරි බලය තමයි ඔහුට තියෙන අධි සංවේදීත්වය. ඒ කියන්නේ ටෙක් නයිට්ට සුපිරි ඇස් පෙනීමක්, කන් ඇසීමක් මෙන්ම තියුණු සංවේදක පිහිටලා තියෙනවා. ඒ නිසා කවුරුහරි බොරුවක් කිව්වත් එයාට ඉක්මනටම දැනෙනවා. ඉතිං ටෙක් නයිට් තමන්ගේ වතුයායේ නිවසක ෆෙඩරල් සාමාජිකයන්ට සාදයක් පවත්වනවා. ඒකට හෝම්ලෑන්ඩර් ඇතුළු සෙවන් එකත්, වික්ටෝරියා නිව්මන් සහ තවත් ෆෙඩරල් දේශපාලකයෝ රැසක් එන බව බෝයිස්ලට දැනගන්න ලැබෙනවා. ඉතිං මේ සාදය අස්සට රිංගලා නිව්මන් ඇතුළු කට්ටියගේ සැලසුම දැනගන්න එම් එම් අමුතුම සැලසුමක් ගහන හැටිත් අපි දැක්කා. මේ සාදයට යන්න පුළුවන් ආරාධිත අයට විතරක් නිසා ටෙක් නයිට්ගේ හිතවතෙක් වෙන වෙබ්වීවර්ගේ සහය ගන්නත් එම් එම්ට පුළුවන් වෙනවා. වෙබ්වීවර් වගේ ඇඳගෙන සාදයට යන අපේ හියුඊට, ටෙක් නයිට් සහ ඈෂ්ලි කරපු දේවල් වලට ඔයාලා හැමෝටම බඩ පැලෙන්න හිනා යන්න ඇතිනේ. කොහොමහරි අහුවෙන්න ගිහින් කට්ටිය යන්තම් පැනගත්තත් ටෙක් නයිට්ටනම් ජීවිතය අහිමි වෙනවා.

>ඒ වගේම එම් එම්ට හදිසියේ ඇතිවන හෘදයාබාධයත්, හෝම්ලෑන්ඩර්ගේ සැලසුම් කොට උඩ යන්න ගිහින් නිව්මන් මැද්දට පැනලා බේරගන්න විදියත්, ෆයර්ක්‍රැකර් විසින් හෝම්ලෑන්ඩර්ගේ ප්‍රියතම පානය ආසම විදියට බොන්න දෙන විදියත් අපි දැක්කා. අන්තිමටම අපි දැක්කේ මෙච්චර කල් ලොකු කතා බහක් ඇතිකල ෆෑන් තියරියක් උන ජෝ කෙස්ලර් චරිතය අපි හිතුවා වගේම බුචර් හිතේ මවා ගත්ත දෙයක් බව දැනගන්න ලැබෙන විදියයි.

අද කොටසින් ගොඩක් සුවිශේෂ සිද්ධි කිහිපයක්ම බලාගන්න පුළුවන්. හෝම්ලෑන්ඩර් දැන් ටික ටික ෆයර්ක්‍රැකර් එක්ක එකතු වෙන බවත් අති පණ්ඩිත සිස්ටර් සේජ්ව ගණන් ගන්නේ නැති බවත් දකින්න ලැබෙනවා. ස්ටාර්ලයිට්ටත් නොහිතපු ඇබැද්දියකට මුහුණ දෙන්න වෙනවා වගේම සුපිරි ෆයිට් ටිකකුත් බලාගන්න පුළුවන්. එහෙනම් ඉතිං මේ කතාංගයෙන් මගේ වැඩ කොටස අහවරයි. මාව මේ කතා මාලාවට සම්බන්ධ කරගත්තට බිම්සර යෂාන් සහෝට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම කොටසක් පරක්කු උනාම බනින විදියටම උපසිරසි දුන්නමත් කොමෙන්ට් දාන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙම උනොත් පස්වෙනි කතා සමයේ උපසිරැසිත් අපේ බයිස්කෝප් Boys සෙට් එක ඔයාලට අරන් එයි. එහෙනම් මම යන්නයි හදන්නේ මේ කතාමාලාවේ අන්තිම කොටස බිම්සර සහෝ ඔයාලට අරන් එයි. තවත් උපසිරසියකින් ඔයාලව හම්බෙනකම් ජය වේවා!

The Boys Season 04 The Boys Season 04

අද කතාංගයේ නම – “The Insider”

කතා රචනය – Paul Grellong

අධ්‍යක්ෂනය – Catriona McKenzie

විකාශය වූ දිනය – 2024 ජුලී 11

IMDb අගය – 8.5

මීළඟ කතාංගය – “Assassination Run”

The Boys, The Boys Season 04, The Boys [S04: E04] Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,545 downloadsDownload The-Boys-S04-E07-Sinhala-Subtitles.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Boys S04 Sinhala Subtitles

Previous BT1All BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

8,545 downloadsDownload Subtitles35 KB

20 comments

  1. sithija gimhan

    last episode ekanam hetama onee

    1. unknown

      episode 8 dalada tynne. nattam mata hoyaganna bariwada.

  2. ශෙහාන්

    අනේ බැන්නෙ නෑ. පරක්කු උනාම දුකයි.ඒකයි. මේකෙන් ඇරෙන්න වෙන site වලින් sub ගන්නෙ නෑ. මේක copy තමයි හැම එකක යන්නෙ. Thank you biscope සෙට් එකටම ❤ ❤️❤️❤️

  3. WM KAVINDU SRIMAL

    thank

  4. Pehan

    බොහොම ස්තූතී, ඒත් ඇයි මෙච්චර Sub එක පරක්කු වෙන්නේ

  5. Dinush

    Gammc tama ithim. Uran danuka

  6. sithum

    elama

  7. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි යුරාන් සහෝ සබට.....
    කවුරු මොන දේ කිව්වත් ඔයාලගේ සබ් පරක්කුවුනාට අවුලක් නෑ බ්‍රෝ.....
    තමුන්ගේ පෞද්ගලික වැඩරාජකාරි මැද මෙහෙම හරි සබ් එක දෙනවට බොහෝම ස්තූතියි
    ජයවේවා.........

  8. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!

  9. Dewadithya

    Thanks for Sub!

  10. Chathura

    Supiri sub eka thanks bro

  11. Kaveen

    Last Epi eka dennako

  12. masiya

    අවසන් එක දෙන්නෙදිපු සබ් ටිකට ස්තුතියි

  13. Anonymous

    Thanks for the sub!!!!!!

  14. JonDoe297

    අන්තිම එපියට සබ් නැතිද තාම

  15. Sahan Gayantha

    thanks a lot Yuran saho sub ekata

  16. මලිත්

    Thanks මචං සබ් එකට...and baiscope.lk ❤️❤️

  17. Dhananjaya

    මේ ssubtitle එක episode 8 එකේ එක නෙමේ.episode 7 එකේ එකයි දාල තියෙන්නේ.මේක ඉක්මනට update කරන්නකෝ

  18. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  19. chinthaka chathuranga

    thanks bro