Watch Trailer

The Boys [S05: E04] Sinhala Subtitles | හෝම්ලෑන්ඩර් : ඇමරිකාවේ ශාස්තෘවරයා [සිංහල උපසිරසි] 18+

The Boys Season 05 අද කතාවෙදී හෝම්ලෑන්ඩගේ උමතුව තවත් දරුණු අතකට හැරෙන්නේ ඔහු තමන්ව “මෙසියස්” හෙවත් ලෝකයේ ගැලවුම්කරුවා ලෙස විශ්වාස කිරීමට පටන් ගැනීමත් සමඟයි; ෆයර්ක්‍රැකර් සහ කෝපරේට් කණ්ඩායමේ උදව්වෙන් ඔහු පැරණි පල්ලියක් “ඩිමොක්‍රටික් චර්ච් ඔෆ් ඇමරිකා. ( ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී පල්ලිය)) ලෙස වෙනස් ක…

The Boys Season 05 අද කතාවෙදී හෝම්ලෑන්ඩගේ  උමතුව තවත් දරුණු අතකට හැරෙන්නේ ඔහු තමන්ව “මෙසියස්” හෙවත් ලෝකයේ ගැලවුම්කරුවා ලෙස විශ්වාස කිරීමට පටන් ගැනීමත් සමඟයි; ෆයර්ක්‍රැකර් සහ කෝපරේට් කණ්ඩායමේ උදව්වෙන් ඔහු පැරණි පල්ලියක් “ඩිමොක්‍රටික් චර්ච් ඔෆ් ඇමරිකා. ( ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී පල්ලිය)) ලෙස වෙනස් කරමින් තමන්ව ඇමරිකාවේ ශාස්තෘවරයා ලෙස ලෝකයට හඳුන්වා දෙයි. මේ අතරතුර බුචර්, හියුඊ, එම්.එම්, ප්‍රෙන්චි සහ කීමිකෝ මුල්ම සහ බලවත්ම Compound V සංයෝගය වන ‘V1’ සොයාගෙන දශක ගණනාවක් වසා දමා තිබූ ‘ෆෝර්ට් හාමනි’ වෙත යන අතර, එහිදී අද්භූත බලවේගයක් නිසා ඔවුන්ගේ මනස විකෘති වී එකිනෙකා කෙරෙහි ඇති වෛරය පිටකරමින් කණ්ඩායම ඇතුළෙම මරාගන්නා තත්ත්වයකට පත්වේ (මෙහිදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ සෝල්ජර් බෝයිගේ මුල්ම කණ්ඩායමේ සිටි වෛරයෙන් පිරුණු ‘ක්වින්/බොම්බ්සයිට්’ නමැති පරණ සූප් කෙනෙකුටයි). වෙනමම ගමනක් ගිය ඇනී (ස්ටාර්ලයිට්) වසර 20කට පසු තමාව අතහැර ගිය පියාව සොයාගන්නා අතර, ඔහු දැන් වෙනත් පවුලක් සමඟ පොලිස් නිලධාරියෙකු (Ed) ලෙස ජීවත් වන බව දැනගනියි; හෝම්ලෑන්ඩර්ගේ පාලනයට බියෙන් ඔහු මුලින් ඇයව පාවා දීමට හැදුවත්, අවසානයේදී තම දියණියගේ ජීවිතය බේරාගැනීමට ඔහු ඉදිරිපත් වෙයි. කතාවේ ඇතැම් දෙබස් වැඩිහිටියන්ට පමණක් සීමාවූ ඒවා බව කරුණාවෙන් සලකන්න. උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්!                                      *-* ජය ශ්‍රී *-* 

 

The Boys, The Boys Season 05, The Boys Sinhala Subtitles

                                                       

                                             

 

 

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,256 downloadsDownload The-Boys-S05E04-Sinhala-Subtitles.zip38 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Boys S04 Sinhala Subtitles

                                         Previous BT1All BT1Next BT1

Subtitles by

යසිරු හසරංග

Subtitles

4,256 downloadsDownload Subtitles38 KB

4 comments

  1. Aasadi

    Thank

  2. Buddhika laKMal

    සබට තෑන්ක්ස්

  3. Ravindu Dananjaya

    Bro sampurna katawama dalane oya
    Thanks for sub ❤

  4. Sahan Gayantha

    thanks a lot Yasiru saho sub ekata