Watch Trailer

The Chilling Adventures of Sabrina [S02 : E08] Sinhala Subtitles | උපන්නෙමි ඈ, විනාශයේ නමින්!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් සබ්‍රිනා දෙවැනි කතාමාලාවේ අටවැනි කොටසේ උපසිරැසිය රැගෙන ආවා. මේ පාර කතාවනම් කලින්ට වැඩිය ගොඩක් සිත් ගන්නා ආකාරයක් තමයි දිස් වෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටසින් දැක බලාගන්න ලැබුනා ව්‍යාජ දෙවියන්ගේ දඩයක්කරුවන්ගෙ ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලබපු ඇම්බ්‍ර…

ඔන්න එහෙමනම් සබ්‍රිනා දෙවැනි කතාමාලාවේ අටවැනි කොටසේ උපසිරැසිය රැගෙන ආවා. මේ පාර කතාවනම් කලින්ට වැඩිය ගොඩක් සිත් ගන්නා ආකාරයක් තමයි දිස් වෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටසින් දැක බලාගන්න ලැබුනා ව්‍යාජ දෙවියන්ගේ දඩයක්කරුවන්ගෙ ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලබපු ඇම්බ්‍රෝස්ව පවා සබ්‍රිනා සැනෙකින් සුව කළ ආකාරය. එසේම ඇය මියගිය අයට පණ ලබා දීම නිසාත් ඇය මරණයෙන් යළි උපන් නිසාත් ඇයගෙ මේ අදහාගත නොහැකි මහා බලය ගැන මායා සමූහයේ හැම කෙනෙක්ම වගේ විස්මයටත් යම් බියකටත් පත් වෙලා ඉන්නේ. එසේම සබ්‍රිනා තමන්ගෙ යාලුවා වෙච්ච රොසලින්ඩ් හට නැවත පෙනීම ලබා දීමත් කට්ටියට මතක ඇති. ඒක අහලා හිල්ඩා නැන්දා පවා පුදුමා උනා නෙව.

ඒ වගේම තමයි ගිය සතියේ කොටසින් සබ්‍රිනා ගැන, සබ්‍රිනා හට අලුතින් ලැබුණු බලයන් ගැන යම් අදහසක් හෝඩුවාවක් සොයාගන්නට හාර්වි සහ තියෝ සමත් උනා. පතල්වල ඇති 13වැනි උමගෙන් මේ කට්ටියට පැරණි මායාකාරියෙක් මෙන්ම සියවස් ගණනාවක් තරම් පැරණි සබ්‍රිනාගෙ රුව ඇති සිතුවමක් සොයාගන්නට ලැබෙනවා. ඒ සිත්තමේ දැක්වෙන ආකාරයට සබ්‍රිනා මිහිපිට ලෝක විනාශය ගෙන ඒමට පැමිණි අදුරු ස්වාමීන්ගෙ දූතයෙක්, කොටින්ම කිව්වොත් අපායේ අග්‍රදුතයා. ඉතින් මේක දැකලා සබ්‍රිනා දැඩි තිගැස්මකට ලක් වෙනවා.

අද කොටස ගැන කිව්වොත් අද ඔන්න සබ්‍රිනා තමන්ගෙ ජිවිතේ ගැන මේ දැනගත්තු ලොකු රහසේ අගක්මුලක් හොයන්න වෙහෙසෙනවා. සබ්‍රිනා නික් එක්ක කෙලින්ම යන්නෙ මිස් වෝඩ්වෙල් ගාවට. ඉතින් මිස් වෝඩ්වෙල් එහෙමත් නැත්නම් වෝඩ්වෙල් වගේ ඉන්න ලිලිත් සබ්‍රිනාට මේ සිතුවම ගැන පැහැදිලි කිරීමක් කරලා දීලා යම් අදහසක් ද ලබා දෙනවා. ඒ අදහස වෙන්නෙ සබ්‍රිනා සතු මායා බලයන් සියල්ල අතෑරලා ඇයට සම්පූර්ණ ලෙසම මනුස්සයෙක් වෙන්න කියන එකයි. ඉතින් සබ්‍රිනාට මේකට කරන්න තියෙන්නෙ තමන් වගේම තවත් කෙනෙක්ව නිර්මාණය කරන එක. කොහොමහරි සබ්‍රිනා ඒ වැඩේත් ඉතාමත් අති සාර්ථක කරනවා.

හොදයි එහෙමනම් මීට වැඩිය දෙයක් මම කියන්න යන්නෙ නෑ. එහෙමනම් ඔගොල්ලොම බලන්නකෝ සබ්‍රිනා ලෝක විනාශය ගැන අනාවැකියක් නවත්තන්න මොනාද කරන්නෙ, ඒ වගේම ඒ කරන දේවල් සාර්ථක වෙයිද නැද්ද කියලා. එහෙමනම් මායාකාරිය සබ්‍රිනා ස්පෙල්මන්ගෙ වික්‍රම දෙවැනි කතාමාලාවේ මගේ වැඩ කොටස අවසන්. යළි හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,206 downloadsDownload Chilling-Adventures-of-Sabrina-S02E08.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,206 downloadsDownload Subtitles33 KB

12 comments

  1. dx12

    Thanks bro.
    Bro stranger things season 3 ekta sub dennako.
    Plzzzzzz

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. thathsaragayan

    thank bro

  4. suranuwan

    thanks bro...

  5. Rasindu Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්…

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Pramukmili

    thanxxx bro.............

  8. Milinda Sadaruwan

    Thank you bro

  9. Mr.pamz

    Thanks bro

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  11. Amila...ushan

    ස්තුතියි මචං

  12. Sajithlakshan

    thanks .....................