Watch Trailer

The Chilling Adventures of Sabrina [S04 : E03] Sinhala Subtitles | සිරුර ආක්‍රමණය කරන අමුතුම “පරපෝෂිතයා” [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කලින් එපිසෝඩ් දෙකේදිම ආපු Eldritch Terrors දෙන්නවම කොහොම හරි පාලනය කරගත්තා මතකයිනේ? හැබැයි ඔන්න දැන් එනවා තුන්වෙනි කරදරය. ඒ තමයි “The Weird” හෙවත් “අමුත්තා”. මේක කලින් ආපු ඒවාට වඩා සෑහෙන්න වෙනස්. මේක හරියට පරපෝෂිතයෙක් වගේ, සබ්‍රීනාගේ සිරුර ඇතුළටම රිංගලා ඇයව පාලනය කරන්න පටන් ගන්නවා. බ්ලැක්වුඩ්…

 

ඉතිං කලින් එපිසෝඩ් දෙකේදිම ආපු Eldritch Terrors දෙන්නවම කොහොම හරි පාලනය කරගත්තා මතකයිනේ? හැබැයි ඔන්න දැන් එනවා තුන්වෙනි කරදරය. ඒ තමයි “The Weird” හෙවත් “අමුත්තා”. මේක කලින් ආපු ඒවාට වඩා සෑහෙන්න වෙනස්. මේක හරියට පරපෝෂිතයෙක් වගේ, සබ්‍රීනාගේ සිරුර ඇතුළටම රිංගලා ඇයව පාලනය කරන්න පටන් ගන්නවා.

 

බ්ලැක්වුඩ් පියතුමා මේ වතාවේ එවන්නේ පෙනුමෙන් බූවල්ලෙක් වගේ අමුතු ජීවියෙක්. මේ ජීවියා සබ්‍රීනාගේ ඇඟ ඇතුළට ගිහින් ඇයගේ මොළය සහ සිතුවිලි ආක්‍රමණය කරනවා. සබ්‍රීනාට හිතාගන්න බැරි වෙනවා මොකක්ද මේ වෙන්නේ කියලා. ඇයට දැනෙන්නේ තමන්ගේ පාලනය තමන්ගෙන් ගිලිහී යනවා වගේ. මේක සබ්‍රීනාගේ ජීවිතයට විතරක් නෙවෙයි, මුළු මායා ලෝකයටම ලොකු තර්ජනයක් වෙනවා.

 

මේ අතරේ ඇම්බ්‍රෝස් මේ අලුත් සතුරා ගැන පරීක්ෂණ කරනවා. එයා හොයාගන්නවා මේ “The Weird” කියන බලවේගය සබ්‍රීනාගේ ඇඟෙන් ඉවත් කරන්න නම් හරිම අවදානම් වැඩක් කරන්න වෙනවා කියලා. ඒකට උදව්වට එන්නේ අපි කවුරුත් බලාපොරොත්තු නොවුණු කෙනෙක්. පියුරිෆිකේෂන් (Purification) ක්‍රියාවලියක් හරහා සබ්‍රීනාව බේරගන්න දරන උත්සාහය හරිම ඇඟ කිලිපොලා යන දර්ශන වලින් පිරුණු එකක්.

 

ඉතිං මේ වතාවේ සබ්‍රීනාට තමන්ගේම ශරීරය ඇතුළේ ඉන්න හතුරා එක්ක සටන් කරලා දිනන්න පුළුවන් වෙයිද? මේ අමුතු ජීවියා සබ්‍රීනාගේ ශරීරය පාවිච්චි කරලා ග්‍රීන්ඩේල් වලට මොන වගේ විනාශයක් කරයිද? ඒ වගේම මේ සිදුවීම් අස්සේ සබ්‍රීනා මෝනින්ස්ටාර් නිරයේ ඉඳන් මොන වගේ තීරණයක් ගනීද?

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

150 downloadsDownload Chilling-Adventures-Of-Sabrina-S04E03.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තරිදු දිසානායක

Subtitles

150 downloadsDownload Subtitles31 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි තරිදු සහෝ ‍මේකට සබ් දුන්නට