කොහොමද හැමෝටම ? මේ අරගෙන ආවේ ඔයාල සැහෙන දෙනෙක් ඉල්ලපු ටීවී සිරිස් එකක්. සෑහෙන දෙනෙක් ඉල්ලුවට මොකද මේක බලන්න පුළුවන් 18+ අයට විතරයි. ප්‍රසිද්දියේ බලල අපහසුතාවයට පත් වෙලා අපිට දොස් කියන්න එහෙම එපා ඔන්න 😉 මේ කතාව ජෝන් වික් ෆ්රන්චයිස් එකටයි සම්බන්ධ, ඔයාල මේ වෙනකොට ජෝන් වික් ෆිල්ම් තුනම බලන්න ඇති කියල…

කොහොමද හැමෝටම ? මේ අරගෙන ආවේ ඔයාල සැහෙන දෙනෙක් ඉල්ලපු ටීවී සිරිස් එකක්. සෑහෙන දෙනෙක් ඉල්ලුවට මොකද මේක බලන්න පුළුවන් 18+ අයට විතරයි. ප්‍රසිද්දියේ බලල අපහසුතාවයට පත් වෙලා අපිට දොස් කියන්න එහෙම එපා ඔන්න 😉
මේ කතාව ජෝන් වික් ෆ්රන්චයිස් එකටයි සම්බන්ධ, ඔයාල මේ වෙනකොට ජෝන් වික් ෆිල්ම් තුනම බලන්න ඇති කියල හිතනවා. බලල නැත්නම් අනිවා බලන්න. එහෙම ෆිල්ම් කවදාවත් මගහැරගන්න එපා. ඉතිං ඒ ෆිල්ම් එකේ එන නිව්යෝක් කොන්ටිනෙන්ටල් හොටෙල් එකේ කතාව තමයි මේ තියෙන්නේ. මේ මිනි සිරිස් එකක් විධියට නිර්මාණය වෙන මේ සිරිස් එකේ එපිසෝඩ් තුනයි තියෙන්නේ. හැබැයි ඒ තුන ෆිල්ම් තුනක් වගේ. පැය එකහමාර + ධාවන කාලයක් තියෙනව එක එපියක. මේ කතාව පසුබිම් වෙන්නේ 1970 දශකයට, හැබැයි ජෝන් වික් ෆිල්ම් තුනේ තිබුණු වයිබ් එක ඕනෑවටත් වඩා මේකේ තියෙනව.
මෙහි නිර්මාණකරුවන් වෙන්නේ Greg Coolidge, Shawn Simmons සහ Kirk Ward තිදෙනා. මේ සඳහා imdb වෙබ් අඩවියේ 7.5ක අගයක් ලැබෙනවා. ඒ වගේම RT වෙබ් අඩවියේ 64%ක විචාරක අගයකුත්, 81%ක ඕඩියන්ස් ස්කෝර් එකකුත් ලබාගෙන ෆ්‍රෙෂ් මට්ටමක් පවත්වාගෙන යන්න සමත් කම් දක්වනවා. ඒ වගේම මේ සඳහා සිනමා පුරාවෘතයක් වෙන Mel Gibson ප්‍රධාන වශයෙන් එකතු වෙනව. ඔහුට අමතරව ප්‍රධාන වශයෙන් Colin Woodell, Mishel Prada, Hubert Point-Du Jour, Katie McGrath, Ayomide Adegun, Nhung Kate, Jessica Allain වගේ අය එකතු වෙනවා. ඉතිං ජෝන් වික් ෆිල්ම් වගේම තමයි, මේ ටීවී සිරිස් එකත් ඇක්ෂන්, ක්‍රයිම් සහ ත්‍රිලර් කියන වර්ගයට අයිති වෙන්නේ.
අද මේ අරගෙන ආව පලවෙනි එපිය අධ්‍යක්ෂණය කරන්නේ Albert Hughes. ඔහු තමයි Alpha 2018 ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා. ඒ වගේම මේ එපියට 7.6ක imdb අගයක් ලබාගන්න සමත් වෙනවා. එහෙනම් අද කතාව ගැන බලමු.
අද කොටසින්:
වින්ස්ටන් කියන්නෙ කපටිකමින් බිස්නස් වැඩ ගොඩදාගන්න මොළකාරායෙක්. එයාට අයියා තමයි ෆ්‍රැන්සිස්. ෆ්‍රැන්කි කියල තමයි කතා කරන්නෙ. ඒගොල්ලො පොඩි කාලෙ ඉඳන් හැදිලා තියෙන්නෙ කොන්ටිනෙන්ටල් පරිසරයෙ දුක් විඳින ගමන්. කොන්ටිනෙන්ටල් කියන ඝාතකයන්ගෙ හෝටලේ ප්‍රධානියා වෙන කෝමැක් විසින් වින්ස්ටන්ට බල කිරීමක් කරනවා, වින්ස්ටන්ගෙ අයියා වෙන ෆ්‍රැන්සිස්ව හොයාගෙන එන්න කියලා. කතාව ඔය විදිහටයි සිද්ධ වෙන්නෙ. එහෙනෙම් සීරිස් එක අද ඉඳන් අවසානය තෙක් බලන්න කියල ආරාධානා කරනවා ඕං. ඒ වගේම කතාව ගැන ලිපිය ලියලා මේ වැඩේ කරන්න එකතු කරගත්ත විමා අයියටත් ස්තූති කරන ගමන් අදට සමුගන්නවා. අපි ඊළඟ කොටසින් මුණ ගැහෙමු. ජය වේවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
14,329 downloadsDownload The-Continental-From-the-World-of-John-Wick-S01-E01.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුවනක නිර්මාණ
Subtitles
- #Albert Hughes
- #Charlotte Brändström
- #Colin Woodell
- #Editor's Pick
- #Greg Coolidge
- #MaxxA
- #Mel Gibson
- #Mishel Prada
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Continental sinhala sub
- #The Continental: From the World of John Wick
- #The Continental: From the World of John Wick [S01 : E01] Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #බුවනක නිර්මාණ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
16 comments
Kantha_DLA
Saminda
Thank bro..
රුක්ෂාන්
දෙයියෙක්. සබ් නැතුව බලන්න විධියක් තිබුනෙ නෑ.
Thaveesha
2nd epi ekat ona
Anonymous
Thanks jayawewa....!
Isuru
Thanks ❤❤
udith
thanks....
Buddhika Lakmal
පට්ට සහෝ...
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..Yasas
Thnks bro
Kevidu
2nd ekath one bro
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Ravindu
E2 e3 ko ♥️
Ramesh
Thanks brother
chinthaka.max4
thanks machan
Sahan Gayantha
thanks a lot Buwanaka saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Continental: From the World of John Wick [S01 : E01] Sinhala Subtitles | නිව්යෝක් කොන්ටිනෙන්ටල් (18+) [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/continental-poster-01.jpg)



ගොඩක්ම ස්තූතියි නිර්මාණ සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!