Watch Trailer

The Deal [S01 : E06] Sinhala Subtitles | පලා යෑම   [සිංහල උපසිරැසි]

The Deal Season 01 Sinhala Subtitles අයුබෝවන් බයිස්කෝප්වාසීන් හැමෝටම! ගොඩ කාලකෙට පස්සේ ඔන්න ආයෙත් උපසිරැසියක් අරගෙන එන්නේ 2023 වර්ෂයේ විකාශනය උනු දකුණු කොරියානු කතාමාලාවකට. Wavve studio හරහා විකාශනය ආරම්භ කළ මෙම කතාමාලාව කොටස් 8කින් සමන්විත වෙනවා. මෙය වර්ගවෙන්නේ Crime , thriller , mistry කියන ශානර…

The Deal Season 01 Sinhala Subtitles

අයුබෝවන් බයිස්කෝප්වාසීන් හැමෝටම! ගොඩ කාලකෙට පස්සේ ඔන්න ආයෙත් උපසිරැසියක් අරගෙන එන්නේ 2023 වර්ෂයේ විකාශනය උනු දකුණු කොරියානු කතාමාලාවකට. Wavve studio හරහා විකාශනය ආරම්භ කළ මෙම කතාමාලාව  කොටස් 8කින් සමන්විත වෙනවා. මෙය වර්ගවෙන්නේ Crime , thriller , mistry කියන ශානර වර්ගයට. ඔබ Romance ප්‍රභේදයේ කොරියානු කතාමාලා නරඹන්න අකමැති කෙනෙක්නම් මට සහතික වෙන්න පුලුවන් මෙම කතාමාලාවේ Romance බිදක්වත් නොමැති බවනම්.

ඉතින් අපි වැඩි කතානැතුව කතාව පැත්තට යමු. මේ කතාමාලාව දිගහැරෙන්නේ අපූරූ යාළුවෝ තුන්දෙනෙක් වටා. ඉතින් අපි පොඩ්ඩක් මේ කට්ටියව අදුනගෙන ඉමු.

ලී ජුන් සොං –  මොහු උසස් පාසල් කාලයේ දී දක්ෂ සොකර් ප්ලේයර් කෙනෙක් උනත් පාසල් කාලයේ නිමාවත් එක්කම එයටත් සමුදෙන්න මොහුට  සිද්ද වෙනවා. කොරියාවේ පවතින නීතියක් තමයි සෑම නිරෝගි පිරිමියෙක්ම වසර දෙකක පමණ කාලයක් එරට හමුදාවට සේවය කළ යුතු වීම. ඉතින් මේ ජුන් සොංනුත් ඒ නීතියට ගරු කරලා අනිවාර්‍ය හමුදා සේවයේ යෙදිලා එයින් නිදහස් වෙලා එන්නේ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණින්. නමුත් ඔහුගේ ජීවිතය කළු වළාවකින් වැසී යන්නේ  ඔහු හමුදාවට බැදෙන්නට පෙරදී  ලබා ගත් ණය මුදල් ඉල්ලගෙන ණයකාරයෝ පස්සෙන් එන්න පටන් ගත්තම.

සොන්ග් ජේ හියෝ – හැමෝටම අනුව මොහු විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න  වෛද්‍යවරයෙක් වෙන්න සිහින දකින කීර්තිමක් වෛද්‍ය ශිෂ්‍යයෙක්. නමුත් කව්රුවත් දැනගෙන හිටියේ නෑ මොහුගේ වෛද්‍යවරයෙක් වීමේ සිහිනයත් බොදවෙලා යන්න ඔන්න මෙන්න තියෙන්නේ කියලා.

පාක් මින් වූ – මම කලින් සදහන් කළ දෙදෙනාගේම ජීවිත තීරණය කරන බර අවිය ලෙස මොහුව හදුන්වන්න පුලුවන්. මොහු ඉතා ධනවත් පව්ලක ඉපදුණු ජීවිතේ කිසිම බරක් පතලක් නැති දුප්පත්කම කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති තමා ගැනම දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ජීවත් වෙන පුද්ගලයෙක්.  ඒවගේම මොහුගේ පියා මියගිහින් නිසා ඔහු ජීවත් වෙන්නේ තම මව සමග.

ඉතින් දවසක් මේ යාළුවෝ තුන්දෙනාම එක් රාත්‍රියක මත්පැන් පානය කිරීම වෙනුවෙන් එක්වෙන්නේ තම තමන්ගේ ජීවිතවල තියන අදුරු වළාවන් එක් මොහොතකට අමතක කර දමන්න. ඉතින් මේ මින් වූ කියන්නේ වැඩිය මත්පැන් පානය නොකරන  උගුරු කිහිපයකින්ම වෙරි වෙන තරුණයෙක්. ඉතින් එදා රෑත් මින් වූට හොදටම වෙරි වෙනව ගෙදර යාගන්නවත් බැරි තරමටම. ඉතින්  ඔහුට යන්න සිද්දවෙන්නේ ජුන් සොං හා ජේ හියෝගේ කර මතින්. වෙන කරන්න දෙයක් නැති තැන ජේ හියෝ මින් වූව ඔහුගේ නිවසට රැගෙන යනවා. ඔහොම ඉන්නකොට මින්වූගේ දුරකථනයට ඔහුගේ අම්මගෙන් ඇමතුමක් ලැබෙන්නේ ඔහු තවමත් ගෙදර නොආව නිසා. ඒත් එක්කම ජේ හියෝට අපූරු අදහසක් පහළ වෙනවා. මොකද්ද ඒ ඔහු මින් වූගේ මවට කියනවා තමා මින් වූව පැහැරගත් බවත් මින් වූව නිදහස් කිරීමට වොන් බිලියනයක් අවශ්‍ය බවත්. මෙයින් කලබලයට පත්වන ජුන් සොං ඔහුට බැණවදිනවා.

ඉතින් ජුන් සොංනුත් ජේ හියෝගේ මේ අපරාධයේ හව්ල්කරුවෙක් වේවිද?

ආ තව දෙයක් මේ කතාවට තව කෙනෙක් සම්බන්ධයි. ඒ පොලිස් පරීක්ෂකයෙක් වීමේ තරග විභාගයට මූණ දෙන්න ඉන්න එක්තරා ගැහැණු ළමයෙක්. එයා මේ යාළුවෝ තුන්දෙනා අතරට එන්නේ කොහොමද කියලා බලාගන්න කැමතිනම්  කතාමාලාව නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.

එහෙනන් තවත් උපසිරසියකින් හමුවෙමු. හැමෝටම ජය!

The Deal Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

213 downloadsDownload The-Deal-S01E06.zip15 KB

Profile-Pic-Ishara-Gunarathne.jpg

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Deal Season 01 Sinhala Subtitles

 

All BT1All BT1

Next BT1

 

Subtitles

213 downloadsDownload Subtitles15 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි සිස් උපසිරැසියට