The Defects Sinhala Subtitles ඔයාලට මතකද දන්නෙ නැහැ මීට කාලෙකට කලින් ලංකාවම කළඹවපු සිද්ධියක් තිබුනා අම්මලා දාලා යන දරුවො හදාගන්න දෙන කෙනෙක් ගැන. මුලින්ම ඒ කෙනා ගැන ගුණ වයල ප්‍රවෘත්ති ප්‍රසිද්ධ වුනාට, පස්සෙ දවසක එලි වුනේ දුප්පත් අසරණ ගෑණු ළමයින්ව හිර කරගෙන ඒ මනුස්සයා දරුවො බිහි කරවලා විකුණන ව්‍යාපාර…

The Defects Sinhala Subtitles
ඔයාලට මතකද දන්නෙ නැහැ මීට කාලෙකට කලින් ලංකාවම කළඹවපු සිද්ධියක් තිබුනා අම්මලා දාලා යන දරුවො හදාගන්න දෙන කෙනෙක් ගැන. මුලින්ම ඒ කෙනා ගැන ගුණ වයල ප්‍රවෘත්ති ප්‍රසිද්ධ වුනාට, පස්සෙ දවසක එලි වුනේ දුප්පත් අසරණ ගෑණු ළමයින්ව හිර කරගෙන ඒ මනුස්සයා දරුවො බිහි කරවලා විකුණන ව්‍යාපාරයක් කරනවා කියලයි. අද උදේ (25.07.24) මම ආයෙත් ඒ මනුස්සයා ගැන පෝස්ට් එකක් දැක්කා FB එකේ. ඒකෙ තිබුනෙ ඒ මනුස්සයා කතා කරන විදිහට..මම ළමයි ගොඩකට මේ ලෝකෙ හොඳ ජීවිත හදල දුන්නා කියලා..අපරාදෙ කියන්න බැහැ ඒකෙ කමෙන්ට් වල, හැමදාම වගේ ඉතිහාසෙ ඉක්මනට අමතක වෙන අපේ මිනිස්සු ඒ මනුස්සයට දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිට පතල තිබුනා.
දරුවො හදාගන්න ගන්න වගේම දෙන අය අදටත් මේ සමාජෙ ඉන්නවා. ඒවා කොච්චර දුරට සාධාරණද සාර්ථකද කියල දන්නෙ ඒ අත්දැකීම විඳපු අයම විතරයි. අද මම ගේන්න යන මේ කතාවත් ඒ වගේ කතාවක්.
The Defects, අධ්‍යක්ෂක Oh Ki Hwan ගෙ අධ්‍යක්ෂණයෙන් වගේම Eom Se-Yoon (webcomic), Ryu Ga-Myeong (webcomic), An So-Jung යන අයගෙ රචනයෙන් නිර්මාණය වුන Action, Thriller, ශානරයට අයිති වෙන නිර්මාණයක්.
ප්‍රධානවම මේ කතාව ගැන ගන්නව නම්, කිම් සේ හුයි කියන්නෙ ප්‍රසිද්ධ රෝහලක අධ්‍යක්ෂකවරියක් වගේම පුණ්‍යාධාර පදනමක ක්‍රියාකාරිනියක්. සමාජය ඉස්සරහා ගෞරවනීය චරිතයක් වෙන මේ කිම් සේ හුයිට ඇත්තටම මූණු දෙකක් තියෙනවා. ඒ අනිත් මූණෙන් සේ හුයි කරන්නෙ තනිකරම ව්‍යාපාරයක්. ඒ තමයි දරුවො විකුණන එක. ජීවත් වෙන්න ඕනෙ උසස් ජාන තියෙන අය විතරයි කියල විශ්වාස කරන මේ සේ හුයි තමන් විකුණන ළමයි අතරෙ ඉන්න පහත් ජාන සහිත දරුවන්ව විනාශ කරල දානවා. ඒ දරුවන්ව ගත්ත දෙමව්පියො ඒ දරුවො එපා කියලා ආපහු එව්වම සේ හුයි කරන්නෙ ඒ ළමයින්ව මරල දාන එක…
ඔයාලගෙ බලාපොරොත්තුව සැහැල්ලු, විනෝදජනක කතාවක් බලන්න නම්..එහෙනම් මේක බලන්න ගන්න එපා.. මොකද මේක, ළමා ජාවාරම, ළමා අපයෝජනය, ලිංගික අපයෝජනය වගේ තවත් කම්පනසහගත දේවල් ඇතුලත් වුන කතාවක්.
කතාවෙ මුලු කොටස් ගාන 8 යි. ජූලි 21 පටන් ගන්න කතාව අගෝස්තු 12 වෙද්දි අවසන් වෙනවා වගේම හැම සතියකම කොටස් 02ක් විකාශනය වෙනවා. කතාව ඉවර වුනාම උපසිරැසි දෙන්න හිතාගෙන තමයි මම කතාව පටන් ගත්තෙ…එහෙනම් අපි කතාව බලන්න ගමු..
මේ කොටස ආරම්භයෙදිම අපිට දැන ගන්න පුලුවන් වෙනවා අහ්-හ්යුන් කියන්නෙ කවුද වගේම එයාට මෙහෙම වෙන්න හේතුව. ඒත් පහුගිය කොටසෙදි අහ්-හ්යුන් කිම් සේ හීට අහු වෙනවා. අහ්-හ්යුන්ව කිම් සේ හී හඳුන්වන්නෙ විනාශ කරල දාන්න ආපහු එවපු දෝෂ සහිත නිෂ්පාදනයක් විදිහට. ඒ වගේම ජු ආන්ගෙ කතාවත් මේ කොටසින් දැනගන්න පුලුවන්.
මේ අය දෝෂ සහිත වගේම ප්‍රයෝජනයක් නැති ආපසු එවපු භාණ්ඩ විදිහට නම් වෙලා තිබුනත් සේ හීට මේ දෝෂ සහිත භාණ්ඩ වලිනුත් ගන්න පුලුවන් ප්‍රයෝජනයක් කල්පනාවට එනවා.
මේ කතාංගයෙදි, මේ මුලු කතාවෙම සාරාංශය අපිට පෙන්නනවා කිව්වොත් හරි. එතන අවසානය නැති වුනත්…ඒක ඇතිවෙන්න මූලික වුන කරුණු වගේම එතන වෙන්නෙ මොකක්ද, ඒක පවත්වගෙන යන්නෙ කොහොමද කියලා අපිට දැනගන්න…අදහසක් ගන්න පුලුවන් වෙනවා..
(මේ නාට්‍යයේ පියතුමාගේ චරිතය රඟපාන Song Young-Kyu මෙම 5 වෙනි කථාංගය විකාශනය වුන අද දින, එනම් අගෝස්තු 04 වන දින දකුණු කොරියාවේ සෝල් අසල මෝටර් රථයක් තුල මිය ගිහින් ඉද්දි හමු වෙනවා. මිය යන විට වයස 55ක් වූ මොහු පසුගිය ජුනි මාසයේදී බීමත්ව රිය පැදවීමේ සිද්ධියකට ලක් වීමෙන් පසු ඔහුව ව්‍යාපෘති 3 කින් ඉවත් කර තිබූ අතර ඒ තුන අතරේ මේ The Defects නාට්‍යයද ඇතුලත්ව තිබුනා. දෛවයේ සරදමකට මෙන් ඔහු නාට්‍යයෙන් ඉවත් කරන දර්ශනය වන ඔහු මිය යන දර්ශනය විකාශනය වන දිනයේම ඔහු ඇත්තටම මේ ලෝකෙන් සමු අරගෙන ගොස් තිබුනා.)
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
395 downloadsDownload The-Defects-S01E05-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Defects Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූතියි සිස් උපසිරැසියට