ද ඩ්‍රැගන් ප්‍රින්ස් හතරවෙනි කතා සමයේ හතරවෙනි එපියේ සබ් එකත් එහෙනම් ගෙනාවා. කලින් කොටස ගැන බලලා ඉමු එහෙනම්. විරෙන්ව හොයාගෙන ගිය දීර්ඝ ගවේෂණය අවසන් කරලා රෙයිලා නැවතත් පැමිණිලා. නමුත් කැලම් නම් රෙයිලත් එක්ක අමනාපෙන් වගේ ඉන්නේ. මොකද අවුරුදු දෙකකට කලින් නොකියම රෙයිලා ගිය නිසා. ඉතින් මෙයාලගෙ සම්බන්ධය නැ…

ද ඩ්‍රැගන් ප්‍රින්ස් හතරවෙනි කතා සමයේ හතරවෙනි එපියේ සබ් එකත් එහෙනම් ගෙනාවා. කලින් කොටස ගැන බලලා ඉමු එහෙනම්.
විරෙන්ව හොයාගෙන ගිය දීර්ඝ ගවේෂණය අවසන් කරලා රෙයිලා නැවතත් පැමිණිලා. නමුත් කැලම් නම් රෙයිලත් එක්ක අමනාපෙන් වගේ ඉන්නේ. මොකද අවුරුදු දෙකකට කලින් නොකියම රෙයිලා ගිය නිසා. ඉතින් මෙයාලගෙ සම්බන්ධය නැවත ගොඩනැගෙන්නේ කොහොමද කියලා අපි හිමීට බලාගෙන යමු. ඒ වගේම දැන් අමායා සහ ජනායී විවාහ වෙන්න සූදානම්. හැබැයි ජනායීගේ මල්ලී කරීම් මේ විවාහයට එතරම් කැමති නෑ වගේ. මොකද මේ විවාහය නිසා සන්ෆයර් එල්ෆ්වරුන් අතර වැරදි මතයක් නිර්මාණය වෙයි කියලා. කොහොමහරි සන්ෆයර් එල්ෆ්වරුන්ට ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ නගරය “ලක්ස් ඕරියා” දැන් අහිමි වෙලා තියෙන්නේ. මොකද විරෙන් ඇරවෝස් සමඟ එකතුවෙලා එහි බල මූලාශ්‍රය හොරකම් කරපු නිසා. දැන් මේ සන්ෆයර් එල්ෆ්වරු කූඩාරම්වල ඉන්නේ.
ඉතින් මකර රැජිණත් කටෝලිස්වලට ආවා. ඒ වගේම ඒස්‍රන් හා සිම් නැවත හමුවුණා. සැලසුම් කරපු ආකාරයටම මකර රැජිණ පිළිගැනීම හොඳින් සිඳු නොවුනත් එතරම්ම ගැටලුකාරී නොවන විදිහට හැමදේම සිදුවුණා.
නමුත් වැදගත්ම සිදුවීම වුණේ ස්ටෝර්ම් ස්පය’වල. ක්ලෝඩියා තම පියාගේ යෂ්ඨිය ලබා ගන්න අයිබිස් එක්ක ලොකු උත්සහයක් දැරුවා. නමුත් අන්තිම මොහොතෙදී අනපේක්ෂිත විදිහට අයිබිස්ට මාරක පහරක් එල්ලවෙනවා ටෙරී අතින්. අයිබිස් තම අන්තිම හුස්ම හෙළන්නෙත් මකර රැජිණට අනතුරු අඟවමින්. ඉතින් ඔය විදිහට විරෙන්ගේ පාර්ශවයෙන් ඉදිරියේදී ක්ෂේඩියාවට විරුද්ධව එයි කියලා හිතන දරුණු ව්‍යසනයක පළමු වෙඩි මුරය සිද්ධ වුණා.
අද කොටස ගොඩක් වැදගත්. කතාවේ මේ වෙනකොට අභිරහස් චරිතයක් වෙන ඇරවෝස්ගේ වගතුග අද අපිට දැනගන්න පුලුවන්. එහෙනම් මේ එපියත් බලලම ඉන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,788 downloadsDownload The-Dragon-Prince-S4E04-Updated-Subtitle.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
3 comments
Nimal perera
H.a.i. Dissanayaka
Thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Anee admin, chainsaw man (2022) eke episode 10 ekata sinhala sub ada dennako.