Watch Trailer

Chainsaw Man [S01 : E10] Sinhala Subtitles | නව ඇරඹුමක්! [සිංහල උපසිරසි] 18+

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. චේන්සෝ මෑන් 10වෙනි එපියට තමා මේ සබ් ගෙනාවේ. කලින් එපියත් ඇත්තටම කොන්ෆියුස් උනා බුන්ගා වගේ තමා. ඔයාලට ඒ නිසා කලින් එපිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ කියන්නේ මම ඔයාලට වැදගත් පොයින්ට් ටික අල්ලලා දෙන්නම්. ඉතින් ගන් ඩෙවිල්ගේ ඕඩරේකට ඩෙන්ජි ඇතුළු ස්පෙෂල් ඩි…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. චේන්සෝ මෑන් 10වෙනි එපියට තමා මේ සබ් ගෙනාවේ. කලින් එපියත් ඇත්තටම කොන්ෆියුස් උනා බුන්ගා වගේ තමා. ඔයාලට ඒ නිසා කලින් එපිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඒ කියන්නේ මම ඔයාලට වැදගත් පොයින්ට් ටික අල්ලලා දෙන්නම්.

ඉතින් ගන් ඩෙවිල්ගේ ඕඩරේකට ඩෙන්ජි ඇතුළු ස්පෙෂල් ඩිවිෂන්වලට පහර දෙන්න සෙට් එකක් ආවා. ස්පෙෂල් ඩිවිෂන් සියල්ලේම සාමාජිකයෝ මේ පහර දීමේ ඉලක්ක උනා. හැබැයි කීපදෙනෙක්ට දිවි බේරගන්න ලැබුනේ තවත් අය කරපු කැප කිරීම් නිසා. ඇත්තටම මේ පහර දීමේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ ඩෙන්ජී. ගන් ඩෙවිල්ට ඩෙන්ජිගෙ හදවත ඕනේ වෙලා වගේ. ඒ කියන්නේ පොචිතව. මොකද දැන් පොචිතා තමා ඩෙන්ජිගේ හදවත වෙලා ඉන්නේ. කොහොමහරි ඩෙන්ජි හොඳ සටනක් කටානාකාරයාට දුන්නා. ඒත් කටානාකාරයා හිතක් පපුවක් නැති එකෙක් නිසා උගේ එකාවත් මරලා දාන ගමන්ම ඩෙන්ජිවත් බිම දැම්මා.

පුදුමම දේ උනේ වෙඩි වැදුණු මකිමා ආයේ නැඟිට්ට එක. සාමාන්‍ය මිනිහෙක්ට එහෙම පුලුවන්ද? මකිමට අපි හිතන්නේ නැති විදිහේ බලයක් තියෙනවා වගේ. ඇත්තටම මකිමා කොයි ඩෙවිල් එක්කද දන්නේ නෑ ගිවිසුමට ඇවිල්ලා ඉන්නේ. මොකා උනත් ඌ ගොඩක් බලවත් එකෙක් කියලා ඔයාලටත් පේන්න ඇති. දැක්කනේ කෝච්චියේ සෙට් එකට වෙලා තිබ්බ දේ. මකිමා ප්‍රතිපහර දෙන්න සිරකරුවන් 30 දෙනෙක්ව ගත්තා. ඒ අයගේ ඇස් බැඳලා අදාල පුද්ගලයාගේ නම කියන්න කියනවා. පස්සේ හිරකාරයා ඒ නම කිව්වාම ඒ නම තියෙන අදාල කෙනා පොඩිවෙලා යනවා. නිකන් රොටියක් වගේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මකිමා කොහොමද මේ නම් දැනගත්තේ කියලා. ඔයලා දැක්කද හැම පහර දීමකටම කලින් ඒ අදාල පහර දීමට ලක්වෙන ඉලක්කය ගාව කපුටන් ඉන්නවා. නිකමට හිතන්න. මකිමා මේ කපුටන් හරහා ඉලක්කය දිහා බලාගෙන හිටියා වෙන්න බැරිද? ඇහුම්කන් දීගෙන හිටියා වෙන්න බැරිද? එහෙම බැලුවොත් මකිමා හරියට මේ පහර දීම කරන්නේ ලිවින්ග් ඩෙත්නෝට් එකක් වගේ. ඩෙත්නෝට් ඇනිමේ එක බලපු අය දන්නවනේ කොහොමද ඒකෙන් මිනිස්සු මරන්නේ කියලා. එහෙම දෙයක් මෙතනත් උනා වෙන්න පුලුවන්. දැන් ඔයාලා අහයි එහෙනම් ඇයි කටානාකාරයාවයි අර සවාතරී කියන කෙල්ලවයි මැරුවේ නැත්තේ කියලා. ඒක මෙහෙම වෙන්න පුලුවන්. අර පාවිච්චි කරපු හිරකාරයෝ 30දෙනා මකිමා එයාගේ පහර දීමේ පවර්සෝස් එකක් විදිහට පාවිච්චි කරා වෙන්න පුලුවන්. ඒ නිසා වෙන්න ඕනේ පහර දීමට පස්සේ ඒ හිරකාරයෝ මියගියේ. ඇත්තම කිව්වොත් ඒ හිරකාරයෝ ඇවිල්ලා කිසිම බලයක් නැති සාමාන්‍ය සෙට් එකක්. ඉතින් සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරලා ඒ හා සමානව කිසිම බලයක් නැති සෙට් එකට මකිමා පහර දුන්නා කියලා හිතමු. එහෙම බැලුවොත් අර කටානාකාරයයි කෙල්ලවයි මරපු නැති එකට හේතුවක් හැදෙනවා. කටානාකාරයා ඇවිල්ලා හයිබ්‍රිඩ් පොරක්. ඒ කියන්නේ මිනිස් ඩෙවිල් දෙකම තියෙනවා. ඉතින් මකිමට හයිබ්‍රිඩ් එකෙක්ට ගහන්න බලමූලාශ්‍රයක් විදිහට හයිබ්‍රිඩ් එකෙක් හිටියේ නෑ. අර කෙල්ල ඇවිල්ලා ඩෙවිල් කෙනෙක් එක්ක ගිවිසුමට ආපූ කෙනෙක්. මකිමට ඒ වගේ කෙනෙක්ට ගහන්නත් ඩෙවිල් කෙනෙක් හා ගිවිසුමකට ආපූ කෙනෙක් හිටියේ නැති නිසා මකිමට ඒක කරන්න හැකියාව තිබුණේ නෑ වෙන්න පුලුවන්. ඉතින් මේ දේවල් ගැන හිතලා බලන්න. මීට වඩා නම් දෙයක් ඇත්තටම කියන්න බෑ.

ඉතින් බයගුල්ලී වගේ හිටපු කොබෙනි තමා කලින් එපියේ මෑන් ඔෆ්ද මැච් උනේ. මතක තියාගන්න. කොබෙනිගෙ ඩෙවිල් කවුද කියලා තාම හෙළිවෙලා නෑ. කොහොමහරි ටොකියෝවට ආපු මකිමා මදෝකාව හමුවෙනවා. මේ වුණු සංවාදයත් ගොඩක් වැදගත්. කොහොමහරි ස්පෙෂල් ඩිවිෂන් සියල්ලම දැන් එකකට එකතු කරලා මකිමා යටතට පත් කරලා. ඒ වගේම මතකද මදෝකා මකිමගෙන් අන්තිමට අහපු ප්‍රශ්නය? නිකමට හිතන්න. මකිමා මේ පහරදීම ගැන කළින් දැනගෙනවත් හිටියද?

ඉතින් අද එපියෙදි මම ගොඩක් කැමති චරිතයක් නිළ වශයෙන් කතාවට එකතු වෙනවා. මතක ඇති නේද හිමෙනෝගේ මාස්ටර්? ඒ වගේම අකී, ඩෙන්ජී, පවර් දැන් ඊළඟ පියවරට සූදානම් වෙනවා. එහෙනම් මේ එපියත් බලලම ඉන්නකෝ.

අද කතාවේ නම – Bruised and Battered
Imdb අගය – 8.8
Directed by – Tatsuya Yoshihara
Storyboarded by – Tatsuya Yoshihara
Ending Theme Song – Dogland
ගායනය – People 1
විකාශය වූ දිනය – 2022 දෙසැම්බර් 13

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.

4,552 downloadsDownload Chainsaw-Man-S01-E10-Bluray-Updated.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

4,552 downloadsDownload Subtitles22 KB

21 comments

  1. sasindu senehas (sanua)

    meka downlaord karanne bane
    chrome eken warning ekak enawa

    1. හිෂාන්

      Chromium based Browser එකකිනුයි (Brave), Microsoft Edge එකෙනුයි try කළා... අවුලක් වුණේ නෑ හැබැයි. ඔයාගෙ privacy settings වෙනස් කරලා බලන්න පොඩ්ඩක්.

    2. januda

      meka sinhala sub neme bn english eva thiyenne

    3. januda

      dan hari machan ela elah ❤️❤️

    4. Anonymous

      hari thnx

  2. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  3. Anonymous

    ane kollo ep 11 ikmanata dahankooooo ........................ balan inne patta asawen

  4. Anonymous

    Ep 11 dannakooo ikmanata sub danajal balan inne

  5. Nimal perera

    Admin, chainsaw man (2022) eke episode 11 ekata sinhala sub dennako please.

  6. Thilina kalhara

    11 episode ekata sub bro

  7. Pavith Wijesooriya

    11 වෙනි එපියට සබ් ඉක්මනින්ම ලැබෙයි. ඉවසලා ඉන්න සහෝලා...

  8. Ima

    Ep 11 Sub neddoo

  9. Chamika

    Ado epi 11 sub dahamko

  10. Anonymous

    Ep 11 nddo

  11. Anonymous

    S01E11 නැද්දෝ....??? :mrgreen:

  12. ishan waruna

    Ep 11 sub dihimko bn❤️

  13. Chamika

    Ade heta epi 12 th enw.. epi 11 sub dahnko

  14. Anonymous

    E11 oni....

  15. ishan waruna

    Ada 12th enawa yko thama 11 dunna❤️

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. chinthaka.max4

    thankx machan