මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ හයවෙනි එපිය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන බලලා ඉමු. කලින් කොටස ආරම්භ උනේ ස්කයිවින්ග් එල්ෆ්ලගේ මහා මේජ්වරයා වුණු අයිබිස්ගේ අවසන් කටයුතුවලින්. ඇත්තටම අයිබිස්ගේ අහිමී වීම ක්ෂේඩියාවට සිදුවුණු ලොකු පාඩුවක්. මොකද ඇරවෝස් වැනි බලවත් සතුරෙකුගෙන් ඉ…

මකර කුමරුගේ කතා මාලාවේ හතරවෙනි කතා සමයේ හයවෙනි එපිය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන බලලා ඉමු.
කලින් කොටස ආරම්භ උනේ ස්කයිවින්ග් එල්ෆ්ලගේ මහා මේජ්වරයා වුණු අයිබිස්ගේ අවසන් කටයුතුවලින්. ඇත්තටම අයිබිස්ගේ අහිමී වීම ක්ෂේඩියාවට සිදුවුණු ලොකු පාඩුවක්. මොකද ඇරවෝස් වැනි බලවත් සතුරෙකුගෙන් ඉදිරියට එන ව්‍යසනයකදී ක්ෂේඩියාව වෙනුවෙන් සටන් කරාවී කියලා හිතන්න පුලුවන් මේජ්වරුන්ගේ අවශ්‍යතාවය තදින්ම දැනෙනවා.
ඉතින් මකර රැජිණ දැන් ඇරවෝස්ව නිදහස් කරන්න කවුරුහරි වැඩ කරනවා කියලා ගොඩක් කෝපෙන්, කලබලෙන් ඉන්නේ. ඉතින් මේ වැඩ කරන්නේ වෙන කවුරුත් නෙමේ ක්ලෝඩියාම තමා කියලා කට්ටියම දැන් දන්නවා. ඉතින් කැලම් ඇතුළු පිරිසගේ අරමුණ වෙන්නේ ක්ලෝඩියාට කලින් ඇරවෝස්ගේ සිර කුටිය සොයාගන්න එක. හැබැයි ඒක ප්‍රෙහෙළිකාවක්. හැම ප්‍රධාන මකරෙක් ළඟම ඉඟියක් තියෙනවා මේ ප්‍රෙහෙළිකාව ගැන. ඒ අනුව තමයි භූමියේ ප්‍රධාන මකරා “රෙක්ස් ඉග්නියස්” හොයාගෙන මේ පිරිස “අම්බ’ ටෝර්” වලට පිටත් වෙන්නේ.
ඒ වගේම අර කෝෂයෙන් එලියට ආපූ සලබයා වගේ සතාත් දැන් විරෙන් ඇතුළු පිරිසට මඟපෙන්වන්නේ මේ රෙක්ස් ඉග්නියස් ළඟටමයි. ඉතින් දෙපාර්ශවයේම ගමනාන්තය දැන් එක් දිශාවකට යොමුවෙලා.
රෙක්ස් ගේ ගුහාවට පිවිසෙන මාර්ගය අවහිරවෙලා නිසා කැලම් ඇතුළු පිරිස අන්චාර්ටඩ් වනාන්තරය තරණය කරනවා. මේක සිතියම් ගත නොකරපු යන අර්ථයෙන් තමා අන්චාර්ටඩ් කියලා නම වැටිලා තියෙන්නේ. ඒ වගේම ඔන්න අර්ත්බ්ලඩ් එල්ෆ්ලවත් අපිට දැකගන්න ලැබුණා. ඒ වගේම සොරෙන් අර්ත්බ්ලඩ් එල්ෆ් කෙනෙක් එක්ක ගේම ඉල්ලන්න ගිහින් “පිට් ඔෆ් ඩිසපියර්” කියන වළට වැටිලා ඉන්නේ දැන්.
ඒ වගේම සන්ෆයර් එල්ෆ්ලගේ කූඩාරම් ප්‍රදේශයෙත් විරසකයක් ඇතිවෙලා. ඒ එල්ෆ්ලට උදව් කරන්න ආපූ ලුසියා කියන ගෘහ නිර්මාණශිල්පිණිය ඔවුන්ගේ පූජනීය චාරිත්‍රයකට නිගා කළා කියලා. එල්ෆ්ලා සහ මිනිසුන් අතර නැවතත් විරසක ඇතිවේවිද? සොරෙන්ට මොකක් වෙයිද? අපේ වීරයෝ මේ අන්චාර්ටඩ් වනාන්තරයේ මොනවගේ අත්දැකීම්වලට මුහුණ දෙයිද? එහෙනම් මේ එපිය බලලම ඒ ගැන දැනගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,127 downloadsDownload The-Dragon-Prince-S4E06-Updated-Subtitle.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
8 comments
H.a.i. Dissanayaka
kavi
thank you. thawa request ekak thiyei. ECHO 3 (2022) season 1 eka ongoing. eke episodes 6k awith thiyei denata atika sub dennako.
Gihan
sub eka wada nane
Nisal Tharinda
පස්වෙනි එපිය වෙනතම් නියමෙට කරල තිබබා. සුපිරිියි. හැබැයි මේකෙ නම් සබ් එක වැඩ නෑ. පොඩ්ඩක් බලන්න.
විමා
ක්‍රෝම් එක යූස් කරනකොට සබ් එක ඩව්න්ලෝඩ් වෙන්නේ නැත්නම්, ක්‍රෝම් එකේ ඩව්න්ලෝඩ් කියන තැනට ගිහින් කීප් ඩෙන්ජරස් ෆයිල් ----> කීප් එනිවේ දෙන්න.
Pavith Wijesooriya
උපසිරසියේ ගැටළුව නිරාකරණය කර ඇත.
Nisal Tharinda
Thanks Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanx ❤️❤️❤️