කලින් කොටස්වලින් අපි දැක්කා ඒස්‍රන්, සොරෙන් සහ කෝර්වස් මකර රැජින සමඟ යම් විශේෂිත ස්ථානයකට ඇවිත් තියෙන බව. ඔවුන් පළිගුවක් වැනි යමක් ස්ථාපනය කරලා, පසුව එයින් ප්‍රබල ආලෝක කදම්බයක් නිකුත් උනා. මේ විදිහට මේ පිරිස බලාපොරොත්තු උනේ සාගරයට අධිපති වෙන ප්‍රධාන මකරා, “ඩොමිනා ප්‍රොෆන්ඩිස්” මුණ ගැසීමයි. ඩොමිනා…

කලින් කොටස්වලින් අපි දැක්කා ඒස්‍රන්, සොරෙන් සහ කෝර්වස් මකර රැජින සමඟ යම් විශේෂිත ස්ථානයකට ඇවිත් තියෙන බව. ඔවුන් පළිගුවක් වැනි යමක් ස්ථාපනය කරලා, පසුව එයින් ප්‍රබල ආලෝක කදම්බයක් නිකුත් උනා. මේ විදිහට මේ පිරිස බලාපොරොත්තු උනේ සාගරයට අධිපති වෙන ප්‍රධාන මකරා, “ඩොමිනා ප්‍රොෆන්ඩිස්” මුණ ගැසීමයි. ඩොමිනා ප්‍රොෆන්ඩිස් පැමිණි පසු ඒස්‍රන් ඇරවෝස්ගෙ සිරකුටිය සොයාගන්න තමාට උදව්කරන ලෙස ඉල්ලීමක් කරනවා. තමන් සිරකුටිය තිබෙන තැන නොදන්නා බවත්, නමුත් එය මොකක්ද කියල තමා දන්නා බවත් ඩොමිනා කියනවා.
මේ අතර ඒස්‍රන්ගෙ නැවත පැමිණීම අපේක්ෂාවෙන් කැලම් සහ රෙයිලා කටෝලිස්වල ඉන්නවා. කැලම් දැන් ස්ටාර්ටච් එල්ෆ්වරුන් සහ ඇරවෝස් ගැන තොරතුරු හොයාගන්න ගොඩක් උනන්දුවෙන් ඉන්නෙ. නමුත් කුමක් හෝ මායාවකින් ස්ටාර්ටච් එල්ෆ්වරුන් සහ ඇරවෝස් ගැන තොරතුරු සොයාගන්න එක අවහිර කරල තියෙනවා. දැක්කනෙ පොත්වල තියෙන විස්තර ඒ පොත් විවර කිරීමෙන් පසු එකවරම බොඳ වී යන විදිහ. ඒ වගේම රෙයිලා සඳහන් කළා ස්ටාර්ටච් එල්ෆ්වරුන්, පළමු එල්ෆ්වරුන් ලෙසත් හඳුන්වලා තියෙනවා කියල. ඒ අනුව සෙවීම් කරන කැලම් මේ පළමු එල්ෆ්වරුන් ගැන විස්තර තියෙන්නෙ “ස්ක්‍රෝල් ඔෆ් ෆස්ට් එල්ෆ්” කියන සන්නසේ බව සොයාගන්නවා. එය තිබෙන්නෙ මුළු ක්ෂේඩියාවටම තියෙන ශ්‍රේෂ්ඨතම පුස්තකාලයෙ, ලක්ස් ඕරියාවෙ “ග්‍රේට් බුකරි” තුළ. ඒ අනුව පිළිතුරු සොයාගැනීමට කැලම් සහ රෙයිලා ලක්ස් ඕරියාවට පිටත්වෙන්නයි දැන් සූදානම් වෙන්නෙ.
ඒ වගේම අමතක කරන්න හොඳ නෑ රෙයිලා ළඟ තියෙන අර කාසි තුන. මේ කාසිතුනේ රෙයිලගෙ දෙමව්පියන් සහ රූනාන්ව සිරකරලා තියෙනවා. ඉතින් මේ අයට මොකද උනේ? ආපහු මෙයාලව මුදාගන්නෙ කොහොමද කියල හිතපු රෙයිලා හොරෙන්ම කැලම්ගෙ කුටියට ඇතුළුවෙලා මාළිගාව යට පිහිටි අඳුරු මායාමය කුටියට යනවා. එහෙදි ඇයට රූනාන්ගෙ දුන්න පවා හමුවුණා. කුටියෙන් එළියට පැමිණෙන ඇයව අනවසරයෙන් ඇතුළුවීම කියන චෝදනාව මත අත්අඩංගුවට පත්වෙනවා. නමුත් කැලම්ගෙ හේතු දැක්වීම් අනුව ඇයව නිදහස් කරනවා. බලන්න කැලම් ඇය ගැන කොතරම් විස්වාසය තියල තියෙනවද කියල.
මේ අතරෙ ක්ලෝඩියා හා ටෙරී සතුව දැන් රෙක්ස් ඉග්නියස්ගෙ සිතියම තියෙනවා. සිතියමේ සඳහන් තැනට ගිහිල්ලා ඇරවෝස්ව නිදහස් කරන්නයි දෙන්නා සැලසුම් කරගෙන ඉන්නෙ. මේ අතර විරෙන් ආපහු ජීවිතයට පැමිණි පසු පළමුවරට මායාව පාවිච්චි කරපු නිසා දැන් ගැඹුරු නිද්‍රාවකට වැටිලා ඉන්නෙ.හරියට කෝමා එකක ඉන්නවා වගේ. ඔහු දැන් ඔහුගේ සිතිවිලි සමඟ අරගලයකයි ඉන්නෙ.
ටෙරී හා ක්ලෝඩියා දැන් බෝට්ටුවකින් ගමන් ගන්නා නිසා ඔවුන්ගේ ගමනත් වේගවත් වෙලා. මේ අතර කැලම් හා රෙයිලා එක් පසෙකින් ලක්ස් ඕරියාවට පැමිණෙන කොට ඒස්‍රන් දැන් මකරුන් ඇමතීමට සූදානම් වෙනවා. සියල්ලෝම දැන් විවිධ මාර්ග ඔස්සෙ එකම ගමනාන්තයකට පැමිණෙමින් ඉන්නෙ. ඉතින් මොනවයින් මොනා වෙයිද? මේ කොටස් දෙක බලලා ඒ ගැන දැනගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,372 downloadsDownload The-Dragon-Prince-S05-E03-E04.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #2018
- #Jack De Sena
- #Jason Simpson
- #Jesse Inocalla
- #MaxxA
- #Offbeat
- #Paula Burrows
- #Racquel Belmonte
- #Sasha Rojen
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephen King
- #subtitle
- #Subtitles
- #The Dragon Prince
- #The Dragon Prince [S05 : E03 & E04] Sinhala Subtitles
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
රොයිලි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Dragon Prince [S05 : E03 & E04] Sinhala Subtitles | පිළිතුරු සොයා ලක්ස් ඕරියාවට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Dragon-Prince-Season-5-poster-2.jpg.jpg)




බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P