Watch Trailer

Gyeongseong Creature [S02: E07] Sinhala Subtitles | සීමාරේඛාව [සිංහල උපසිරැසි]

Gyeongseong Creature [S02: E05] Sinhala Subtitles GYEONGSEONG CREATURE දෙවෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකටයි අද උපසිරැසි අරගෙන ආවේ. සීසන් දෙකක් පුරාවට ආසාවෙන් බලපු කතාව මේ විදියට අවසන් වෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 පළවෙනි පාර්ට් එකත්, මේ අවුරුද්දේ ජනවාරි 05 වෙනිදා දෙවෙනි පාර්ට් එකත් විදියට GYEO…

Gyeongseong Creature [S02: E05] Sinhala Subtitles GYEONGSEONG CREATURE දෙවෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකටයි අද උපසිරැසි අරගෙන ආවේ. සීසන් දෙකක් පුරාවට ආසාවෙන් බලපු කතාව මේ විදියට අවසන් වෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 පළවෙනි පාර්ට් එකත්, මේ අවුරුද්දේ ජනවාරි 05 වෙනිදා දෙවෙනි පාර්ට් එකත් විදියට GYEONGSEONG CREATURE කතාමාලාවේ පළවෙනි කතාසමය Netflix හරහා රිලීස් වුනා. ඉතින් සැප්තැම්බර් 27 වෙනිදා, ඒකියන්නේ මාස නවයකට විතර පස්සේ තමා GYEONGSEONG CREATURE කතාමාලාවේ දෙවෙනි කතාසමය Netflix හරහා රිලීස් වෙන්නේ. දෙවෙනි සීසන් එක එපිසෝඩ් හතකින් සමන්විත වෙනවා. GYEONGSEONG CREATURE සීරීස් එකේ පළවෙනි හා දෙවෙනි සීසන් දෙකම ඇතුලත්ව මුළු එපිසෝඩ් ගාණ එපිසෝඩ් 17ක් වෙනවා. කොරියානු කතාමාලා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම වියදමක් (වොන් බිලියන 70ක්) දරලා නිර්මාණය කරපු කතාමාලාව තමා මේක.            Park Seo Joon, Han So Hee, Bae Hyun Sung & Lee Moo Saeng Action, Thriller, Historical, Sci-Fi ගනයන්ට අයිති වෙන මේ සීරීස් එකේ තිර රචනය Dr. Romantic කතාමාලාවේ තිර රචක Kang Eun Kyung සහ අධ්‍යක්ෂණය It’s Okay to Bot Be Okay සහ Hot Stove League කතාමාලාවන්හි අධ්‍යක්ෂක Jung Dong Yoon විසින් සිදු කරලා තියෙනවා. මේ වසරේ වැඩිම නැරඹුම් වාර ගණනක් සහිත කොරියානු නෙට්ෆ්ලික්ස් කතාමාලා දහය අතරට එන්න පළවෙනි කතාසමය සමත් වෙනවා. ඒවගේම IMDB දර්ශකයේ 7.3/10 ක් සහ MyDramaList දර්ශකයේ 8.4/10ක ඉහල අගයක් ලබාගන්නත් GYEONGSEONG CREATURE පළවෙනි කතාසමය සමත් වෙනවා.  ජන්ග් හෝජේ.. හෝජේ කියන්නේ බුගන්ග් සමාගමේ උප සභාපති. ඔයාලට මතක ඇතිනේ ටේ සන්ග්ගේ යාළුවා.. ක්වොන් ජුන් ටෙක්ව. ජුන් ටෙක්ගේ මුණුබුරා හෝජේගේ යාළුවෙක්. ඉතින් මේ දෙන්නා තමා බුගන්ග් සමාගම කරගෙන යන්නේ. ඒත් ණය බර හින්දා සාක්ෂි හොයලා දෙන වගේ වැඩත් මෙයාලා කරනවා. ඔන්න ඔහොම එක දවසක් සාක්ෂි අරගන්න කියලා ගියපු තැන තිබිලා මළ සිරුරක් හම්බෙනවා. ඉතින් මේකේ සැකකාරයා විදියට හෝජේව පොලීසියට ප්‍රශ්න කරන්න ගෙනියනවා. තමන් නිර්දෝෂියි නම් ඇත්ත අපරාධකාරයව අල්ලගන්න කියලා ඒ නඩුව භාර පොලිස් නිලධාරියා හෝජේට දවස් දහයක් දෙනවා. ඉතින් මිනීමරුවව හොයන අතරේ හෝජේට යුන් චේ ඔක්ව හම්බෙනවා. හෝජේට තියෙන්නේ ටේ සන්ග්ගේ මූණමයි හින්දා චේ ඔක් දැක්ක ගමන් ගොඩක් පුදුම වෙනවා. පළවෙනි සමයේ අන්තිමේ සෙයිෂින් එයාගේ ඇගේ ඉදපු නජින්ව චේ ඔක්ට දෙනවා ඔයාලත් දකින්න ඇතිනේ. ඒහින්දා තමා චේ ඔක්ට මෙච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් වුනේ. ටේ සන්ග්ගේ ඇගෙත් නජින් කෙනෙක් ඉන්නවා නම් එයත් තමා ජීවත් වෙනවා ඇති. ඉතින් ජන්ග් හෝජේ කියන්නේ ඇත්තටම ජන්ග් ටේ සන්ග්ද? ටේ සන්ග් නම් දැන් මතකය නැති වෙලාද ඉන්නේ? මතකය නැති වෙන්න හේතු වුන අනතුර මොකද්ද? චේ ඔක්ටයි, ටේ සන්ග්ටයි දෙන්නට ආයේ එකතු වෙන්න පුළුවන් වෙයිද? තාමත් මානව අත්හදා බැලීම් වෙනවද? එහෙනම් ඒක පිටිපස්සේ ඉන්නේ කවුද? මේ හැමදේගෙම අවසානය සතුටුදායක අවසානයක් වෙයිද.. දුක්ඛිත අවසානයක් වෙයිද?කොහොමද කියලා බලමු.

 

කුතුහලය නැති වෙන හින්දා අවසානය ගැන මුකුත් කියන්න යන්නේ නෑ මන්. Open Ending එකකිනුයි දෙවෙනි සීසන් එක ඉවර වෙන්නේ. ඒහින්දා තුන්වෙනි සීසන් එක ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. හැබැයි තුන්වෙනි සීසන් එක ගැන තාම මුකුත් ආරංචියක් නම් නෑ. කොහොමහරි සීසන් දෙකක්, එපිසෝඩ් 17ක් පුරාවට නරඹපු GYEONGSEONG CREATURE කතාමාලාව මේ විදියට අවසන් වෙනවා. තුන්වෙනි සීසන් එකක් ආවොත් අනිවාරෙන් ඒකටත් උපසිරැසි අරන් එන්නම්. ඉතින් GYEONGSEONG CREATURE කතාමාලාවත් සමග අදට මන් සමුගන්නවා. මේ සීරීස් එක පුරාවට උපසිරැසි කොහොමද කියලා අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුභ දවසක්!

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,349 downloadsDownload Gyeongseong-Creature-S02-E07-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles

1,349 downloadsDownload Subtitles16 KB

8 comments

  1. Kavindu Nethmina

    Sub ekata thanks bro

  2. දැහැමි D

    බොහොම ස්තූතිය...
    කොටස් 17ම ලස්සනට සබ් කරලා තිබුණා...

  3. Buddhika laKMal

    සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට බොහෝම ස්තූතියි නයන බුද්දික සහෝ

  4. Gagan pabasara

    The Boys 2023 කොරියන් චිත්‍රපටය Ransomed 2023 චිත්‍රපට් දෙකෙ සබ් කරන්න කො

  5. Geun dae

    Better than expected
    My rate:- 100 out of 10 ❤️

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  7. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  8. SS

    බොහෝම ස්තූතියි සබ් එකට ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.