The Family Man [S03 : E01] Sinhala Subtitles | ආයුබෝවන්, අද හත් වැන්න අද හත් වැනි කොටස. එහෙමත් නැත්තම් මේ කතා මාලාවේ තුන් වෙනි සීරීස් එකේ අන්තිම කොටස. පසු ගිය බදාදා මේ කතාව ඔබට තිළිණ කිරීමට පටන් ගත්තත් මේ සතිය ඇතුළතමේ රටේ බොහෝ අනපේක්ෂිත සිද්ධීන් සිදු උනා.දැඩි අපහසුතා මැද උනත් ඔබ වෙත මේ මුළු සීරීස්…

The Family Man Sinhala Subtitles |

ආයුබෝවන්, අද හත් වැන්න

අද හත් වැනි කොටස. එහෙමත් නැත්තම් මේ කතා මාලාවේ තුන් වෙනි සීරීස් එකේ අන්තිම කොටස. පසු ගිය බදාදා මේ කතාව ඔබට තිළිණ කිරීමට පටන් ගත්තත් මේ සතිය ඇතුළතමේ රටේ බොහෝ අනපේක්ෂිත සිද්ධීන් සිදු උනා.දැඩි අපහසුතා මැද උනත් ඔබ වෙත මේ මුළු සීරීස් එකම දින හතක් ඇතුලත් දෙන්න පුළුවන් උනා. ඉතින් තවමත් බොහෝ දෙනෙක් විදුලිය. අන්තර්ජාල පහසු කම් හෝ මෝබයිල් සංඥා රහිතව දිවි ගෙවනව ඇති. නමුත් මේ කතා මාලාව පහු වෙලා හරි ඔබ යථා තත්වයට පත් වූ දවසක ඔබට නරඹන්න පුළුවන්. එය වැඩි ඈතක නොවෙවා කියල ප්‍රාර්ථනා කරනවා. මේ ලියන මට උනත් තවමත් අන්තර්ජාල පහසුකම් නැවත ලැබිල නෑ. ඒ වගේම මෝබයිල් දුරකථන සේවාද හොඳින් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒ නිසා ලිපිය කෙටි වෙයි.

ශ්‍රීකාන්ත් දැන් මියන්මාරයට ඇතුල් වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ ඔහුගේ ප්‍රධානියා කුල්කර්ණි ඇතුළු පිරිස ඝාතනය කල ඝාතකයා අල්ලා ගැනීමට. ස්ටීවන් කුසූද ඔහු සමග. ඔවුන් දෙදෙනාටම ඉහත ඝාතන වලට එල්ල වී ඇති චෝදනා වලින් නිධස් වීමට අවශ්‍යයි. දැන් මෙය බහු විධ අන්තර්ජාතික ප්‍රශ්ණයක් වෙලා. ඉන්දියානු භට කණ්ඩායමක් නිකරුණේ මියන්මාරය තුල අත් අඩංගුවට පත් වෙලා තියෙනවා. චීනය, මියන්මාරය මෙන්ම පකිස්ථානයද මෙයට අත පොවලා. එහෙත් මේ සියල්ල පසු පස ඉන්න ප්‍රබලයා කවුද කියා දැන් අපි දන්නවා. ඔහුට සහයෝගය දෙන රජය තුල සිටින ද්‍රෝහීන් ගැනද වැටහීමක් තියෙනවා.මේ සියල්ල පරාජය කරමින් ශ්‍රීකාන්ත්ට සිය අරමුණ ඉටු කර ගත හැකිද? සෙල්ලම මෙතනින් ඉවර වෙයිද? මේ කොටස බැලුවාම ඔබ තීරණය කරන්න හතර වෙනි සීරීස් එකක් ඕනෙ වෙයිද කියලා. ඉතින් අපි මේ සීරීස් එකේ උප සිරැසි ඉදිරිපත් කිරීම මෙතනින් සමාප්ත කරනවා.

මෙය නැරඹුවාට මගේ ස්තූතිය.
අපි නැවත හමු වෙමු. ආයුබෝවන්

The Family Man S03 Sinhala Subtitles 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

1,910 downloadsDownload The-Family-Man-S03E07.zip23 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

 

The Family Man S03 Sinhala Subtitles 

Subtitles by

BANDULA K

Subtitles

1,910 downloadsDownload Subtitles23 KB

8 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට

  2. Sithmina

    Thank You For The Subtitle Aiya

  3. Sahan Gayantha

    thanks a lot Bandula saho season eka ikmanata dunnata..

  4. K.A. Olunee Ramaya Gunasekara

    Thank you for giving subtitles even amidst the hardships

  5. රංගික සිනෙත් කාරියවසම්

    බොහොම ස්තුතියි බන්දුල අයියේ. ජය වේවා

  6. Nisanka Kularathne

    thank you broooo...bro puluwannam criminal justic aluth akata sub aka dennko

  7. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  8. Anjana

    Thank u so much