It: Welcome to Derry S01 Sinhala Subtitles මේ කොටස පටන් ගන්නේ ලෙරෝයි සහ එයාගේ පුතා විල් අතර ඇතිවෙන ලොකු ගැටුමකින්. කාණු පද්ධතියට ගිහින් කරගත්ත දේ ගැන ලෙරෝයි ඉන්නේ හොඳටම කේන්තියෙන් වගේම බයෙන්. එයා විල්ට තදින්ම අණ කරනවා බේස් එකෙන් එළියට යන්න එපා, ආරක්ෂිතව ඉන්න කියලා. හැබැයි විල් ඒකට විරුද්ධ වෙනකොට ලෙ…
It: Welcome to Derry S01 Sinhala Subtitles
මේ කොටස පටන් ගන්නේ ලෙරෝයි සහ එයාගේ පුතා විල් අතර ඇතිවෙන ලොකු ගැටුමකින්. කාණු පද්ධතියට ගිහින් කරගත්ත දේ ගැන ලෙරෝයි ඉන්නේ හොඳටම කේන්තියෙන් වගේම බයෙන්. එයා විල්ට තදින්ම අණ කරනවා බේස් එකෙන් එළියට යන්න එපා, ආරක්ෂිතව ඉන්න කියලා. හැබැයි විල් ඒකට විරුද්ධ වෙනකොට ලෙරෝයිගේ ඉවසීම නැති වෙලා එයා විල්ට කම්මුලට ගහනවා. මේකෙන් තාත්තයි පුතයි අතර ලොකු දුරස්වීමක් ඇති වෙනවා.
මේ අතරේ ලිලී, අර කාණුව ඇතුළෙදි එයාව බේරගත්ත අද්භූත දේ යාළුවන්ට පෙන්නනවා. ලිලීට ඕන ආපහු ගිහින් ඒක පාවිච්චි කරලා අර යකාව විනාශ කරන්න. හැබැයි රොනී මේකට කැමති නෑ. එයා බයයි ආයෙත් අනතුරේ වැටෙන්න. මේ නිසා ලිලී සහ රොනී අතර ලොකු බහින්බස් වීමක් සිද්ධ වෙනවා.
හෑන්ක් ග්‍රෝගන්ගේ කතාව ගත්තොත්, චාර්ලට් තීරණය කරනවා හෑන්ක්ව ඩෙරීවලින් පන්නගන්නකල් බ්ලැක් ස්පොට් කියන ක්ලබ් එකේ හංගන්න. හැලොරන් මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ, මොකද එතන එයාලගේ රහස් තැනක් නිසා. ඒ වගේම ලෙරෝයි, හැලොරන්ට බල කරනවා එයාගේ අර විශේෂ හැකියාව පාවිච්චි කරලා අර කණු තියෙන තැන් හොයන්න කියලා. හැලොරන් මේකටත් ඉන්නේ ලොකු තරහකින්.
It: Welcome to Derry Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,064 downloadsDownload IT-Welcome-to-Derry-S01E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2015-05-18
SUB-MAKER RATING BY ADMINS
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
7 comments
Buddhika laKMal
Viraj
Thanks
Lahiru Lakshan
thanks machn
Hasindu
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
Sahan Gayantha
thanks a lot Milinda saho sub ekata
R_deshan
මම දැන් සයිට් එකෙන් සබ් ගන්නෙ නම් නැහැ සහෝ නමුත් ඉස්සර ගත්තා. දැන් eng sub එකත් එක්ක තමා බලන්නෙ. නමුත් මේ series එක ටිකක් විශේෂ එකක් නිසා නිකමට මේකෙ එපි වලට අදාලව තියන ලිපි වල මොනා හරි අමතර බාහිර කරුණු ඇත්ද බලන්න ආවා. ඒකෙදි දැක්ක දෙයක් තමා ඔයා හැම ලිපියකම අදාල එපියෙ සිද්ධවෙන දේවල් ටික මුල ඉඳන් අගටම සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙන බව. ඒක සුදුසු නෑ නේද? බලන කෙනා බලන්න කලින් ලිපිය කියෙව්වොත් මෙලෝ වැඩක් නෑනෙ බලන එකෙන්. ඒ නිසා ලිපියෙන් එපිසෝඩ් එක spoil කරන්න එපා. ඉස්සර මම සබ් ගන්න කාලෙ කට්ටිය දාපු ලිපි වල නම් මෙහෙම කතාව ඕනවට වඩා කියල තිබ්බෙ නෑ. යන්තම් ඉඟි දීලා තිබ්බ විතරයි. ඒ නිසා ඒක ගැන හිතල බලන්න. සබ් කරන්න වෙන මහන්සිය අගය කරනවා. ජයවේවා!!
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි මිලින්ද සහෝ සබ් එකට