Watch Trailer

The Five (2016) [E06] Sinhala Subtitles | ස්ලේඩ් මිනීමරුවෙක්ද? [සිංහල උපසිරසි]

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා. 2016 අප්‍රේල් 15 වෙනි දින SKY 1 ඔස්සේ විකාශය වුණ The Five රූපවාහිනී කතා මාලාවේ හයවෙනි කතාංගයට සිංහල උපසිරසිය අරගෙනයි මං අද ආවේ. කතාව ගැන පොඩ්ඩක් මතක් කරොත් 1995 වසරේදී මාර්ක්, ස්ලේඩ්, ඩැනී, පෲ යන මිතුරන් හතරදෙනා සහ මාර්ක්ගේ ‌බාල…

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය හා එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා. 2016 අප්‍රේල් 15 වෙනි දින SKY 1 ඔස්සේ විකාශය වුණ The Five රූපවාහිනී කතා මාලාවේ හයවෙනි කතාංගයට සිංහල උපසිරසිය අරගෙනයි මං අද ආවේ.

කතාව ගැන පොඩ්ඩක් මතක් කරොත් 1995 වසරේදී මාර්ක්, ස්ලේඩ්, ඩැනී, පෲ යන මිතුරන් හතරදෙනා සහ මාර්ක්ගේ ‌බාල සොහොයුරා ජෙසී හා එක්ව උද්‍යානයේ සෙල්ලම් කරමින් ඉන්න අතරතුරේදි ජෙසී අතුරුදහන් වෙනවා. ජෙසීගේ අතුරුදහන් වීම මේ මිතුරන් හතර දෙනාට දැඩි කම්පනයක් ගෙනත් දෙන සිද්ධියක් වෙනවා. මේ සිද්ධිය කාලයාගේ ඇවෑමෙන් මිතුරන්ගේ මතකයෙන් ඈත් වුණත් මාර්ක් ඇතුළු පවුලේ අයට මෙය සුව නොවනා තුවාලයක් බඳු වේදනාවක් වෙනවා. ‌

වසර විස්සකට පසු ඔවුන් ජීවත් වෙන නගරයේ සිදුවූ ඝාතන සිද්ධියකින් අතුරුදහන් වූ ජෙසී නැවතත් කරළියට පැමිණෙනවා. සෙලීනා කැලවේ නම් කාන්තාවක් ඝාතනය වූ ස්ථානයකින් ජෙසීගේ DNA හමුවීමත් සමඟම ඒ හා බැඳුණු සිද්ධි දාමයක් සිදුවෙනවා. ඇත්තටම ජෙසී ජීවතුන් අතර ඉන්නවාද? ‌ඝාතනය වුණ සෙලීනාට ‌මේ සිද්ධීන්ට සම්බන්ධයක් තියෙනවාද? මේ හැමදේම දැන ගන්න කතාව බලන්නම වෙනවා.

මාව මේ උපසිරසි ගැන්වීම් වලට සම්බන්ධ කර ගත්තු රවිඳු රුක්ෂාන් මල්ලිවත් ස්තූති පූර්වකව මතක් කරනවා. ‌කොටස් දහයකින් යුතු මේ කතා මාලාවේ අවසන් කොටස දක්වා රැදී ඉන්න කියලා ඉල්ලනවා. තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක් වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

1,972 downloadsDownload The-Five-2016-E06.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

1,972 downloadsDownload Subtitles23 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Kushan

    Sub akta thanks

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P