Watch Trailer

The Five (2016) [E07] Sinhala Subtitles | පොටෝ හොරා [සිංහල උපසිරසි]

ඉතිං යාළුවනේ, The Five UK රූපවාහිනී කතා මාලාවේ පලවෙනි කතා සමයේ 07 වෙනි කොටසට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. 2016 වසරේ මැයි 06 වෙනිදා එක්සත් රාජධානියේ රූපවාහිනියේ තිරගත උන මේ කොටස විනාඩි 44ක් පුරා දිවෙනවා. IMDb අගය 7.6/10 ක් ලබාගෙන තියෙන මේ කොටස බැලුවම තව කොටස් තුනකින් පළවෙනි කතා සමය අවසන් වෙනවා. ඔයා…

ඉතිං යාළුවනේ, The Five UK රූපවාහිනී කතා මාලාවේ පලවෙනි කතා සමයේ 07 වෙනි කොටසට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. 2016 වසරේ මැයි 06 වෙනිදා එක්සත් රාජධානියේ රූපවාහිනියේ තිරගත උන මේ කොටස විනාඩි 44ක් පුරා දිවෙනවා. IMDb අගය 7.6/10 ක් ලබාගෙන තියෙන මේ කොටස බැලුවම තව කොටස් තුනකින් පළවෙනි කතා සමය අවසන් වෙනවා.

ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටස් වලින් සිදු උන දේවල් ගැන. මේ කොටසත් පටන් ගන්නෙ පහුගිය කොටස් වලින් සිදු උන දේවල් ගැන පුංචි මතක් කිරීමකුත් එක්ක. මේ කොටසෙදි ජෙසී ගෙ දෙමව්පියන් ඉන්න ගෙදරට හොරෙක් පනිනවා. ඒ හොරා ගෙදර තියෙන වටින බඩු මොකුත් අරගෙන යන්නෙ නෑ. ජෙසීගෙ පවුලෙ පරණ පින්තූර වගයක් විතරයි අරගෙන යන්නේ. ජෙසීගෙ අම්මා හිතන්නෙ ඒ ජෙසීමයි කියලා. ඒත් තාත්තා ඒක පිළිගන්න කැමති නෑ. කොහොම හරි තාත්තා ඒ හොරා පස්සෙන් පන්නනවා. ඒත් හොරාගෙ මූණ බලාගන්න ලැබෙන්නෙ නෑ. ඒත් පිටේ එල්ලගෙන හිටිය විශේෂිත බෑග් එකක් ගැන සටහන් කරගන්න ජෙසීගෙ තාත්තට පුළුවන් වෙනවා. ඒ අතරේ ඩැනීට තමන්ගෙ පවුල කැඩෙන එක නවත්තගන්න එක එක දේවල් කරන්න සිද්ද වෙනවා වගේම නිව්මන් ගෙ වත්තෙ අඩි 02ක් විතර යටින් වලදාලා තිබිලා ජෙසී අතුරුදහන් උන වෙලාවේ ජෙසී ගාව තිබුන “ගලිවර්ගේ චාරිකා” පොත හොයාගන්න ලැබෙනවා.

ඉතිං යාළුවනේ. වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. කවුද මේ ජෙසී ගෙ ගෙදරට පනින හොරා. ඒ ඇත්තටම ජෙසී ද? නැත්නම් වෙන කෙනෙක් ද? ඇයි ඔහු පවුලෙ ඡායාරූප කිහිපයක් විතරක් හොරකම් කරගෙන යන්නේ? ඔහුගෙ බෑග් එකේ තියෙන සුවිශේෂීත්වය මොකක්ද? ජෙසීගෙ “ගලිවර්ගෙ චාරිකා” පොත කොහොමද නිව්මන්ලගෙ ඉඩමෙ තිබිලා හම්බෙන්නෙ? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

2,463 downloadsDownload The-Five-2016-E07-1.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

2,463 downloadsDownload Subtitles39 KB

5 comments

  1. Nisa

    Sub akata thnkzz

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Thanks a lot.

  4. Kushan

    Sub akta thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P