හැමදේම සාමකාමිව තිබුන සෙන්ට්‍රල් නගරයේ එක පාරටම නැව් තටාංගනයේ මිනිමැරුම් තුනක් වුනා. මේක කොහොම වුනාද කියලා නම් හිතාගන්න බෑ. හැබැයි ඒ හැම කෙනාගෙම තුවාල වල යකඩ කෑලි නම් තිබුනා. ඔය අතරේ සිස්කෝගෙයි කෙන්ඩ්‍රාගෙයි ආදර කතාව නම් ගොඩක් හොදින් ගලාගෙන ගියා. ඉතින් ඔය අතරේ ඒ දෙන්නා ජිටර්ස් එකේ රෑ කෑමක් ගන්න පොඩ…
හැමදේම සාමකාමිව තිබුන සෙන්ට්‍රල් නගරයේ එක පාරටම නැව් තටාංගනයේ මිනිමැරුම් තුනක් වුනා. මේක කොහොම වුනාද කියලා නම් හිතාගන්න බෑ. හැබැයි ඒ හැම කෙනාගෙම තුවාල වල යකඩ කෑලි නම් තිබුනා. ඔය අතරේ සිස්කෝගෙයි කෙන්ඩ්‍රාගෙයි ආදර කතාව නම් ගොඩක් හොදින් ගලාගෙන ගියා. ඉතින් ඔය අතරේ ඒ දෙන්නා ජිටර්ස් එකේ රෑ කෑමක් ගන්න පොඩි සාදයක් තියන අතරේ අමුත්තෙක් ඇවිත් ඒ දෙන්නට බාධා කලා. ඒ කවුද කියලා නම් දන්නේ නෑ හැබැයි එයාට කෙන්ඩ්‍රාව මරන්න ඕනිවෙලා තිබුනා කියලයි පේන්න තිබුනේ. ඒ මදිවට එයා කෙන්ඩ්‍රාට වෙන ඊජිප්තියානු නමක් කියලයි කතා කලේ. මේ කෙනා නම් හිතන තරම් ලේසි කෙනෙක් වගේ නෙවෙයි. මොකද මෙටා මිනිස්සු එක්ක සටන් කරනවා වගේ නෙවෙයි මේ වගේ මායවන් තියෙන අයත් එක්ක සටන් කරන එක ලේසි නෑ. ඉතින් ඒ දේවල් වලට ගොඩක් දක්ෂ ඒ වගේම අත්දැකිම් තියෙන ඇරෝව හොයාගෙන මම ගියා.
ඒ ගියපු වෙලාවේ නම් ඇරෝ ගොඩක් බිසි වෙලා හිටියේ. කොහොම හරි දරුණු කෙනෙක්ගෙන් ඇරෝව බේරාගන්නත් ඒ වෙලාවේ මට පුලුවන් වුනා. ඉතින් මම ඔලිවර්ගේ අලුත් තැනට ගියා. ඒ තැන නම් හිතනවාට වඩා ගොඩක් හොද ආසා හිතෙන තැනක්. ඉතින් අපි ස්ටාර් සිටි එකට ආව හේතුව ගැන ඔලිවර්ට කිවා. ඔලිවර් නම් කෙන්ඩ්‍රාව ඇරෝගේ ප්‍රධාන මූලස්ථානයට ගෙනාව එක ගැන නම් එච්චර හොද හිතකින් නම් නෙවෙයි හිටියේ. ඒ නිසාම අපි ඔලිවර්ගේ තැනට ගිහින් කතා කරන්න හිතාගත්තා. ඒ වගේම ෆෙලසිටි මේ අමුත්තාගේ හැඩය ඇදපු ෆොටෝ එකක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කලා. අපිට එයාගේ පින්තුරයක් නම් හම්බවුනා. හැබැයි ඉතින් අවුරුදු 80ක් පරණ එකක්. ඒත් එයා ඒ හිටපු විදියමයි. ඒත් ඒක කොහොමද වෙන්නේ?
ඔය අතරේ තමයි සිස්කෝ මට රහසක් කිවේ. එයා කෙන්ඩ්‍රා කිස් කරපු වෙලාවේ එයාට කෙන්ඩ්‍රාට පිහාටු තියෙනවා කියලා කම්පනයක් දැනිලා. ඒ නිසා මේ මිනිහා පස්සෙන් එනවා ඇති කියලයි එයා හිතන්නේ. ඔය කතාබහ අතරේ ඔලිවර්ගේ ගෙදරට අර අමුතු මිනිහා කඩා පැන්නා. එතන හිටපු හැමෝටම පිහිවලින් විදලා මරන්නයි හැදුවේ. මගේ වේගෙට පින්සිද්ද වෙන්න එයාලව බේරාගන්න පුලුවන් වුනා. ඒවගේම ඒ කෙනාව පරද්දන්න පුලුවන් වුනා. හැබැයි ඉතින් එයා මැරුනේ නම් නෑ. ඔය සිද්ධියෙන් පස්සේ සිස්කෝ එයාගේ බලය ගැන කැන්ඩ්‍රාට කිවා. ඒ වගේම එයා දැක්ක දේ ගැනත් කිවා. කෙන්ඩ්‍රා නම් ඒක විශ්වාස කලේ නෑ වගේ. කොහොම හරි ඔය සිද්ධිය වෙද්දි තියාගේ තාත්තා කියන කෙනත් එයාගේ අයත් එක්ක එතනට ආවා. එයා කියපු විදියට අර අත්භූත කෙනා වැන්ඩාල් සැවේජ් කියලා කෙනෙක්. ඒ විතරක් නෙවෙයි එයා අමරණිය කෙනෙක්ලු. ඒ දේ අහපු කෙන්ඩ්‍රට මේක දරාගන්න බැරි වෙලා එයා එලියට ගියා. අතරතුර පිහාටු තියෙන මිනිහෙක් එයාව පැහැරගෙන ගියා. අද නම් ගොඩක් පුදුම දේවල් තමයි වෙන්නේ. මේ තටු තියෙන මිනිහාගෙන් කෙන්ඩ්‍රාව බේරාගන්න මායි ඔලිවරුයි ලොකු සටනක් කලා. හැබැයි එයාව අල්ලාගන්න එක නම් ලේසි වැඩක් වුනේ නෑ.
මේ කෙනා කියන විදියට වැන්ඩාල් කෙන්ඩ්‍රාව මරන්න එන්නේ පරණ ආත්මයක පලිය ගන්නලු. හැබැයි ලග පාත වුන එකක් නෙවෙයි අවුරුදු 4000කට කලින් වුන දෙයක්. එයා කෙන්ඩ්‍රාගේ පරණ පෙම්වතාලු. මේ දෙන්නාව මරණ වාරයක් පාසා වැන්ඩාල්ගේ බලය වැඩි වෙනවලු. ඉතින් මේ හැමදේම කියපු එයා කිවේ කෙන්ඩ්‍රාටත් මේ වගේ පියාඹන්න පුලුවන් එයාගේ බලය ඇති කරන්න ඕනි කියලා. ඒ වැඩේ කරන්න ගිහින් තව ටිකකින් එයා මැරෙනවත් එක්ක. ඔය අතරේ වැන්ඩාල් නගරයෙන් යන්න ගියා කියලා අපිට ආරංචි වුනා. එයා බලගතු යෂ්ටියක් ගන්න සෙන්ට්‍රල් නගරයට ගියා කියලා තමයි ආරංචි වුනේ. ඒ නිසා මායි ඇරොයි එයාව අල්ලාගන්න එතනට ගියා. හැබැයි ඉතින් එතකොට අපි පරක්කු වැඩියි. මොකද වැන්ඩාල් යෂ්ටිය අරගෙන ඉවරයි. ඒ වෙලාවේ එයාව පරද්දවන්න හැදුවත් අපිට ඒක බැරි වුනා. ඒ අතරේ කෙන්ඩ්‍රා පියාඹන්න පුරුදු වුන නිසා අපි දෙන්නා නූලෙන් බේරුනා. ඉතින් කොහොම හරි මේ වැන්ඩාල්ව පරද්දන්න ක්‍රමයක් හොයාගන්න ඇරෝ ටිම් එක සෙන්ට්‍රල් නගරයට ඔලිවර් ගෙන්වාගත්තා…
ප.ලි : හැමෝම වගේ මාත් නත්තලට නිවාඩුක් ගන්න හිතුවා. මාසයක විතර පොඩි නිවාඩුවක් ගත්තට මාත් එක්ක තරහා වෙන්නේ නැතිවේවි නේද? එහෙනම් ජනවාරි 20 ආයේ මුණගැසෙමු…
හැමෝටම සුභ නත්තලක්…!
189 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
D839DB3F547907616A1CEFD4B5BBF51E779116E0246 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
06B006D3CAFB74A740748CF032CE4AB7E8B8EF76 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
11,460 downloadsDownload The-Flash-S02-E09.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
55 comments
sanju
sanju
thanks for sub bro good luck
sachintha
tnx sub ekata
avishka
thanks bro,
arrow 1 ekmanta DandakanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ජනක
සබ් එකට තෑන්ක්ස්....සහෝ...අනිත් ඒවල සබ් අපිට ලබන මාසේ වෙනකන් හම්බවෙන්නෙ නැද්ද....
Sajeevi
Thanks
chamara
Quantico ekath ikmanata dando
lakshyan
Thanks bro :)
Sanjaya
උපසිරැසියට ස්තූතියි සහෝ.. :)
ජය වේවා..!! :)Práðèép Üðäýàñgå
තැන්ක්ස් සහෝ....
nisala udara
sub ekata thanks
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!S.K.Ruchiranga
sub machoo sub ekata
sanath indika
thx sahoo
Tharindu
සබට තෑන්ක්ස් සහෝ....
ජය වේවා...!
ඇරෝත් ඉක්මනට දෙන්ඩෝ..dilan chathuranga
tnks bro sub ekata
Nicol Vishan
Balagena inna barima thana enligh sub ekath ekka bagena baluwa epi eka aye me sub ekath bagena balanna ona. kohoma unath thanks puluwan ikmanata sub dunnata. okkoma hodai masayak balagena inna eka tamai lokuma awla thiyenne.
shamal
thanx මචෝ සබ් එකට 246mb ලින්ක් එක පොඩ්ඩක් අවුල් වගේ.
Dinuka
Narcos 2015
Criminal Minds 2015
CSI 2014
Dexter 2014
TV Series wala Subtitle danna. AWA Patta. TV Seasons.
oya flash , arrow waga gobba na.
Moda tv series wala subtitledanna apa. aparadayak.Hope
Ay oya ehema kiyanne... Api asawen balanawa.
සමන් ප්‍රසාද් [ පූසා ]
ඔබතුමාට බලන්න බැරි නම් නිකන් ඉන්ඩකෝ.
ඔබතුමාට මේවා බලෙන් බලන්න කිවුවේ නෑනේ අපි.
දහස් ගානක් ඩවුන් කරන මේ ටීවී සීරියස් ඔබතුමා වගේ එක්කෙනෙක් නිසා නවත්තන්න බෑනේ මහත්මයා.
එහෙම කරන එක හරි නෑනේ නේද? :)
පොඩ්ඩක් අනිත් මිනිස්සු ගැනත් හිතන්න පුරුදු වෙන්න කියලා
ඔබතුමා ගිය ඉස්කෝලෙදි එහෙම ඉගැන්නුවේ නැද්ද ඔබතුමාට? :DJquater
Agree With That
Suneth Chanuka
Eka Aththa. Adla Naththam Pththakta wela Htyanam hari.......
me
Thanks
Ravindu Adithya
thanks bro.
ehenam niwaduwen passe school patan gaththama apahu hambawemu ;-)
jaya weewa.
-)Iraj Asela
Thanka
Sadu..
බොහොම තුති සහෝ සබ් එකට.ලිපියත් මරු.ගිය සතියේ මුළු කතාවම ලිපියේ තිබුනා.මරේ මරු.බොහොම පිං සහෝ. බුදු සරණය්!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි යාලු මෙකටත් උපසිරස දුන්නට...
ඊලඟ කොටසත් ඉක්මනින් අරන් එන්න...
ජයෙන් ජය....Sahan
thanks a lot sahoo..
Amalka
බොහෝම ස්තූතියි සහෝ උප්සිරැසියට
Sajith Anthony
උපසිරැසියට ස්තූතියි සහෝ
ජය වේවා..!රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lahiru Dayan
Thanks mcn. Supiri!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Ruchira
sub 1ට ස්තුතියි.......
සමන් ප්‍රසාද් [ පූසා ]
කොමික් සෙට් එකම එහෙනම් නිවාඩු නේද??? :D හෙ හේ...
උඹට නම් නිවාඩුවක් ලැබෙන එක වටිනවා.
මොකද දවස් දෙකක් පිට පිටම එක දිගට සබ් දෙකක් කරන්න උඹට විදින්න වෙන දුක කොහොමද කියලා දන්නවා නොවැ අපි....
එහෙනම් ඔන්න සබ් එක ගත්තා...
එහෙනම් ජනවාරිවල හම්බෙමුකෝ...
ජය වේවා...!!!Ravin
Thanks for the sub
Rachitha Isanka
Thanks bro sub ekata.
ප්‍රබෝධ
සබට තෑන්ක්ස් සහෝ….
ජය වේවා…! සුබ නත්තලක් වෙිිවාLahiru
Bro.....
08 weni kotase tawa kallak iturui neda ???
09 weni kotasa wena katawak ne yanne ??chathura
arrow s4 - a8 balanna ithura kalla thinawa
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි සහෝ!!!
vimukthi
sub ekata bohoma thuthi
pramuk
thanx bro
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
dil
episode 10 nathidooooo???????
baiscope
epi 10 awa sub plz??
Lahiru Ruwanga
episode 10 th awilla saho...denakan balannathuwa inne...
kaushika
bro E10 dan nadda
Hasitha Nuwan
bro E10 eka avilla Sub nedda??????
Legends of tomorrow eketh E1 eka awa sub ekath denna saho.....................lakshan
thanks bro.....
lakshan
සබ් එකට ස්තූතියි සහෝ!!!
Thilinda
Good luck sahoooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Flash [S02 : E09] with Sinhala Subtitle | දිගටම ගමනේ. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Flash-S2P5.jpg)

thanks for sub bro