පෝයට පොඩි නිවාඩුවක් ගත්තට ඔයාලා මාත් එක්ක තරහා නෑ කියලා හිතනවා. කොහොම හරි ඊට කලින් මම සූම් එක්ක සටන් කලානේ. ඒකෙන් මට හොදටම තුවාල වුනා. කොච්චරද කියනවා නම් මගේ කකුල් දෙකත් පණ නැතිවෙලා ගියා. මේ දේ නිසා ඩොක්ටර් වෙල්ස් එයාගේ ලෝකයට යන්න හැදුවා. මොකද මටත් සූම්ව පරද්දන්න බෑ කියලා එයා හිතපු නිසා. හැබැයි ඉති…
පෝයට පොඩි නිවාඩුවක් ගත්තට ඔයාලා මාත් එක්ක තරහා නෑ කියලා හිතනවා. කොහොම හරි ඊට කලින් මම සූම් එක්ක සටන් කලානේ. ඒකෙන් මට හොදටම තුවාල වුනා. කොච්චරද කියනවා නම් මගේ කකුල් දෙකත් පණ නැතිවෙලා ගියා. මේ දේ නිසා ඩොක්ටර් වෙල්ස් එයාගේ ලෝකයට යන්න හැදුවා. මොකද මටත් සූම්ව පරද්දන්න බෑ කියලා එයා හිතපු නිසා. හැබැයි ඉතින් කොහොම හරි බලෙන් එයාව අපි තියාගත්තා. ඔය අතරේ නගරයේ එක් ලැබ් එකක අමුතු දෙයක් වුනා. ඒකෙ හිටපු විද්‍යාඥයෙක් අනිත් අයට ගහලා රසායන ද්‍රව්‍ය තිබුන භාජනයක් හොරකම් කරගෙන ගියා. අන්තිමේට එයා ලැබ් එකෙ එලියේ මැරිලා ඉද්දි හොයාගන්න පුලුවන් වුනා. ඒ මදිවට කේට්ලනුත් අමුතු විදියට හැසිරිලා සිස්කෝට ගහලා කොහාටදෝ යන්න ගියා. මේක ලොකු ප්‍රශ්නයක් නිසා අපි ඒ ගැන හෙව්වා. එතකොටයි අපිට දකින්න ලැබුනේ අපේ පරණ ගෝරිල්ලා ග්‍රොඩ්ව. එයා මනසේ බලයෙන් කේට්ලන්ව පාලනය කරගෙන කොහාටදෝ ගිහිල්ලා.
ඔය දේවල් සිද්ධ වෙද්දි මට තවමත් මගේ වේගය ලැබුනේ නෑ. කොච්චර උත්සහ කලත් සූම් මාව පරාද කලා කියන හැගිම මගේ හිතට එන නිසා මට ආයෙමත් ඒ වේගය ලබාගන්න හිත එක තැනකට ගන්න අමාරුයි. ඒත් එකපාරටම සෙන්ට්‍රල් නගරයට මගේ තාත්තා ආවා. ඒ ජෝ සහ අයරිස් කියපු නිසා. කොහොම හරි තාත්තා මගේ හිත ගොඩක් හැදුවා. ඉතින් මගේ බලය නැතිව හරි අපි කේට්ලන්ව බේරාගන්න උත්සහ කරන්නයි යන්නේ. ඒකට අපිට වෙල්ස්ගේ උදව් ගන්න ඕනිවුනා. එයා කලින් ඩොක්ටර් වෙල්ස් වගේ ග්‍රොඩ් ලගට ගිහින් එයාව රවට්ටලා කෝට්ලන්ව බේරාගන්න හදන්නේ. මොකද ග්‍රොඩ් කලින් ඩොක්ටර් වෙල්ස් කියන දේ අහන නිසා ඒක අමාරු වෙන්නේ නැතිවෙයි කියලා අපිට හිතුනා. ඒත් හිතුවෙවත් නැති විදියට ග්‍රොඩ් මේ ඇත්ත වෙල්ස් නෙවෙයි කියලා දැනගෙන ගොඩක් කලබල කරන්න වුනා. අපිට කේට්ලන්ව බේරාගන්න පුලුවන් වුනා. ඒත් ඩොක්ටර් වෙල්ස් එතන කොටු වුනා. කොහොම හරි ආයෙම් ග්‍රොඩ්ව රවට්ටලා වෙල්ස්ට එතනින් පැනගන්න පුලුවන් වුනා.
ඊට පස්සේ තමයි අපි දැනගත්තේ ග්‍රොඩ් කේට්ලන්ව ගෙනියලා තියෙන්නේ කරදර කරන්න නම් නෙවෙයි කියලා. ග්‍රොඩ්ට එයා වගේ තවත් කට්ටිය කේට්ලන්ට කියලා හදාගන්න ඕනිවෙලා. ඉතින් ඒ නිසා තමයි අර රසායනික ද්‍රව්‍යත් හොරකම් කරලා තියෙන්නේ. කේට්ලන් කියන විදිට අපිට නම් හිතුනේ ඒ ග්‍රොඩ් මේ නගරය පාලනය කරගන්න හදන නිසා කියලා. හැබැයි කේට්ලන් නම් කියන්නේ ග්‍රොඩ්ට තනිකම නිසා තව අය හදන්න හදනවා කියලයි. ඒ වෙලාවේ තමයි ඩොක්ටර් වෙල්ස්ට අදහසක් ආවේ. අපේ ලෝකයේ තියෙන විවරයකින් එයාලගේ ලෝකයේ තියෙන ග්‍රොඩ්ට ගැලපෙන තැනකට යනවා කියලා එයා කිවා. ඉතින් ඒ තැනට ග්‍රොඩ්ව යවන්න මම ඇමක් විදියට වැඩ කලා. මගේ පස්සෙන් ආපු ග්‍රොඩ්ව අපි විවරයක් හරහා වෙල්ස්ගේ ලෝකයේ එයාට ගැලපෙන තැනට යැවුවා. ඔන්න ඔය විදියට හැම වැඩක්ම සිද්ධ වෙද්දි මගේ තාත්තත් ආයෙමත් එයා මාලු අල්ලමින් හිටපු කෑම්ප් එකට යන්න ගියා. ඒ වගේම පැටීටත් මගේ ගැන සැක හිතිලා වගේ. මොකද මට අසනීපයි කියලා එයාට කියපු බොරුව එයාගේ අතටම අහුවෙලා.
194 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
EA036A411ED037AA4F64962ACDA7C1A411331814238 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
64A5C8B0E4564293A3C1948CFBB4B948ECEE6D5B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
12,791 downloadsDownload The-Flash-S02-E08.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
67 comments
Isuru
Haritha Dayanga
හම්මෙ සබ් එනකම් බලන් හිටියෙ
වෙනදා වගෙම සබ් එකට තැන්ක්ස් ආ
Arrow එකෙ එපීයත් ඇවීල්ලා එකත් සං සං ගාලා දෙන්න
ජයෙන් ජය සහෝdamitht
Elazzz. Thanks Macho.
Sahan Dilshan
SUB එකට THANKS .පුළුවන් නම් ARROW එකෙත් SUB බ්‍රහස්පතින්දට දෙන්න
kaveen
සබට ගොඩක් ස්තුති සහෝ ජය වේවා..
kavinda
මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…unkown
සහෝ ස්මෝල්විල් සබ් ඉස් රෙඩි.. මේ සයිට් එකෙන් නෙමෙයි ඔන්න.. මේ කට්ටිය කැමති නැහැ අපි වගේ ආධුනික අය සබ් හදනවට. අන්න එකයි කතාව.. සීසන් 03ක සබ් හදලා ඉවරයි 04වෙනි එකෙත් බාගයක් හදලා දැනටමත්...
chamith
සිරා කතාව සහෝ...smallvile සබ් එක දියන්කෝ මචෝ.
මමත් school කට් කර කර බලපු එකක්.තිසර නියෝ
අඩේ මම අදනේ දන්නේ අපි මේ සයිට් එකට ආවේ ආධුනිකයෝ විදියට නෙවෙයි කියල.....
මෙයා කියන විදියට අපි ප්‍රවීණයෝ විදියටනේ ඇවිත් තියෙන්නේ...බොරු ආතල් දෙන්න එපා බන්... දෙන මගුලක් දියන්කෝ බන් කච කචේ දාන්නේ නැතුව....
ඔය දෙන මගුල ඉක්මනට දීල ඔය අනිත් එකාගේ ඇඩියාව නතර කරහන්කෝ අඩුගානේ....
බලන බලන හැම එකේම මගේ වීරයෝ ඔක්කොම ඒකෙ ඉන්නවා, මම පොඩි කාලේ ඉඳන් බැලුවේ...
දැකලම එපා වෙලා ඕයි ඒක...Vidu....
1st eke sub ekanan hambuna mcn. inna beri thena season 10ma balala iwarayak kara bn... patta series eka SMALLVILLE..
Arrow, flash ehemath innawane....
විමා
අපොයි
හුස්ම හිරවුනා ඒ කතාවට
මේ උපසිරස කරන කවිදු සහෝත් මමත් අපේ හැම කෙනෙක්මත් පලපුරුදු උපසිරසිකරුවො විදියට මෙතනට ආවෙ නෑ
කෝඩුකාර විදියට ආවෙ
ඒ එද්දි පරන අය අතදුන්නා
හැමදාම කියන්නෙ අලුත් අය එන්න මේ වැඩේට දායක වෙන්න කියලයි
මං හිතන්නෙ මේක වෙන කෝන්තරයක් වගේ
නමක් ගමක් නැතුව සද්ද දාන්නෙ ඒ නිසා වෙන්න ඕනා.Sineth
හරි කමක් නැහැ unknown මහත්තයා කොහේහරි කමක් නෑ ඕක හදලා දියන්කෝ. අපි නම් බලනවා. හැබැයි ඉතින් ගූගල් දෙයියෝ මූන බැලුවා වගේ නම් එව්වා එපා හොදේ. ඔය වගේ එපිසොඩ් 200+ එව්වා කරන්න ගත්තු ගොඩක් අය ඇන ගත්තා මිසක් ගොඩ දැන්මේ නම් නැහැ වැඩේ. එයාලට හරි වැඩේ ගොඩ දා ගන්න හෙල්ප් එකක් දෙන්නකො. අපිටත් කියන්න ඈ වැඩේ ඉවර උනාම. මොකද බාගයක් කරලා පොලු තියන උන් වැහි වැහැලා. එහෙනම් සුබ පතුම්....
මධුකප්‍රිය පෙරේරා
ඇත්තටම මේ කතාවනම් පිළිගන්න බැහැ..
මොකද මාත් උපසිරසි හදන්න ආවේ පළපුරුදු කෙනෙක් විදිහට නෙවේ..
අනෙක එහෙම තැන දෙන්නේ නැහැ කියන්න බැහැ.
ගිය මාසෙත් අලුතින් 10ක් විතර අඩවියට එක්වුණාද කොහෙද?
අනෙක ඔය UNKNOWN සහෝදරයා ඕකට උපසිරසි දෙනවනම් දෙන්න..
ඒක අපිත් අගය කරනවා.එහෙම නැතිව අභූත චෝදනා කරන්න එපා කියලා තමා කියන්න තියෙන්නේ....සමන් ප්‍රසාද් [ පූසා ]
මෙන්න එකෙක්... :v හැමෝම එන්නෙ ආදුනිකයෝ විදිහට තමා බං.
කවුරුවත් එක පාර සබ් 50ක් 100ක් ගහගෙන එන්නෙ නෑ... :v
මාත් මේ ඉන්න හැමෝමත් අර විමා කිවුවා වගේ මුලින්ම එක සබ් එකක් හදලා තමා මෙතනට ආවේ...
අනික උඹම බලහන් සතියට අලුත් එක දායකයෙක් හරි සයිට් එකට අලුතෙන් එනවා. :P
අනේ බං උඹටත් කියන්න දෙයක් නැතිවට කෑගහනවද කොහෙද.
පුළුවන් නම් ඔය කරපු සබ් ටික එවහන් බං අපේ මේල් එකට. මොකද සයිට් එකේ සබ් කරන හැමෝම ගෙදරට වෙලා කහ කහ ඉන්න උන් නෙවේ. එක්කෝ ඉගෙනගන්නවා, නැත්නම් රස්සාවක් කරනවා. ඒ අතරේ තමා මේ සබ් කරන්නෙත්. ඉස්සර හිටපු හුඟක් අය දැන් සයිට් එකේ නෑ.ඒ ඔය වැඩ වැඩිවීම හේතුව නිසා තමා. ඒ නිසා උඹ ඕක කරලා තියෙනවා නම් අපේ මේල් එකට එවහන්. කිසිම සැකයක් නෑ ඇඩ්මින්ලා ඒක පළකරනවා. :v :vගයාන් රූකාන්ත(ජෝනා)
විමා උඹ 50 ක් ද කොහෙද කරා නේද සයිට් එකට එනකොට.
මමත් 20 ක් ද කොහෙද එකවර කරගෙන නේ ආවේ..සිගිති ආතල් දෙන්න එපා
කොල්ලෝ,දැන් මේල් එකක් දාහන්කො බලන්න රිප්ලයි එකක් එවන්නේ නැද්ද බලන්න් අපේ ඇඩ්මින්ලා...නැතුව කඩේ යන්න විතරක් නම් හදන්න එපා කොල්ලෝ,
අපේ උන්ට ආතල් ගන්න ටයිම් එකක් නැ,එකයි
me
Thanks
VisH
bohoma isthuthiy :)
Thanura
thanks for the sub
nipuna
ඉවසගෙන ඉන්ට බැරි තැන සබ් නැතුව බලුවා. අයෙත් බලන්වා.මොන්ව උනත් මේ සරෙ ඔලිවර් අයයයි.බෙරි මල්ලි එකතුවෙලා හොදට නලා ටිවි සිරියස් එකම
chamith
thanks sub එකට මචෝ.
මචං arrow එකත් ඉක්මනට දියං.Tharindu
මේ සතියෙ නම් ඇරෝ-ෆ්ලෑශ් පට්ට එපි දෙකක් තියනවා වගේ....
සබට බොහොම ස්තූතියි සහෝ...
ජය වේවා...!
ඇරෝ පුලුවන් ඉක්මණට දෙන්ඩෝ...dasun tharindu
Thanks sahoo sabataa
Sajeevi
Thanks
Ruchira
sub 1ට ස්තුතියි...........
Arrow
wall ballo arrow tho denne nedda kari ponnayo barinam oka wena ekekuta deepan
තිසර නියෝ
තමගේ නමවත් දාගන්න බැරි තොපිල වගේ කාලකන්නින්ගේ අවජාතකේ තමා උඹ ඔය පෙන්නන්නේ arrow කියල කමන්ට් කරපු එකෝ
wassanaya
එන්න එන්නම මේ සිරියස් දෙකම ඇදගෙන නාගන්න සවරැපයක් පේන්නේ මචංලා.. බහුබුත වැඩි දැන් මේවගේ. ආසාවෙන් බැලුව හින්දා හිතට දුකයි. ඒත් නවත්තන්නැ. තැන්කිවු ඇ මෙන්න බැවා
Anonymous
එළකිරි #bro
fireballmovies
“කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාගේ The Flash [S02 : E08] හි the.flash.2014.s02e08.720p.hdtv.hevc.x265.rmteam සබ් ෆයිලය සදහා ගැලපෙන මූවී ෆයිලය ඩිරෙක්ට් බාගන්න එන්න මගේ fireballmovies twitter පිටුවට. බයිස්කෝප් ටිම් එකට ජය වේවා.හැමෝටම සුභ දවසක් වේවා...!!!!
lahiru
Thx
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Avishka
Thnx bro......well done
නලින්
ස්තුතියි කවිදු මලේ.. ආපු ගමන්ම බලලා දැම්මා...
ජය වෙවා!
Dasu
ස්තූතියි සහෝ!!!
Sadu..
බොහොම තුති සහෝ.
gihan
mcn sub ekata tnx. puluwannam heroes eke sub tika hadala danna,man patta kamathi kathawak,eke aluth eka, heroes reborn ekata sub thiyenawa, eth arakata na,thanks
Sameera
Thank You Saho..!!
Theja
අපෝ මේක දෙන්න කොච්චර පරක්කු උනාද... දැන් නම් එන්න එන්නම මේ සයිට් එක චා වෙනවා....
වෙන එකකට මාරු වෙන්න කාලේ හරි...අනිත් සිංහල සබ් දෙන අය ඉක්මනට දෙනවා....
Pasan
tho ehenam wena ekakata maru weyan. uba nikan pinata dena sub ekatath kunu katha kiyanna eno. Tho giyata api hamadama baiscope ekka thamai
ගයාන් රූකාන්ත(ජෝනා)
මොනවා කරන්නද සහෝ වැඩක් පලක් කරලා අපේ උන් ජිවත් වෙන්නත් ඕනේ නේ,
ඉගෙන ගන්න කොල්ලෝ කෙල්ලෝ ටික ඉගෙන ගන්නත් ඕනේ නේ.
කිසි අමනාපයක් නැ...ඔයා ඔය කියන දිහාට ගොහින්ම බලමු.කොච්චර පාමා උනත්
අපේ සබ් එක්ක බලන්න අපිට අපේම සෙට් එකක් ඉන්නවා.Theja
ඇත්ත කිවුවම හැමෝටම රිදෙනවා...
Pasan
Theja උබ කිව්ව එක උබටම Apply කර ගනිං.
තිසර නියෝ
ඇත්ත කිව්ව්වනම් රිදෙනවා උනාට අපි කව්රුත් සයිට් එකත් එක්ක ඉන්නේ අපේ පුද්ගලික ජීවිතේ වැඩ එක්ක. ඉතින් හැම වෙලේම එන පරක්කුවෙන් සබ් දෙන්න බැරි වෙන්න පුළුවන්. එහෙමයි කියල කවදාවත් නොදී ඉඳල නැහැ නේ
pramuk
thanx bro.........
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!!Kulanjana Maduranga
niayamai…denakm unne....ela..thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගයාන් රූකාන්ත(ජෝනා)
සබ් එකට බොහොම තුති කවිදුවා
ජය!!rajith
Thanksssss
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
La Hiru
ස්තුතියි සහෝ
සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
ජයෙන් ජය....
ඊලඟ කොටසත් ඉකමනට අරන් එන්න...Rajitha Damayantha
Supiri aiye ikmanata dannako SUB eka ela
chamath shashika
thanx bro.. sub nam baiskop thamayi.
dilan chathuranga
thnks bro. mage 1st commenttuwa
thiran
american welawen 8 cw chanel eke 9 weni kotasa yanawa CW channel eke app eka phone ekat dagna balanna puluwan.e kiyanne 9 wenida 11 AM ta vithara
supun madusanka
thnkz mcho
dinuka
thanks bro!
Akalanka
s2 e8 Passe Story 1 nette mokada
Ruwan Darshana
meke aluth kotas awe nadda 9 n passe ekakwath nane
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
Supun Madhusanka (Bunny)
Thanks saho..... Jayen jaya.....
lakshan
thanks saho.....
lakshan
ස්තුතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Flash [S02 : E08] with Sinhala Subtitle | අද කාලයේ පුරාවෘත්තයක්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Flash-S2P5.jpg)

Balagena hitiye sub eka denakan. thank you!!!!!!