ගොඩක් කාලෙකට පස්සේ ඔන්න ආයෙමත් ඔයාලට සුපිරි කතා මාලාවේ සබ් එක අරගෙන මං ආවා. කට්ටියට මාව මතකද දන්නේ නෑ. 😀 ගිය සතියේ කැම්පස් එකේ ප්රොජෙක්ට් එකකට අම්පාරේ දුෂ්කර ගමකට ගියපු නිසා ෆ්ලෑෂ් සබ් එක කරනවා තියා කෝල් එකක්වත් ගන්න බැරි තරමට සිග්නල් ප්රශ්නයකයි හිටියේ. හැබැයි ඉතින් අපේ හසන්ත අයියා මේ සබ් එක එනකන…

ගොඩක් කාලෙකට පස්සේ ඔන්න ආයෙමත් ඔයාලට සුපිරි කතා මාලාවේ සබ් එක අරගෙන මං ආවා. කට්ටියට මාව මතකද දන්නේ නෑ. 😀 ගිය සතියේ කැම්පස් එකේ ප්රොජෙක්ට් එකකට අම්පාරේ දුෂ්කර ගමකට ගියපු නිසා ෆ්ලෑෂ් සබ් එක කරනවා තියා කෝල් එකක්වත් ගන්න බැරි තරමට සිග්නල් ප්රශ්නයකයි හිටියේ. හැබැයි ඉතින් අපේ හසන්ත අයියා මේ සබ් එක එනකන් බලාගෙන ඉන්න ඔයාලා වෙනුවෙන් මේකෙ පලවෙනි කොටස කරන්න බාර ගත්තා. ඒකට හසන්ත අයියාට ගොඩක් ස්තූතියි. හරි, අද දවසේ කතාවට එන්න කලින් අපි පහුගිය කොටසේ වුන දේවල් ගැන මතක් කරගමු.
පහුගිය සිසන් එකේ අන්තිමේට බෙරී ඕනිම දෙයක් වෙච්ච දෙන් කියලා හිතලා ටයිම් ලයින් එකේ ලොකු වෙනසක් කලා. එයා අතීතයට ගිහින් රිවස් ෆ්ලෑෂ්ට එයාගේ අම්මාව මරන්න දෙන්නෙ නැතිව නවත්වලා එයාව වර්ථමානයට අරගෙන ආවා. හැබැයි මේ දේ නිසා වර්ථමානයේ ටයිම් ලයින් එකේ මොනවා වෙනස් වෙලාද තියෙන්නේ කියලා අපි තියා බෙරීවත් දන්නේ නෑ. කොහොම හරි බෙරීට දකින්න ලැබෙනවා මේ අලුත් කාලයේ තවත් ෆ්ලෑෂ් කෙනෙක් වගේම තවත් නපුරෙක් ඉන්නවා කියලා. ඒක නම් එයාට සතුටු හිතෙන දෙයක් වගේ. හැබැයි ඉතින් දුක හිතෙන දේ නම් අයරිස් බෙරීව වැඩිය අදුරන්නේ නෑ. මොකද මේ ටයිම් ලයින් එකේ බෙරීගේ අම්මයි තාත්තයි ඉන්න නිසා එයා ජෝලගේ ගෙදර නෙවෙයිනෙ හැදුනෙ වැඩුනේ. ඉතින් කොහොම හරි බෙරී අයිරිස්ට කතා කරලා එයාව අදුනාගෙන එයාට කෝපි එකක් බොන්නත් ආරාධනා කරනවා.
ඔය අතරේ බෙරී හිරකරලා ඉන්න රිවස් ෆ්ලෑෂ්ව මුණගැනේන යනවා. රිවස් ෆ්ලෑෂ් නම් කියන්නේ බෙරී මේ කරපු අවුලෙන් ගොඩක් දේවල් වෙනස් වෙයි කියලයි. සමහර විට බෙරීට පරණ හැමදේම අමතක වෙලා අන්තිමේට එයා ෆ්ලෑෂ් කියන එකත් අමතක වේවි කියලා. බෙරී නම් මේක පිලිගන්න කැමති වෙන්නේ නෑ. මොකද මේ ටයිම් ලයින් එකට මෙයා ගොඩක් කැමතියි. බෙරීගේ අම්මා ඉන්නවා තාත්තත් ඉන්නවා ඒ වගේම නගරයේ ෆ්ලෑෂ් කෙනෙකුත් ඉන්නවා ඒ නිසා මෙයාට නිදහසේ ඉන්න පුලුවන්නේ. හැබැයි ඒක වෙනස් වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. මොකද රිවස් ෆ්ලෑෂ් කිවා වගේම බෙරීට ටිකෙන් ටික එයාගේ එක එක දේවල් ගැන තියෙන මතකය අමතක වෙනවා.
ඔය අතරේ තමයි බෙරීට මේ අලුත් ෆ්ලෑෂ් කවුද කියලා දැනගන්න ලැබෙන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි වොලියි. වොලී එයාගේ අක්කත් එක්ක එකතු වෙලා නගරයේ අපරාධ විසදනවා කියලා මෙයාට දැනගන්න ලැබෙනවා. ඉතින් මෙයාලා දෙන්නට දැන් තියෙන ලොකුම ප්රශ්නය තමයි නගරයේ අලුත් දුෂ්ටයා වුන රයිවල් නවත්වන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකට බෙරී එයාගේ පරණ ෆ්ලෑෂ් කණ්ඩායම එකතු කරගන්න හිතනවා. ඒ වෙනුවෙන් සිස්කෝ මුණගැහෙන්න ගිය එයාට පුදුම දෙයක් දකින්න පුලුවන් වෙනවා. ඒ තමයි සිස්කෝ ලොකු සල්ලිකාරයෙක් වෙලා. එයා ස්ටාර් ලැබ් එකේ අයිතිකාරයා වෙලා. ඉතින් සිස්කො වැඩිය මේ වැඩේට නම් කැමති වෙන්නේ නෑ. මොකද එයාට හැමදේටම වඩා එයාගේ සල්ලි වටින නිසා. ඒ නිසා බෙරී බලෙන් හරි ටිම් එක එකතු කරගන්නවා. එයත් ෆ්ලෑෂ් කෙනෙක් කියලා මෙයාලට කියලා දිලා එයා ඇති කරපු ෆ්ලෑෂ් පොයින්ට් එක ගැන කියලා දෙනවා. ඒ වගේම කේට්ලන්වත් එයා මෙතනට ගෙන්නාගන්නවා. හැබැයි ඉතින් මේ ටයිම් ලයින් එකේ එයා ළමා ඇස් දොස්තර කෙනෙක්. කොහොමෙන් කොහොම හරි මෙයාලා කට්ටිය එකතු වෙලා රයිවල් නවත්වන්න හිතාගන්නවා.
කොහොම හරි රයිවල් ඉන්නතැන හොයාගෙන බෙරියි වොලියි ගිහින් සටන් කරනවා. හැබැයි හොදම සිද්ධිය වෙන්නේ සටන අතරතුර බෙරීට එයා ෆ්ලෑෂ් කියන එක අමතක වෙන්න පටන්ගන්නවා. මේක තේරුන අයරිස් බෙරීට එයා ෆ්ලෑෂ් කියලා මතක් කරලා දුන්න නිසා බෙරීට පුලුවන් වෙනවා රයිවල්ව නවත්වන්න. හැබැයි ඉතින් දේවල් සිද්ධ වෙන විදිය එච්චර හොද නැති නිසා බෙරී තිරණය කරනවා එයා වෙනස් කරපු ෆ්ලෑෂ් පොයින්ට් එක ආපහු පරණ තිබුන විදියට හරිගස්වන්න. ඒ නිසා එයා රිවස් ෆ්ලෑෂ්ට එයාගේ අම්මව මරන්න කියලා කන්නලව් කරනවා. ඉතින් ඊට පස්සේ එයා රිවස් ෆ්ලෑෂ් එක්ක අතීතෙට ගිහින් රිවස් ෆ්ලෑෂ්ට එයාගේ අම්මව මරන්න කියනවා. කොහොම හරි ආයෙමත් වැරදුන දේවල් හදන්න බෙරීට පුලුවන් වෙනවා. ඒත්…
ටයිම් ලයින් එකේ ෆ්ලෑෂ් පොයින්ට් එක ආයෙමත් වෙනස් කරපු එකෙන් කලින් තිබුන පරණ ටයිම් ලයින් එකම ඇවිත්ද? නැත්නම් මේ ආයෙත් අලුත් ටයිම් ලයින් එකක්ද අපිට දකින්න ලැබෙන්නේ? එහෙනම් ඒ ටයිම් ලයින් එකේ වෙනස්කම් මොනවද? ඒ ගැන අපි මේ සතියේ කොටසින් බලාගමු… . . ^_^
මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !
ප.ලි – කලින් වගේ නෙවෙයි දැන් Flash කතාවේ English Subtitle එක එන්න ගොඩක් පරක්කු වෙනවා. ඉතින් ඒ නිසා පුළුවන් ඉක්මනින් සිංහල සබ් එක ඔයාලට අරගෙන එන්න උත්සහ කරන්නම්. 🙂
Due to copyright issues we don’t provide any torrent links.
උපසිරැසි ගොනුවේ පහත සඳහන් උපසිරැසි අඩංගු වේ.
The Flash 2014 S03E02 x264 HDTV-LOL
The.Flash.2014.S03E02.720p.HDTV.X264-DIMENSION
24,512 downloadsDownload The-Flash-S03E02.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavindU-Gimhan-e1476907246978.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
94 comments
IsuruHikka
Supun
A machanla sub eka download wenneththa aiya
Mystry
සබ් එක පරක්කු වුණාට අවුලක් නෑ බං...
උඹල හැමදාම සබ් එක දෙන එකයි වටින්නෙ...
Thanks...සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති කවිදු අයියා
ජය වේවාSameera
Ela Ela..Thanks ikmanatama dunnata...
ජනිර ජයප්රභා
එලස් බොහොම තුති හොඳේ
Zeal
Thanx mcn....
asantha
thanks bro
Rajitha
Tnx sub ekt
Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~Lahiru Ruwanga
puluwan tharam ikmanta sub dena eka niyamai saho....
Kalum
Sub akata thnx macho......
lahiru
thanks for the sub bro
noizce
Thnkz deiyo
supun
ikmanatama sub ekath avith.... thanks for sub
Tharendra
thnx mchan..... well done ah....!
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට........
ZeY5ph
මචෝ සිරාවටම උදේ ඉඳන් බලන් හිටිය
S.K.Ruchiranga
elma sahoooo
සුරේෂ් ජයතිලක
මෙන්න දීලා නියමයි!
එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි කවිඳු සහෝ...
මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...lahiru haresha
මේකේ ටොරෙන්ට් එකක්වත් වේද කරන්නේ නැ නේ. ලින්ක් එක දන්කෝ
akalanka
today "tv series site" eka tye macho
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
kent
thnxs
Thilanka Madushan
thnx sahoo sub ekata.
ilaga sub eka ikamanata demu.
jayaLahiru Lakmal
Thanks for sub.....
sameera d
sub eka parakku unata awulak na bro,,,, mehema dena ekath watinawa,,,,
Thenuka Maxwell
thanks bro
nimantha geemal
Sever eka offline kiyala pennanwa mata witharada ehema wenne :/
kavinda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
Praveen Geeshan
Server Offline :( :( :( ??????
Praveen Geeshan
Server eka offline kiyala watenava nam right click karala upasirasiya new tab ehekin open karanna.
ලහිරු ප්රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
ජය වේවා!!!Kasun
බොහොම ස්තූතියි සහෝ..
Rasheen Mansil
thanks ayya sub ekata
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
kavindu
supiri ah top
Eranga Sandaruwan
බෝම ස්තූතියි..
ජය වේවාShalika Sri Madhubhashana
Thanks mchn sub 1 ta. Eth dan nm kalin season 1 tharam meka balanna kemeththak ne wage hithenawa. BTW Thanks again mchn sub 1
Devaka Sadaruwan
ස්තුතියි සහෝ සබට..... අලුතෙන් සීසන් ආපු කතා ඔක්කොම ඇවිත් තියෙන්නේ පොඩි පොඩි විකාර එක්ක... ඉක්මනට පරණ ට්රැක් එකට මේකත් වැටේවි කියලා හිතනවා....
වැඩ අස්සේ මේ කරන දේටත් ආයෙමත් තැන්ක්ස්
Inshaf
Mata episode 2 download kara ganna kwruhari link ekak ewannako
Pls.....ලක්ෂාන්
සබට ගොඩක් ස්තුතියි.
silent$
Thanxxxxxxxxxxxxxx
D.Chamara
bohoma sthuthi sahooo degatama karagena yamo jaya...
Ayesh
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan ranasinghe
thanks bro
yumal
thankz bro
Manoj Hemantha
කලින් සීසන් එකේ වගේ මේ පාරත් ෆ්ලෑෂ් වගේ sub එක ඉක්මනට දීපන් මචෝ. ඊයේ දවසම බලන් හිටියා. :( :( :(
thnks සහෝ.........Shan Kenway
thnq bro sub ekata :D
Suu
thank u :) :D
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Elama.....thnx aaaa....