ඇත්තටම හේතුව මොකක්ද කියලා දන්නේ නෑ මේ සතියෙත් ඉංග්‍රීසි සබ් එක එනකොට හවස 6ට කිට්ටුයි,ඒක නිසා තමයි මෙච්චර පරක්කු වෙන්නේ. එහෙන් මේක සයිට් එකට යවන්න විදියක් නෑ අන්තර්ජාල පහසුකම් සපයන මහත්තුරුන්ට පින්සිද්ධවෙන්න. ඔයාලාට මේක කීයට ලැබෙයිද දන්නේ නෑ. දැන් වෙලාව පාන්දර 1යි. එක පැත්තකින් බෙරී නිසා මෙටා හියුමන…

ඇත්තටම හේතුව මොකක්ද කියලා දන්නේ නෑ මේ සතියෙත් ඉංග්‍රීසි සබ් එක එනකොට හවස 6ට කිට්ටුයි,ඒක නිසා තමයි මෙච්චර පරක්කු වෙන්නේ. එහෙන් මේක සයිට් එකට යවන්න විදියක් නෑ අන්තර්ජාල පහසුකම් සපයන මහත්තුරුන්ට පින්සිද්ධවෙන්න. ඔයාලාට මේක කීයට ලැබෙයිද දන්නේ නෑ. දැන් වෙලාව පාන්දර 1යි.
එක පැත්තකින් බෙරී නිසා මෙටා හියුමන් උන අයව හොයන වගකීම තවමත් බෙරීගේ කරමත පැටවිලා. ඒවගේම කාලයක් තිස්සේ බෙරී සහ අයිරිස් දෙපල බලාගෙන හිටපු ඒ දෙන්නාගේ විවාහය සම්බන්ධ කටයුතු අනික් පැත්තෙන් සිද්ධවෙනවා. ඉතින් ගිය සතියේ බෙරීගේ තනිකඩයන්ගේ සාදය පැවැත්වුනා. සමහරු බීලා බීලා අමාරු උනාම කියන දෙයක් තමයි ” මම නම් ආයෙත් බොන්නේ නෑ ” කියන වචන ටික. ඉතින් ගිය සතියේ බෙරීගේ කටිනුත් ඒ වචන ටික පිටවුනා. දැන් ඔහොම කියන අය ආයෙත් නොබීම ඉඳියිද ? නැහැනේ.
*පසුගිය කොටසින්*
හැමදාම ඉතින් මෙටා හියුමන් කරදර වලදී බෙරී නැතිව බැහැනේ, ඒත් බෙරී නැති උනත් මෙටා හියුමන් කෙනෙක්ව මෙල්ල කරන්න පුලුවන් කියන එක අයිරිස්, ෆෙලිසිටි සහ කේට්ලන් කරලා පෙන්නුවා. ඒවගේම ඒක කලේ කෙල්ලො ටික විතරක් තනියම. ඩිබ්නි ස්ටාර් ලැබ් එකේ එයාගේ ඇදෙන හැකියාවන් ප්‍රගුණ කරන අතරතුරේ හැරී, සිස්කෝ සහ බෙරි එකතුවෙලා ඩෙවෝයි කියන කෙනා ගැන හෙව්වා. කලින් සතියට පෙර කොටසේ ඩිබ්නි, බෙරීට ‘ඩෙවෝයි’ කියන කෙනා ගැන සඳහනක් කලා ඔයාලාට මතක ඇති. ඒවගේම තමයි බෙරී මේ ඩෙවෝයි කියන කෙනා ගැන මෙච්චර හොයන්න තව හේතුවක් තියනවා. සැවිටාර් කිව්වා ඩෙවෝයි කියන්නේ එයාගේ ලොකුම හතුරන්ගෙන් කෙනෙක් කියලා. ඉතින් ඔය අතරේ ලස්සන අමුත්තියක් එනවා ලැබ් එකට. ෆෙලිසිටි ස්මෝක් එයා ඇරෝ ටීම් එක වෙනුවෙන් බෙරීලාගේ තනිකඩයින්ගේ සාදයට සහභාගී වෙන්න තමයි ඇවිත් තියෙන්නේ.
ඉතින් මේ තනිකඩයින්ගේ සාදය වෙන වෙනම පැවැත්වෙන්නේ. ඒ කියන්නේ ගැහැණු අය ටික වෙනම සහ පිරිමි අය ටික වෙනම. ඉතින් බෙරී එක්ක හැරි, සිස්කෝ දෙන්නා ජෝගේ ගෙදරට එනවා පාටිය දාන්න. කට්ටියගේ සැලැස්ම උනේ බෙරීගේ පොඩි කාලේ වීඩියෝ එකතු කරලා හදපු වීඩියෝ බලන ගමන් පොඩි අඩියක් ගහන්න. ඒත් එතනට කඩන්පාත් වෙනවා ඩිබ්නි. එයා කියනවා මෙහෙම පාටි දාලා වැඩක් තියනවාද මම දන්න නියම පොට් එකක් තියනවා යමු කියලා. ඉතින් ඩිබ්නිගේ මේ යෝජනාවට කට්ටිය ටිකක් පස්ස ගැහුවත් ඩිබ්නි වදෙන් පොරෙන් කට්ටියව එයා කියපු තැනට එක්කගෙන යනවා.
ඒ අතරේ ගැහැණු උදවිය ටික, ඒ කියන්නේ කේට්ලන්, සෙසිල්, අයිරිස් සහ ෆෙලිසිටි එයාලාගේ සාදය වෙනම තැනක පටන් ගන්නවා. ඔය අතරේ නෝවෝක් කියලා හාදයෙක් එනවා මෙයාලා හිටපු තැනට. එයා එන්නේ කේට්ලන්ව හොයාගෙන. එයා කියනවා එයාගේ බොස්ට කේට්ලන්ව මුණගැහෙන්න ඕන කියලා. ඒත් කේට්ලන් කැමති වෙන්නේ නෑ. ඔය අතරේ නෝවොක් එයාගේ බොරු ඇහැ වීදුරුවක් ඇතුලට වට්ටලා එයාගේ ඇහෙන් සර්පයෙක් වගේ දෙයක් එලියට දාලා මේ අයට කරදර කරන්න සැරසෙනවා. මේ හාදයාට කියන්නේ ස්නේක්-අයි කියලා. ඉතින් කේට්ලන්ට සිද්ධවෙනවා අකමැත්තෙන් උනත් කිලර් ෆ්රොස්ට්ව ගෙන්නලා මේ ස්නේක් අයි හාදයාට වැඩේ දෙන්න.
ඉතින් ඩිබ්නි, බෙරී ඇතුලු කට්ටියව එක්කගෙන ගියේ සමාජ ශාලාවකට. එතනදී සිස්කෝ බෙරීටම විශේෂයෙන් හදපු “අමෘත පානය” පිරිනමනවා. බෙරී වෙරි උනොත් එහෙම ෆ්ලෑෂ් නෑ කියන කාරණය මෙතනදී මතුවෙනවා. එතකොට සිස්කෝ ඒ වගකීම බාරගන්නවා ෆ්ලෑෂ් ඕන උනොත් ඒ වෙනුවට වීරයා එයා වෙන්නම් කියලා. ඉතින් බෙරී, සිස්කෝ හදපු මේ මිශ්‍රණය බීලා හොඳට වෙරි වෙනවා. සිස්කෝ එතන ඉන්න අයට කියනවා මම තමයි ෆ්ලෑෂ් කියලා. එතකොට ජෝ ගිහින් බෙරීව එක්කගෙන ඇවිත් එයාලා ලඟින් වාඩි කරගන්නවා. ඔය අතරේ මේ ක්ලබ් එකේ වේදිකාවට අලුත් නලඟනක් එනවා නටන්න. ඒ කවුරුත් නෙමෙයි සෙසිල්ගේ දරුවා ජෝනි. බෙරි වෙරිමරගාතේ ඔය අස්සේ කියනවා “එයා නිකන් සෙසිල්ගේ දුව වගේනේ” කියලා.
දැන් කේට්ලන් යටපත් කරගෙන කිලර් ෆ්රොස්ට් ආපහු එලියට ඇවිත්. එයාගේ සූදානම තමයි ස්නේක් අයිගේ බොස් ඇමියුනට් බ්ලැක්ව මරලා දාන එක. ඉතින් කිලර් ෆ්රොස්ට් යනවා ෂේඩි ක්ලබ් එකට ඇමියුනට්ව හොයාගෙන. එතනදී ඇමියුනට් ෆ්රොස්ට කියනවා ස්නේක් අයිව එයාව එක්කගෙන එන්න කියලා එවපු හේතුව. ඔන්න එතනදී තමයි තව බස් මෙටා කෙනෙක් එලියට එන්නේ. එයා තමයි වීපර්. ඉතින් මේ වීපර්ගේ ඇහෙන් එන කඳුළු මත්ද්‍රව්‍යයක්. ඒකට කියන නම තමයි “love drug” කියලා. ඇමියුනට් මේ වීපර්ව හිර කරගෙන ඉන්නේ. ඇමියුනට් ෆ්රොස්ට කියනවා මේ වීපර් කියන්නේ ඉල්ලමක් කියලා. ඉතින් ඇමියුනට් හදන්නේ මේ මත්ද්‍රව්‍යය සෙන්ට්‍රල් නගරය පුරා පතුරවන්න.එයා ඒකට කිලර් ෆ්රොස්ට්ගේ උදව් බලාපොරොත්තු වෙනවා. ඒත් කිලර් ෆ්රොස්ට් ඒකට කැමති වෙන්නේ නෑ. ඒවගේම තමයි මේ ඇමියුනට් බ්ලැක් කියන්නෙත් මෙටා කෙනෙක්. එයාට තියෙන්නෙ ලෝහමය දේවල් පාලනය කිරීමේ හැකියාවක්. කොහොමහරි ඉතින් කිලර්ගේ අකමැත්ත නිසා ඇමියුනට් සහ කිලර් අතර වෙන්න ගියපු සටන අයිරිස් නිසා නතර උනා.
ඉතින් ආපහු කිලර් ෆ්රොස්ට් අයිරිස් එක්ක ස්ටාර් ලැබ් එකට එනවා. එතනදී සෙසිල් කියනවා හොරකම් කරපු තාක්ෂණ ජාවාරම් කරන කෙනෙක් තමයි මේ ඇමියුනට් කියන්නේ කියලා. එතකොට කිලර් කියනවා කේට්ලන් ඒ තාක්ෂණයකින් එකක් ඇමියුනට්ගෙන් ගත්තා කියලා කිලර් ෆ්රොස්ට්ව දිගටම යටපත් කරගෙන තියාගන්න සහ ඒ වෙනුවට එයා ඇමියුනට්ගේ ආරක්ෂකයා වෙන්න ඕන කියන කාරණාව.
ඉතින් ඇමියුනට් හදන්නේ මේ වීපර්ව හොඳ ගානකට විකුණන්න. එහෙම උනොත් වෙන්නේ ස්ටාර් නගරයේ මත්ද්‍රව්‍ය උවදුරක් පැතිරෙන එක. බෙරීගේ උදව් ඒ වෙලාවේ අවශ්‍ය උනත් බෙරී ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නෑ. ඉතින් එයාලා තීරණය කරනවා ගැහැණු අය ටික විතරක් ෆ්ලෑෂ් නැතිව හරි ඇමියුනට්ව නවත්තන්න. ඉතින් කොහොමහරි මේ හතරදෙනා එකතුවෙලා ඇමියුනට් පරද්දනවා. වීපර්ව බේරගන්නවා.
ඉතින් මේ සිද්ධි වෙන අතරේ ක්ලබ් එකට ගියපු ඩිබ්නි ,බෙරී සහ අනික් අය වලියක් දාගන්නවා. ඒකෙන් මේ කට්ටියටම හිරේ යන්න වෙනවා. හැබැයි හැරී එලියේ. ඉතින් හැරී ඇවිත් මේ සෙට් එකම බේරගන්නවා. එයාලා ආපහු ගම්බිම් බලා එනකොට ඉතින් වෙන්න ඕන හරිය වෙලා. අවුලක් නැහැ ඉතින් කෙල්ලෝ ටික වැඩේ ගොඩ දැම්මනේ. එතකොට මේ වීපර් කියන හාදයා පැනලා යනකොට එතනට එනවා මේ බස් මෙටා කතාව පස්සේ ඉන්න මහ මොලකරු. එතනින් එහාට වීපර්ට මොකක් වෙන්නැතිද කියලා අපිට ඉදිරි කොටස් වලින් තමයි බලාගන්න වෙන්නේ. ඔය විදියට තමයි ඉතින් කලින් කතාව ඇදිලා ගියේ. බෙරීගේ වැඩ හින්ඳා ඇත්තටම මේ කොටස ටිකක් විහිළු පැත්තට බරයි. එහෙනම් මේ සතිය ගැන පොඩි ආරම්භයක් අරගෙන දෙන්නම්
*මෙවර කොටසින්*
මේපාර කොටස ගැන මම වැඩිය කියන්න යන්නේ නෑ. මේ වතාවේ ඉතින් තව් බස් මෙටා කෙනෙක් නම් හම්බවෙනවා. එයාටත් අමුතු හැකියාවක් තියෙන්නේ. ඇත්තටම ඒක භයානක හැකියාවක්. එයා මිනීමරන්න තරම් ඒ හැකියාව පාවිච්චි කරන්න පෙලඹිලා ඉන්න කෙනෙක්. ෆ්ලෑෂ්ට එයා එක්ක කොහොම ගනුදෙනු කරන්න වෙයිද කියලා ඔයාලාම බලන්න. එතකොට ඩෙවෝයි හොයන වැඩේට තව මොලකාරයෝ ඕන කියලා හැරි එයාගේ යාළුවන්ව ගෙන්වනවා වෙනත් ලෝක වලින්. යාළුවෝ කිව්වාට ඒ යාළුවෝ ඇවිත් අනික් ලෝක වල ඉන්න හැරි ලාම තමයි. කතාව අන්තිමේ ෆ්ලෑෂ්ගේ ලොකුම හතුරා ඩෙවෝයි කියන්නේ කවුද කියලා ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.
ජය!!!
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
20,087 downloadsDownload The-Flash-2014-S04E06.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
68 comments
Bhagya
Hirushan Sasanka
Tnkz bro
Yasith Miyuranga.
thanks bro..
Thilina Sandaruwan
thanks bruh!!!!
Bhanuka
අම්මෝ ...!!බොහොම ස්තුතියි ...!!වෙන මොනා කියන්නද ..?
Pavan
Thanks Brooo
chamod
thanks sub ekata arrow ekat ikmanata denna plwn nam loku help ekak
tharangani
Thanx
Pradeep Anuruddha Dissanayake
සබට තුති බ්‍රෝ
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
kevin D...
thanks...
Ashan Chathuranga
Thanks bro
Kantha_DLA
ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.......Mahesh ruwan
බොහොම ස්තුතිය
Kasun Widusha
Tnx mchoo
nisha
thanks bro....
Dulan randika
Subata thanks bro…
Gathsara Umesh Kumara
Bho sthuthiyi shoodarayaa
Isara
Plz sub ikmanta dendoooo
Flash
Ela aa
Asala
දිගටම කරන් යමූ .ජය
Udara Damith B/K
මරු
එල
ස්තුතියි
හැමෝටම ලෙජන්ඩ්ලගෙම පිහිටයි ආරක්ෂාවයිKasun
බොහොම ස්තුතියි සහෝ......
lahiru sandaruwan
thank you so much bro
shehan
thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanath indika
thx brooo
janitha
Thank you
Lakshan
Thanks.
Prasad randunu
Bohoma Thuthi Heki ikmanata sub file eka dunnata Yaluwa !... Digatama demu. Jaya wewa !
Tharaka Lahiru
tnq mcn
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraD.Chamara
bohoma sthuthi sahooo
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Dananjaya Chathuranga
page not found කියලා වැටෙනවා ඩවුන්ලොඩ් කරන්න බෑ
Gimhana
Url eka edit karala balanna.
Geethanga
ස්තුතියි Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
Gimhana
Thank you bro
Nipun
එළ. ස්තූතියි සබ් එකට...
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!
lahiru
thanks bro...
Kusal tharuka
Episode 7 awilla sub oneee
Ip
*~thankyou~*
Ashen Imanka
episode 7 denne nadooooo
Osada Bimsara
Kollo ikmanata ep 7 eka diyaaan ....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Tanks