Watch Trailer

Strike Back : Retribution (2017) [S06 : E03] with Sinhala Subtitles | අල්ට්‍රා සංවිධානය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඕමාර් ඉඩ්‍රිසි වගේම ජේන් ලව්රි තමන්ට ඕන කරන ආයුධ සපයාගන්න ඕන කරන මුදල් කලීඩ්ගෙන් ගසා කෑවට පස්සේ අයිව්ස් එක්ක ආයුධ ගණුදෙනුව කලා. අයිව්ස් තමන්ගේ ආයුධ ටිකත් දීලා මුදල් හුවමාරුව කරගන්න මහා කාන්තාරයක් මැද්දට හෙළිකොප්ටර් එකකින් ආවා. එයාගේ ආරක්ෂාවටත් දෙන්නෙක් හිටියා. මේවා එයා වික්කේ නිකන්ම නිකන් ආයුධ නම්…

ඕමාර් ඉඩ්‍රිසි වගේම ජේන් ලව්රි තමන්ට ඕන කරන ආයුධ සපයාගන්න ඕන කරන මුදල් කලීඩ්ගෙන් ගසා කෑවට පස්සේ අයිව්ස් එක්ක ආයුධ ගණුදෙනුව කලා. අයිව්ස් තමන්ගේ ආයුධ ටිකත් දීලා මුදල් හුවමාරුව කරගන්න මහා කාන්තාරයක් මැද්දට හෙළිකොප්ටර් එකකින් ආවා. එයාගේ ආරක්ෂාවටත් දෙන්නෙක් හිටියා. මේවා එයා වික්කේ නිකන්ම නිකන් ආයුධ නම් නෙවෙයි. හරිම දරුණු මහා පරිමාන ආයුධ. අයිව්ස්ගේ ආයුධ වලට හරියන්න එකග වුනු මුදල ගැන මුලින් අදිමදි කරපු ඉඩ්‍රිසි හා ජේන් පස්සේ මුදල් හුවමාරුව කලා. ඒත් අයිව්ස් පිටවෙන්න ගත්තමත් එක්කම එයා දීපු මිසයිල ප්‍රහාරක ආයුධයකින්ම ඕමාර් අයිව්ස්ට පහර දීලා එයාගේ හෙලිකොප්ටරය විනාශ කලා. පස්සේ ඒක කඩාගෙන වැටිලා තිබුනේ අජීර් කියලා කැරලිකාරයෝ ඉන්න ප්‍රදේශයකට. ඉතින් සෙක්ෂන් 20 වල මෙහෙයුම වුණේ ගිහින් අයිව්ස්ව බේරාගෙන එන එක. වැඩේ නම් පොඩ්ඩක්වත් ලේසි වුණේ නැහැ.මොකද කැරලිකාරයෝ හැමතැනකම රැකවල් දාලා හිටියේ පහරදෙන්න බලාගෙන. 

මේ අය එතනට යද්දී අයිව්ස්ගේ ආරක්ෂාවට හිටිය දෙන්නෙත් මැරිලා හිටියේ. කට්ටිය ගිහින් බේරාගෙන එන අතරේ පොඩි ළමයෙක්ගෙනුත් උදව් ගන්න සිද්දවුණා වාහනයක් හොයාගන්න. ඉතින් වාහනයක් හොයාගෙන යන ගමන ඊට වඩා අන්ත අමාරු වැඩක් වුණා. වාහනය හොයාගෙන යන ගමන අතරමගදී ත්‍රස්තවාදීන්ගේ අතින් මැරුම් කලා ඒ පොඩි ළමයා මැරිලා ගියා. පස්සේ මේ අයට වාහනයකුත් හොයාගන්න ලැබුනා. ඒත් වාහනේට ගොඩ වෙන අතරෙදි අයිව්ස් වෙඩි කන්න සිද්දවුණා අර හිටිය කැරලිකාරයින්ගෙන්. මිනිහට සැහෙන්න අමාරු වුණා උණ්ඩයක් පසාරු කරගෙන ගිහින් තිබ්බ හන්දා. තමන්ව හොද කලොත් ඕමාර් ඉඩ්‍රිසි ඉන්න දිහා කියන්නම් කියන පොරොන්දු පිට රැවුලයි කැදයි දෙකම බේරගන්න අරමුණින් අයිව්ස් එක්කගෙන ගියේ කලින්  වතාවේ සාජන්ට් වායට්ව හිර කරගෙන ප්‍රශ්න කරපු ජෙනරාල් ගාවට. මුලදී නම් ජෙනරාල් පවා අදිමදි කලා වායට්ව ඇතුලටවත් අරගන්න. මොකද ඉතින් අමුතුවෙන් කියන්න ඕනා නෑනේ මැකැලැස්ටර් කලින් වායට්ව බේරගන්න ආපු වෙලාවේදී ජෙනරාල්ගේ මුලස්ථානයේ බාගෙට බාගයක්ම විනාශ කරලා එයාගේ මිනිස්සුන්වත් මරලා දැම්මනේ. ඒ නිසයි ජෙනාරාල් බෑ කිව්වේ. මුලදී බෑ කිව්වට මේ දෙගොල්ලොම එකම අරමුණක් වෙච්ච ඕමාර් ඉඩ්‍රිසි දැනටමත් ලැස්ති වෙලා හිටිය මිසයිල පනහේ කෙලිය නවත්තලා දාන එක මුලට දාලා වායට් කොහොම හරි ජෙනරාල්ව නම් නම්මගත්තා. අයිව්ස්ට සැත්කම කලාට පස්සේ පොරොන්දු වුණා වගේම ඕමාර් ඉන්න දිහාව දැනගන්න ලැබුනා. ඉඩ්‍රිසි ඉන්නේ යේෆ්‍රෙන්, නෆූසා නම් කදුකරයේ කියලා.  පස්සේ ජෙනරාල් එක්ක එයාගේ කට්ටියත් එක්ක සෙක්ෂන් 20 කට්ටිය ගියා. ඒ වෙද්දී ඉඩ්‍රිසිගේ බිරිද ජේන් යුරෝපයට යන්න ලැස්ති වෙලා උන්නේ. ඒත් එක්කම අර කට්ටියත් ඇවිත් පහර දීලා වැඩ පටන් ගත්තේ. පැනලා යන්න හදපු ජේන්ව කැප්ටන් රෙනෝල්ඩ් වගේම නෝවින් එකතු වෙලා අල්ලගෙන ගියේ තමන්ගේ  කර්නල්ට බාර දෙන්න කිව්ව නිසා. මේ වෙද්දීම වායට්ගේ CO ට අණ ලැබිලා තිබුනේ ඉඩ්‍රිසි ඉන්න තැනට මිසයිලයක් දියත් කරලා විනාශ කරලා දාන්නයි කියලා. අන්තිමේදී ජේන් නොවික්ටයි රෙනෝල්ඩ්වයි නොමග යවලා සැහෙන්න ලොකු අනතුරකටත් ඒ අයගේ වාහනේ පත් කරලා පැනගත්තා. ඉඩ්‍රිසිව හම්බුනාම මැකැලැස්ටර්ට ඕන වුනේම එයාව මරලා දාන්න. ඒත් ඒ වෙලාවේ අර මිසයිලයක් ඇවිත් එතන විනාශ වෙන්න තිබුනේ තප්පර 30 කටත් නොඅඩු කාලයක්. ඒ නිසාම තමයි වායට් ඉඩ්‍රිසිව මරලා දැම්මේ. ඉඩ්‍රිසිගේ මරණය වෙනුවෙන් සතුටු වෙන්න පුලුවන් වුනත් අන්තිමටම දැනගන්න ලැබුනා ජේන් බූඩාපේස්ට්වල ඉන්න රෝසා වාගා කියන අයිතිවාසිකම් සම්බන්ධ සංවිධානයක් පවත්වාගෙන යන කාන්තාවක් හමුවෙලා කියලා. 

අද කොටසෙදි දැනගන්න ලැබේවි ඇයි ජේන් ලව්රි අල්ට්‍රා සංවිධානය එක්ක ගණුදෙනු කරන්න හදන්නේ කියලා. අද ටීම් එක හදන්නේ ඇයි ලව්රි එහෙම සම්බන්ධ කරගත්තේ වගේම ජේන් ලව්රි ඉන්නේ කොහෙද කියන එක හොයාගන්න උත්සහ දරන එක. ඇත්තටම කියනචානම් අද කොටස ඇවිල්ලා වාසි අවාසි පිරුණු එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ව අල්ලගන්නවා වගේ වැඩක්. ඒත් ඉතින් එහෙම අවස්ථා නිතරම හරියන්නේ නැහැ. කොයි තරම් දුරට සාර්ථක වේවිද කියලා බලන්නකෝ එහෙනම්. අහ්හ්.. ඒවගේම තමයි පරණ සෙක්ෂන් 20 ගැන පුංචි විස්තර කිහිපයක් දැකගන්නත් පුලුවන් වෙනවා. 😄

එහෙනම් ඉතින් අදට සමුගන්නවා. සුපර්නැචුරල් තුලින් හමුවෙමු. ජය!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,319 downloadsDownload strike.back_.s06e03.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

10,319 downloadsDownload Subtitles25 KB

31 comments

  1. Sandun

    Niyamai saho..

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. Manudul Weerawardhana

    හැකි ඉක්මනින් සබ් එක දෙනවාට ස්තූතී !!! :)

  4. AWNCK

    Thanks Bro........

  5. nisha

    thanks...

  6. විදුෂාන් සජිත්

    :-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)

  7. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  8. nalaka

    Sub ekata thanks
    Kauru hari download linke ekwak comment karanawada

  9. Ajith Priyantha

    sub ekata thanks wawa

  10. tharindu

    thanks for sub
    Lucifer S03E06 subtitles denndo

  11. Rajitha

    Thanks bro........jayawewa...>>>>>!

  12. Bobby

    Thank you very much

  13. hasith

    tnx kolla

  14. Kasun Widusha

    Tnx mchoo

  15. thisal

    ස්තූතියි ......

  16. Udara Damith B/K

    උපසිරැසියට බොහෝම ස්තූතියි...........
    SUPER N එකෙන් හම්බවෙමු

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Gayan Udara

      Bro. Season Eke Video Eka Download KAre Kohomada

  18. Lakshan

    Thanks.

  19. රවින්

    Thanks for the sub

  20. lahiru sandaruwan

    thank u so much saho

  21. Lahiru W

    Thanks for Sinhala subtitle.

  22. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Oshan M.

    Thanks machan!

  25. Buddi

    Thanks......

  26. Naveen Rangana

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි.............................

  27. Sajithlakshan

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි

  28. nuwanjayasooriya7

    elazzzzzzzzzzzzzzz

  29. Dewadithya

    Thanks for sub!

  30. Sahan Gayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.