ඉතින් මේ සතියේ ක්‍රොස් ඕවර් එකේ තුන්වෙනි කොටස අරගෙන තමයි මම ආවේ. ලොකු විස්තරයක් නම් ලියන්න බැරිවෙයි ස්වභාව ධර්මය අපිට සරදම් කරන නිසා. ඇත්තම කිව්වොත් මේ අයහපත් කාලගුණය නිසා මේ ලිපිය ලියන්නෙත් බොහොම අමාරුවෙන්. විදුලි බලය නොමැති වීම තමයි ලොකුම ගැටළුව. ඒත් ලබන සතියේ මුළු ක්‍රොස් ඕවර් එක ගැනම හොඳ විස්තර…

ඉතින් මේ සතියේ ක්‍රොස් ඕවර් එකේ තුන්වෙනි කොටස අරගෙන තමයි මම ආවේ. ලොකු විස්තරයක් නම් ලියන්න බැරිවෙයි ස්වභාව ධර්මය අපිට සරදම් කරන නිසා. ඇත්තම කිව්වොත් මේ අයහපත් කාලගුණය නිසා මේ ලිපිය ලියන්නෙත් බොහොම අමාරුවෙන්. විදුලි බලය නොමැති වීම තමයි ලොකුම ගැටළුව. ඒත් ලබන සතියේ මුළු ක්‍රොස් ඕවර් එක ගැනම හොඳ විස්තරයක් ලියලා දාන්නම්.
Earth-X එහෙම නැත්නම් 53 වෙනි පෘථිවියත් අය සහ පලවෙනි පෘථිවියේ අය අතර ගැටීමක් තමයි මේ ක්‍රොස් ඕවාර් කතා පෙලේ සිද්ධවෙන්නේ. පලවෙනි කොටස විදියට සුපර් ගර්ල් අටවෙනි එපිය , දෙවන කොටස විදියට ඇරෝ අටවෙනි එපිය ඔයාලා පිලිවෙලට බලන්න ඇති කියලා හිතනවා. ඉතින් කට්ටිය හැමෝම එකට එකතු වෙනවා බෙරි සහ අයිරිස්ගේ විශේෂ දිනය වෙනුවෙන්. ඉතින් වෙනදා වගේම මොකක්හරි වැඩකට අතගැහුවා විතරයි කොහෙන් හරි හෙන ගෙඩියක් පාත්වෙනවා වගේ, නාසියෝ කට්ටියක් බෙරිගේ විවාහ මංගල්‍යය තියන තැනට කඩන් පාත් උනා. හැබැයි මේ වතාවේ නම් ලේසි කට්ටියක් නෙමෙයි අභියෝග කරන්න එන්නේ. earth-x වල ඉන්න ඇරෝ, සුපර්ගර්ල් සහ තෝන් ඇතුළු නාසි හමුදාවක්. ඉතින් පලවෙනි පෘථිවයට වඩා එහේ තත්වය වෙනස්. සුපර් ගර්ල් සහ ඇරෝ තමයි ලොක්කෝ දෙන්නා. තෝන් පවා ඒ දෙන්නාට සේවය කරනවා. ඉතින් මේ කට්ටිය එකපාරම ආපු හේතුව තමයි සුපර් ගර්ල්. එහෙම නැත්නම් කාරා. earth-x වල ඉන්න සුපර් ගර්ල් මිය යමින් ඉන්නේ. ඉතින් එයාලා එන්නේ පලවෙනි පෘථිවියේ ඉන්න සුපර් ගර්ල්ගේ හදවත අරන් එයාලාගේ කෙනාට බද්ධ කරන්න.
ඉතින් කොහොමින් කොහොමහරි earth-x වලින් ආපු ඇරෝ, සුපර් ගර්ල් සහ තෝන් පලවෙනි පෘථිවියේ සුපර්ගර්ල්ව අල්ලගන්නවා. ෆ්ලෑෂ්, ඇරෝ, සාරා, ග්‍රේ, ඇලෙක්ස් සහ ජෙෆර්සන්ව අල්ලගෙන earth-x වලට ගිහින් හිර කරනවා. එයාලාගේ බල පාවිච්චි කරන්න බැරි වෙන්න හැමෝටම එක්තරා විදියක කරපටියක් දාලා තියෙන්නේ. ඉතින් තෝන් හදන්නේ සුපර්ගර්ල්ගේ හදවත එලියට අරගෙන earth-x පෘථිවියේ ඉන්න සුපර්ගර්ල්ට බද්ධ කරන්න. එතකොට සුපර්ගර්ල්ව බේරගන්න සුපිරි වීරයෝ කවුරුවත් පලවෙනි පෘථිවියේ නෑ. මොනවායින් මොනවා වෙයිද ? කතාව බලන්න ඔයාලාට බාරයි.
ඉතින් පොඩි ව්ස්තරයක් විතරයි ඔයාලාට කියන්න පුලුවන් උනේ. මතක ඇතුව ලෙජන්ඩ්ස් ඔෆ් ටුමෝරෝ එපියත් බලන්න. ඊලඟ සතියේ හොඳ විස්තරාත්මක ලිපියක් එක්ක ෆ්ලෑෂ් කතාමාලාවේ නමවෙනි කොටසින් මුනගැහෙමු.
හැමෝටම ජය!!!
ඇඩ්මින් මඩුල්ලේ නිවේදනය
ඇරෝ උපසිරැසිය ලබාදීමේ ප්‍රමාදය දැනට ලංකාවට ඇතිවී ඇති අයහපත් කාලගුණය බව සලකන්න. උපසිරැසිය නිර්මාණය කිරීම විදුලිය විසන්දි වී ඇති හෙයින් ප්‍රමාද වුවත් හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන්නෙමු.
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
20,033 downloadsDownload The-Flash-2014-S04E08.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/14064263_1355179454494066_9080.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
173 comments
Udara Damith B/K
Udara Damith B/K
මන් එක තැන්ක්ස්
වේවා
ප්leනට් xLushan
Arrow sub ekath dennako...
chamara dias
ක්‍රොස් ඕවර් එක
1 SUPER GIRL
2 ARROW
3 FLASH
4 Legends of Tomorrow
DA ?Udara Damith B/K
ඔව්
Lakshan
Thanks Bro.
Wishmika Probodana
Tnx mchoo.... arrow sub ekat ikmanta denna....
Udara Damith B/K
ok ..
අපිටත්
අඩ තමයි ආවේ කරන්ට් එක
ස්තුතියි..Isara
Sub ekata godak thanks aiye ... ane plz ikmanta sub eka danna... badada enne epsode eka සිකුරාදා hawas wenawa sub ekata... ane plz ikmata danna... good luck .
අසංක ප්‍රදීප් රණතුංග
හේතුව සිංහලෙන්ම දාල තියෙනව, ඇයි ඇරෝ නැත්තේ කියල. කොහෙද කවුරුවත් පොස්ට් එක කියවන්නේ නැනේ. සබ් කරන්නේත් මිනිස්සු, අනික පැය ගණන් යනවා. ගෙදර ලයිට් නැත්නම් ජෙනි දාගෙන කරන්නද සබ් එක. එහෙම කරත් කි දෙනාද ස්තුතියි වත් කියන්නේ. දැන් මෙතන අරක නැ මේක නැ කියන්නේ,.
Prasad randunu
Hari machn api katawath hitha ridena dewal kiwwe ne. Gdk denek kiyanne "Arrow neti nisa balanna wenne ne Tnx" kiyala. Request karalath tbba mn dekka Wenada karana kenata karadara nisa puluwan kenek baragena karala denna kiyala. Adahas machn adahas... Auak ganna epa.
Sandaru Dilshan
Thanks machan sub ekata
Thanuj
බොහෝම ස්තූතියි උපසිරැසියට....
KAVINDA GAMAGE
dc ටීවී සීරියස් ටිකනම් දැන් සුපිරියටම තියෙනවා පට්ට කථා සෙට්එක බොහෝම ස්තූතියි උපසිරැසියට
Malinda
me para nam naa ganne nethuwa pattetama thiyenawa. Thanks bro. Arrow ekath demmama serama ekata ballanawa.
kevin D...
thanks...
Amila
Machan thanks mehema hari sub eka genawata.. Machan arrow eka nathuwa story eka continue wenne nane machan.. A nisa puluwan nam arrow eke sub eka karana kenata current case eka nisa ubala hari meka kara wage arrow ekath karala puluwan ikmanata diyanko machan.. Anyway thanks again. Cheers!!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! මෙහෙම හරි සබ් එක කරලා දුන්නට ගොඩක් පිං සහෝ. මම හිතුවෙම තවත් පරක්කු වෙයි කියලා. මොක්ද අපිටත් කරන්ට් එක ආවේ අද.. බුදුසරණයි..ජය වේවා!
Madhuranga Dassanayake
Flash & Legend sub nam awa eth Arrow sub nane Arrow eka nathuwa bane anikwa balanda. Ekanisa Arroweke sub ekath ikmanata dendako
chamath liyanage
ou bn sub neti ekt ke ghnt ep kollo utath prshn athin wether eka hind.mth dwnload krl enw blne ynw sub eka awilld kiyl.ehm thmi bn minissune.mchin nemn
shehan
thanks machan.ikmanatama arrow eke sub dapanko.eka nathuwa me 2kama balanna bane bn
Ashan Chathuranga
Thanks bro
lahiru sandaruwan
thank you so much brother....
randika
2 ARROW subeka denna
SUPUN KAVINDA
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට. අනික මේ කාලගුණ තත්වය යටතේත් මේක දුන්නට.
Tharaka Lahiru
ස්තුතියි මචන් මේවගේ වෙලාවකත් කොහොම හරි සබ් එක දුන්නට
dinusha
ela ela thanx bro
Manoj
sub 1ta tnx. but arrow enakam balanna widiyak nehene. :(
mayya
Arrow s6e8 ada heta eida?
Thanusha
Thanks bro
Nipuna
Thanx wenna one me wage welawaka sub dunnata. Puluwannam arrow ekath ikmanata denna. Eka enakam anith tika balanna widiyak na.
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
Navindu Tharanga
පරක්කු උනාට කමක් නෑ,කට්ටියම පරිස්සමෙන් ඉන්න..
සාරධ
ස්තූතියි සහෝ!!!!!!
malshan
Sub ekt tnx bro.. hamoma parissamt inna... බුදුසරණයි... දෙවි පිහිටයි.. හැමෝටම..
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Thiwanka
Thanks saho...
Prasad randunu
Epiya Ikmanata dunnatanam Tnx sahooo.. Eth balanna wenne ne. Arrow epi eka nene. E nisa ithin bagena tiyan innawa. Gdk tnx karadara asse kohoma hari dunnata.. Jaya wewa !
dasun
තෑන්ක්ස් ලොක්කා..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabath
මේකේ සබ් කරන හැමෝටම ලයිට් නැද්ද එතකොට.. (arrow) ඒ කරන කෙනාට කරන්න බැරි නම්, එකම එක එපිය ක් වත් කරල දෙන්න පුළුවන් කෙනෙක් නැද්ද එතකොට මේකේ.. නැත්තම් ඒක මගේ වැඩක් නෙමෙයි කියල පාඩුවේ දැක්කේ නෑ වගේ ඉන්න සෙට් එකක් ද මේකේ ඉන්නේ..
හදීසියක් නෑ, ලබන අවුරුද්දේ දෙන්න.. දැං ඉතිං අරහෙන් මෙහෙන් දැනගෙන ම ඕකේ තවත් බලන්න කියල දෙයක් ඉතුරු වෙලා නෑ..Ishu
ඉංග්‍රීසි පංති පල.සබ් පරක්කු උනා කියලා මෙ මිනිසුන් ට කෑගහන්න ඕන වෙන්නේ නෑ.
එල්. සී. දමැල්
ඔව් එහෙමනම් ඔයා සබ් එකක් හදාගෙන බලන්න
Nüwäñthå Dúlån
හා, ලබන අවුරුද්දෙ දෙන්න කියන්නම්. මෙතන සබ් කරන්නෙ ගෙදරට වෙලා කකා බිබී ඉන්න උන් සෙට් එකක් කියලා හිතන්න එපා. ගොඩාක් උන් රස්සා කරන උන්. ඒ අස්සේ කොහොමහරි වෙලාවක් හොයාගෙන සබ් එකක් කොටලා දෙන්නේ. ඒ අය වෙන සබ් එකක් අමුතුවෙන් බාර අරගෙන කරන්න වෙලාවක් හොයාගන්න පුලුවන් තත්වයක නෙමෙයි ඉන්නේ. අනික කතාව දිගටම බලපු කෙනෙක් වෙන්නත් ඕන සබ් එක කරන්න. නැත්නම් අඩුපාඩු වෙන්න පුලුවන් ඉඩකඩ වැඩියි. උඩ සිංහලෙන්ම දාලා තියනවා ප්‍රමාදයට හේතුව. සබ් එක කරන කරන කෙනා උන්නද මලාද කියලා වැඩක් නෑ මුන්ට කොහොමහරි සබ් එක වෙලාවට ඕන. මේවා දැක්කාම සබ් කරන එකත් එපා වෙනවා. Mr.Prabath දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හිතලා බලලා කියන්න.
Prabath
අර වෙන කෙනෙක් ට කරල දෙන්න පුළුවන් ද කියල අහපු එකට නම් කට්ටියට රිදිලා වගේ.. කතාව ඇත්ත ද මන්දා, එහෙනම්..
ඔවු ඕයි, ඒක නම් මටත් හිතුනා.. ඉංග්‍රීසි පන්ති ගියා නම් මීට ලබයි සබ් දානකන් බලන් ඉන්නවට වඩා..Udara Damith B/K
එහෙනං ඉතින් ඉංග්‍රීසි පන්ති පලයන්කෝ
වද නොදී ..
උබට ඉවසීම නැති උනාට මේ අපි ඉන්නේ
තාම බලන්නේ නැතුන්
හිටන්KUsh
yako mechara karadara asse sub eka ohoma hari dena eka gena sathutu weyn bnh. nikn pissek wage kegahala chora wenne nethuwa. uba sub ekk krla blpnko sub krnna lesida kiyala uba kiyawan widiyata..
Prabath
සබ් හදන්න වෙලාවක් නෑ.. අපි ගෙදර ට වෙලා කකා බිබී ඉන්න අය නෙමෙයි, රස්සා කරන අය, ඉගන ගන්න අය, සබ් හදන්න වෙලාවක් හොයාගන්න නෑ...
අනික මට පට්ට රහ කාටුන් සීරිස් වල.. කනට පාරක් ගැහුවම කිලෝ මීටර් ගනන් උඩ යන, හැමෝම බලන ටැමිල් කෑලි වල.. හැරෙන්න පැයයි, ඇහිපිය ගහන්න පැය බාගයයි යන පට්ට හින්දි ස්ටෝරි වල සබ් හදන්න තියනෝ නේ.. මේ වගේ කවුරු වත් බලන්නේ නැති සීරිස් එකක, එකෙක් වත් බලන්නේ නැති ක්රොසඕවර් එකක සබ් හදන්න කොහෙද වෙලාවක් තේරුම් ගන්න..
අනික සත පහක වත් ලාභයක් නැතුව, මේ කරන සමාජ මෙහෙවර, අම්මෝ ඒකෙ හෙන දඩාර සයිස් මෙහෙවරක් නේ.. මේ සයිට් එකේ සබ් වලට වඩා අපි ඇඩ් දානවද නෑ.. සබ් ගානට මයි ඇඩ්.. වැරදිලා එහෙම සබ් එක්කත් ඇඩ් වැටිල තිබ්බොත් මිසක් හිතලා දාන්නේ නෑ.. ඇඩ් නුත් ෆ්‍රී දාන්නේ.. ඒ නිසා කීයක් වත් ලැබෙන්නේ නෑ..
තේරුම් ගන්න..
ආ දැං දායක සභාවේ ඉන්න කොන්ඩේ බැඳපු චීන්නු ටික පෝලිමට එන්න බලන්න...Prabath
එකක් කියන්නං, වෙන සීරීස් නැතුව arrow, flash ගැන ම කතා කලොත් කවිඳු ගිම්හාන් අයියා, (රොයිලි අයියා වගේ තව ගොඩක් අය ඉන්නවා) arrow සීසන් 06ක්.. Flash සීසන් 03ක්.. එක ලග දවස් දෙකක.. අද එපිය ආව නම් හෙට සබ දුන්නා.. පරක්කු උනත් එක දවසක් වත් අනං මනං කිවුවේ නෑ.. වැඩේ කෙරුනා නොකෙරුනා කයිය ගහන ඇඩ්මින් ල දැං ඉන්නේ.. මාස එකක්, දෙකක් නෙමෙයි අවුරුදු ගානක් සබ් දුන්නා.. කරන්න වෙන්නේ නැත්තම් කාට ම හරි කියල කරල දුන්නා මතකයි.. එහෙමයි වැඩක් බාරගත්තොත් කලේ.. හරියට.. වගකීමක් ගන්න පුළුවන් එකෙක් විදියට.. සමහර විට ඇඩ්මින් ලගෙත් ඒ එකමුතුව ඉස්සර තියෙන්න ඇති, කෙනෙක් ට කරන්න වෙන්නේ නැත්තම් හොයල බලලා දෙතුන් දෙනෙක් එකතු වෙලා හරි කරලා දෙන.. ඒ අවුරුදු ගානට ම කවදාවත් මෙහෙම වහින්නේ නැතුව ඇති.. සුලි සුලං හමන්නේ නැතුව ඇති, එක දවසක් වත් ලයිට් යන්නේ නැතුව ඇති.. අවංකකම ඒ දවස් වල බැනපු උන් ට මාත් බැනලා ඇති.. ඒත් අද මට සයිට් එක ම වෙලා තියෙන්නේ උඹලගේ වැඩ නිසා මයි.. අද ආපු එපියේ සබ් ලබන සතියේ බලලා මොකටද.. දවස ගානේ එපිය බලන, සීරිස් ගොඩක් සතියට බලන උන් ට එපා වෙනවා එහෙම උනාම.. අනික ඉස්සර වගේ කොලිටි ත් නෑ සබ්.. සමහර අය ගේ.. නිකං අපිට ම හිතෙනවා ඒක නෙමෙයි කියවුනේ කියල බලද්දී.. මේ එපියක්, ෆිල්ම් එක උනත් ගෙදර ට නිකං ලැබෙන්නේ නැ, බාන උන් කඩෙන් ගන්න උන් කට්ටක් කනවා ඒක ගන්න.. එහෙම වෙලත් සබ් නැති උනාම, තියන සබ විකාර උනාම එපා වෙනවා.. මං කියන්නේ ඉස්සර එහෙම උනේ නෑ, ආසාවෙන් සබ් බැලුවා, විශේෂයෙන් මෙහෙම crossover වගේ වෙලාවට ඉක්මනට ම සබ් වැටුනා.. සුපිරි සයිට් එකක් තිබ්බා.. දැං ඔහොම උනාට.. ඉස්සර එපියට ෆිල්ම් එකකට සබ් එකක් දැම්මම කොච්චර කමෙන්ට් තිබ්බද, අද කොහොමද.. වෙනස මොකක් ද, හේතුව මොකක් ද කියල උඹලම හිතලා, හොයලා බලන්න..
sdp
mun kiyana ewa ganan ganna epa bn. mama kiyanne sub eka iknata deepn bn. mamath sub eka hadanna try kala lesi ne bn english puluwan unath kochchara typing thiynwd. ela brothers ikmanata sub eka deepn
Prabath
හිටන් බලන් හිටපං.. හිටං බලන් ඉන්නේ ඔය තව එකෙක් නුත්.. ලංකාව එදා ඉදල යන්නේ ඉස්සරහට නිකං ඉන්දියාව දෙකට කඩාගෙන.. වාඩි වෙන්න නම් එපා මහත්තයෝ හොදේ.. හිටං ඉන්න.. හරියාවි සෝක් එකට, මේන් කියල.. අයියා unp ද.. ආ එහෙනම් වාඩි වෙන්න කොහොමත් අමාරු ඇති, හරි හරි හිටං ඉන්න..
Anton Perera
මුලින්ම අමාරුවෙන් ඔක්කොම කටු කාගෙන සබ දුන්නට තෑන්ක්ස් සහෝ. වෙනදට නම් කලබලේට ගත්තට කොමෙන්ටුවක් දාන්න බැරිවෙනවා. අද නම් මේ එකේක අයගේ කතා දැක්කම නොදාම බැරිවුණා.
@Prabath නිකමට වගේ අහන්නේ සහෝ.. වගකීමක් ගත්තා නම් කිව්වේ මේ සබ් දෙන උන් මේ ඉන්න බැරි ගායට තමන්ගේ වෙලාව කැප කරගෙන අනික් උන්ට බලන්න සබ් හදා දෙන්න ගන්න වගකීම ගැනද ?
නැත්නම් බයිස්කෝප් එකේ සබ් දෙන අයට විශේෂයෙන් පඩි හරි දීමනාවක් හරි ගෙවලා මේ දාන පොඩි ඇඩ්ස් කෑලි වලින් රාජකාරියක් විදියට පවරලා තියෙන වගකීමක් වගේ දෙයක් ගැන හිතාගෙනද ?
නොදන්න නිසා බං අහන්නේ මේ..අනික් කාරනාව. ඔච්චරම ඉවසලා ඉන්න බැරි නම් වීරයා වගේ අනේක විධ ටෝක්ස් දෙන වෙලාවේ නරකද ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන බැරි බැරි ගාතේ හරි අපි වගේ ඉංග්‍රීසි සබ් එකෙන් පොඩ්ඩක් බලලා සිංහල එක ආවම හරියට බැලුවා නම් මේ සබ් දෙන්න කට්ට කන මිනිස්සුන්ගේ මහන්සියට නින්දා නොකර ?
ආ එකටත් උත්තරයක් ඇති දෙපාරක් බලන්න ඕනා නම් බයිස්කෝප් එකට එනවද කියලා. අනේ මෙහෙම වාත වෙලා හම්බෙන සබ් ඒකත් නැති කරනවට වඩා නම් මේ පැත්ත පළාතේ මේ වගේ අය නොඑන එකමයි හොඳ.
රට ගැන කිව්වනේ රටට කෙළවුණේ මේ වගේ මිනිස්සු නැහිලා වැඩක් කරද්දී ඒ ගැන කෙලෙහිගුනයක් නැති මිනිස්සු නිසයි සහෝ මේ වගේ. කන්නාඩියෙන් බැලුවොත් ඒ වගේ අය පෙනෙයි ඔබටත්.Chamod sasitha
Thoo mokekda bn. Kaalakanni hathikare.
Suba parakkui kiyala tho monaada karanna kiyanne. Walaliyan gihillaPrabath
Sorry බං ඉතිං.. වරදක් උනා.. sorry..
Ravindu Rukshan
Thx
Ashen Imanka
ko arowwwwwwwww??????
එල්. සී. දමැල්
කතාව බලන්නම බැරිවුණා බැලින්නම් ක්‍රොස් ඕවර් එකකටත් ඇවිත්. ස්තුති නුවා සබට
tharangani
thanx
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!
sdp
arrow sub eka dalad bn thiyenn
Kantha_DLA
ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.......Ishan Sandeepa
payen payata avilla balala yanawa sub eka dalada kiyala..
Plz ikmanta diyan macho arrow eka
Anyway thanx me sub eka ikmanata dunnataPranneth Gunasekara
පිස්සෝ කලබල උනාට දොස්තර කලබල නැනේ බ්‍රෝ. ගණන් ගන්න එපා. ඕක පොසිටිව් විදියට බැලුවොත් උබලගේ සයිට් එකට කොල්ලෝ කෙල්ලෝ ඇබ්බැහි වෙලා. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. එකයි දුකට කැගහන්නේ....
Pranneth Gunasekara
ඒ උනාට කමක් නැ ඉකමට එකත් දෙන්න හොදේ...
Lasitha
Ko bn arrow 8 wni epiya
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




arow 8 dunne නෑ නෙ තාම