Watch Trailer

The Following [S03E15] |අවසානය …..? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාළුවනේ මම අවසාන කොටස අරගෙන ආවා.. ඇත්තටම මම මේක දෙන්න හිතුවට වැඩිය කාලයක් ගියා. අධ්‍යාපන වැඩ නිසා තමයි ගොඩක් පරක්කු උනේ. මේක තමයි මම මුලින් උපසිරසි පටන් ගත්ත කතාව. ඒ මේකේ දෙවැනි කතා මාලාවෙන්.. ඒ වගේම තුන්වෙනි වෙළුමත් මට දෙන්න පුළුවන් උනා. සම්මාන 11ක්ට නිර්දේශිත සහ එයින් තුනක් දිනාගත් කත…

The Following SE3-3

ඔන්න එහෙනම් යාළුවනේ මම අවසාන කොටස අරගෙන ආවා.. ඇත්තටම මම මේක දෙන්න හිතුවට වැඩිය කාලයක් ගියා. අධ්‍යාපන වැඩ නිසා තමයි ගොඩක් පරක්කු උනේ. මේක තමයි මම මුලින් උපසිරසි පටන් ගත්ත කතාව. ඒ මේකේ දෙවැනි කතා මාලාවෙන්.. ඒ වගේම තුන්වෙනි වෙළුමත් මට දෙන්න පුළුවන් උනා.

සම්මාන 11ක්ට නිර්දේශිත සහ එයින් තුනක් දිනාගත් කතා මාලාවක්.ඒ වගේම Rating වලින් 7.5/10 ලබාගෙන තියෙන කතා මාලාවක්. මේක ගැන අමුතුවෙන් මම ආයේ කියන්න ඕනේ නෑනේ ඉතින්. ඒත් අපි තුන්වෙනි වෙළුම ගැන පොඩ්ඩක් මතක් කරගමු. ජෝ කැරොල් කියන්නේ ශේණිගත මිනීමරුවෙක්.. එයා මිනිස්සු එයාගේ වසගයට අරගෙන එයාලව මිනීමරුවෝ කරනවා.. එතකොට රයන් හාඩි කියන්නේ  FBI එකේ නියෝජිතයෙක්.. ජෝ ගේ මේ ඇදහිල්ල පස්සේ පන්නගෙන යන කෙනා. ඒ කියන්නේ ජෝ ව අල්ලන්න හදන කෙනා.. එයා එක්ක එයාගේ සහයට ඉන්නවා එයාගේ නෑයෙක් වෙන මැක්ස් හාඩි සහ මයික් වොට්සන්.

තුන්වෙනි කතාමාලාව  පටන් ගන්නේ ජෝ කැරොල් අත්අඩංගුවට අරගෙන අවුරුද්දකට පස්සේ. ජෝ ව එල්ලා මරන්න තව මාසයයි තියෙන්නේ…පටන්ගනිද්දී මැක්ස් මයික් දෙන්නා වෙන්වෙලා… රයන් ට අලුත් ගැහැණු ළමයෙක් ලැබිලා. ඒ වගේම අලුත් අපරාධ මාලාවක් පටන් ගන්නවා…  ඒ වගේම අලුත් චරිත දෙකක් එනවා.. ඒ තමයි කේල් සහ ඩේසි .. ලිලි ග්‍රේ මැරුණු වෙලාවේ මාර්ක් එක්කගෙන ගියේ අන්ද්‍රේ කියලත්  දැනගන්න ලැබුනා …ජෙෆ්රි ක්ලාර්ක් ට මැරෙන්න වෙනවා.. ඒත් ජෙෆ් මරපු කෙනා අල්ලගන්න රයන් පට්ට ගේමක් දෙනවා , ඒ වගේම එයාව අල්ලගන්න පුළුවන් උනා. හැබැයි පණපිටින් නෙමේ. ඒ වගේම ඩේසි සහ කේල් වැඩ කරන්නේ ජුලියානා ට කියල දැනගන්න ලැබුනා.ඒ  අතරේ කේල් සහ ඩේසි ඇවිත් මැක්ස් ගේ ගෙදර කැමරා හයි කරලා ගියානේ… ඒ වගේම ජුලියානා වැඩ කරලා තිබුනේ ඩොක්ටර් ස්ට්‍රස් ට.එයා තමයි ශ්‍රේණිගත මිනිමරුවන්ගේ පියා. ස්ට්‍රස් දඩුවමෙන්  බේරෙන්න ලොකු ගේමක් ගහනවා . බොරු ඊ මේල් FBI මේල් වලටත් දාලා..  ඒ වගේම හිතපු නැති විදියට කැරි කුක් ට අවසන් ගමන් යන්න සිද්ධ උනා. ඒ වගේම කේල් ටත්.. මාර්ක් ට වෙඩි වැදුනා .ඒ වගේම ඩේසි, කේල් සහ අන්ද්‍රේ කියන්නේ ස්ට්‍රස් ගේ ගෝලයෝ කියලත් දැනගන්න ලැබුනා..  ඒ වගේමයි මැක්ස් ටත් හොද පොලු පාරක් වැදුනා….

දඩුවමෙන් සහ FBI එකෙන් බේරිලා යන ස්ට්‍රස් යන්නේ එයාගේ තව ගෝලයෙක් ළගට.. ඒ වගේම ස්ට්‍රස්  ගේ අවසානයත් ළගා උනා. එයාගේ හොදම ශිෂ්‍යයා කවුද කියලා දැනගන්නත්  අපිට පුළුවන් උනා. ඉතින් මේ හොදම ශිෂ්‍යයා ජෝ කැරොල් ටත් එහා ගියපු කෙනෙක්. එයා මොලෙන් තමයි ගේම ගහන්නේ. FBI ඒකට බොරු ඊ මේල් දාපු අය හොයන්න උනා මේ අතරදී . ඒ වගේම ස්ට්‍රස් ගේ බොරු පාස්පෝර්ට් ගැනත්. ඒ ගැන බලන්න මැක්ස් හාඩි සහ ස්ලෝන් ගියා. එහෙදි තව පොඩ්ඩෙන් මැක්ස් මැරුම් කනවා. ඒ වගේම මේ කෙනා ගැන කස්ටිය වැඩි තොරතුරු දැනගන්නවා.. තව ජිනා වෙනුවට අලුත් කෙනෙක් ආවා. එයා ඉතින් ජෝ ගේ ගෝලයෙක්ගෙන් හොද පාරක් කාපු කෙනෙක් නේ. ඒ කෙනා රයන් ට ඕනේ විදියට වැඩ කරන්නත් දෙන්නේ නෑනේ. ඒ වගේම බොරු ඊ මේල් ආපු සමාගමේදී මැක්ස් ට තියෝ මුණගැසුණු නිසා තියෝ ගැන කටු සටහනක් අදින්න  හැදුවා.. ඒ වගේම ජිනා , මැක්ස්, රයන් යන තුන් දෙනාට ලැබුනා කන් කපන තවත් එක ස්ට්‍රස් ගෝලයෙක්.. රයන් සහ මයික් අහු උනා තියෝ අටවපු බෝම්බෙකට.. ඒ වගේම තියෝ ගේ අසල්වැසියෝ එයාව සැක කරපු නිසා ඒ දෙන්නව මරන්න තියොට සිද්ධ උනා. ඒත් ඒ වැඩේ නිසා රයන් ඇතුළු කණඩායමට පුළුවන් උනා තියෝ ඉන්න තැන හොයාගන්න.,ඒත් එතනට යද්දී එයාගේ බිරිදව මරලා,  ළමයි දෙන්න දාලා එයා ගිහින්… ඒ එක්කම තියෝ ගේ නංගි එළියට එනවා.

ඒ අතරේ තියෝ රයන් ගේ පුද්ගලික තොරතුරු වලට ඇතුල් වෙලා පිස්සුවක් නටනවා.. ඒ වාගේම තියෝ කෙනෙක් හොයාගන්නවා ජෝ කැරොල් ගාවට යන්න.ඒ ඉතින්  අර ස්ට්‍රස් ගේ පොත විකේතනය කරන්න ක්‍රමයක් හොයාගන්න… ඒ වගේම මාර්ක් ගේ ගෙදර තිබිලා ලැබුණු ලැප්ටොප් එක ලැබෙනවා ටොම් ට. එයා ඒකෙන් සැහෙන ප්‍රයෝජනයක් ගන්නවා. ඊට පස්සේ හිර ගෙදරදී ජෝ කැරොල් කස්ටියව ප්‍රාණ ඇපයට ගත්තනේ.ඒත් රයන්  ඇවිත් ඒකෙන් කස්ටියව බෙරගත්තනේ . ඒ වගේම ස්ට්‍රස් ගේ  කේතය. ඒක විකේතනය කරන්න තියෝ ට පුළුවන් උනා. ඒ වගේම ජෝ කැරොල් ගේ අවසානයත් උනා. ජෝ කැරොල් මැරෙන්න කලින්  රයන්ට දීපු ඔත්තුවෙන් රයන් සහ පිරිස පරණ මිනීමැරුමක තොරතුරු හොයාගන්නවා වගේම ඒ මනුස්සයාවත් අල්ල ගන්නවා. ඒ වගේම මෑඩ් මෑන් කියන ඒ මනුස්සයා දෙනවා තියෝ ගේ සහෝදරිය ගැන තොරතුරු.. ඒ වගේම තියෝ යනවා  එලයිසා කියලා ගැහැණු කෙනෙක් ළගට . එයත් ස්ට්‍රස් ගේ ගෝලයෙක්. ඒ වගේම තමයි ස්ලෝන් දැනගන්නවා ටොම් ගේ  ලැප්ටොප් එකේ රහස. ඒ නිසාම එයාට මැරුම් කන්න සිද්ධ වෙනවා.

ඊට පස්සේ පෙනී අහු උනා රයන් ට. රයන් හදන්නේ පෙනී ගෙන් තොරතුරු ගන්න,. ඒ වගේම හිතපු නැති විදියට ටොම් ට සිද්ධ උනා තියෝ ඇතුලේ පිරිසගේ වැඩ ටික කරලා දෙන්න. ඒ වගේම මයික් ව අල්ලලා දෙන්න. ඒත් ඒකෙන් හොදක් උනේ නෑ. ඒක නිසාම ටොම් ට උනා මරු තුරුලට යන්න. ඒ වගේම තියෝ දැනගන්නවා පෙනී ඉන්නේ රයන් ගාව කියලා. ඉතින් රයන් සහ තියෝ හුවමාරුව කරන්නයි ගියේ. ඒත් ඒක හරියට උනේ නෑ.. ඒකෙන් උනේ පෙනී ට මරු තුරුලට යන්න උණු එක.  ඒ වගේම මාර්ක් ගේ පිහි පහර නිසා මයික් ට අමාරු වෙනවා.ඒ වගේම මාර්ක් ටත් මරු තුරුලට යන්න වෙනවා. මාර්ක් ගෙන් පහර කාපු මයික් ඉන්නේ අවධානම් තත්වෙක.ජීවිතයත් මරණයක් අතර සටනක.රයන් හිතුව වගේම තියෝ සහ ඩේසි  රයන් ගේ සගයෙක් ව අල්ලගන්නවා. ඒ මෙන්ඩිස්. ඒත් ඒක උගුලක් කියලා රයන් ට තේරෙනවා. ඒ නිසා රයන් සැලැස්මක් ඇතුවයි යන්නේ. ඒ වගේම ග්වෙන් ට ළමයෙක් ලැබෙන්නයි ඉන්නේ කියලා දැනගන්න ලැබෙනවා. මෙන්ඩිස් ගේ ගෙදර උණු කලබලෙන් ඩේසි ටත් මැරෙන්න සිද්ධ වෙනවා.මේවා තමයි පසුගිය කොටස් වල උණු දේවල් වල සාරාංශය..

එහෙනම් අද අවසාන කොටසට ඇවිත්. අවසානය කොහොම එකක් වෙයි ද ? තියෝ විතරයි ඉතිරි වෙලා ඉන්නේ. ඒත් තාම අර එලයිසා එයාට හොරෙන සහයෝගයක් දෙනවා. ඒත් රයන් නොදන්නා FBI එකේ ලොක්කෙක් යටින් ගේමක් ගහනව. මේ සේරම අස්සේ අවසානයට පණ බේරාගන්නේ කවුද ? ඒත් මම මේක කියන්න ඕනේ.. අවසානය ඔයාලට හිතාගන්න බැරි විදියට ඉවර කරලා තියෙනවා. එහෙනම් කතාව බලන්න. නැවත තවත් උපසිරසියකින් හමුවෙමු. අහ තව දෙයක්…අදහස් ලබාදුන් හැමෝටම තුති… හැමෝගෙම අදහස් ගොඩක් වටිනවා. “ස්තුතියි” කියන වචනයත් අපිට ගොඩක් වටිනවා මොකද, අපි මේවා කරන්නේ මුදල් හෝ වෙනත් ප්‍රතිලාභයක්  බලාපොරොත්තුවෙන් නොවෙන නිසා.  එහෙනම් යන ගමන් කොමෙන්ටුවක් දාගෙනම යන්න.. හැමෝටම ජයවේවා…!!

The Following (2013) on IMDb

 

300 MB කොපිය මෙතනින් බාගන්න

8CFE4A8424DB3C73F25A369AC03D0CAEA871B84C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

712 downloadsDownload The.Following.S03E15.zip88 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        

Subtitles

712 downloadsDownload Subtitles88 KB

9 comments

  1. Kulanjana Maduranga

    niayamai…good work bro..thanks DASAN saho..sub walata..digatama sub demu.jaya wewa……

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ඇත්තටම වැඩත් එක්ක තාම මට මේ කතාමාලාව බලන්න බැරි උනා!
    හැබැයි සුපිරි එකක් කියලා පේනවා!
    අවසානය හොද (පැහැදිලි)අවසානයක්ද?
    ජයවේවා!

  3. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. අවසානය වෙනකම්ම නවත්තන්නෙ නැතුව දීපු එකයි වටිනාම දේ. ජය෴෴ :P :P

  4. sajeevi

    ස්තූතියි දිගටම සබ් දුන්නට.

  5. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    ඒ වගේම පටන් ගත්තු දේ ඉවර කරලා දුන්නට..
    ටිකක් පරක්කු උනත් එකයි වටින්නේ.
    ඉතින් තියෙන වැඩ කටයුතු එහෙම අඩු උනම
    තවත් කතා මලාවක් අරන් එමු..

    ජය වේවා !!!

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. ruchi

    thanx bro for sub

  8. nirosha

    ස්තුතියි

  9. Lakshitha

    thnx saho sub set ekateme :D