The Ghost in the Shell Season 1 Sinhala Subtitles මිනිස් මොළය සයිබර් අවකාශයට සෘජුවම සම්බන්ධ කළ හැකි, ශරීරය සම්පූර්ණයෙන්ම පාහේ යාන්ත්‍රික කොටස්වලින් ප්‍රතිස්ථාපනය කළ හැකි අනාගතයක… සැබෑ මිනිසෙකු සහ යන්ත්‍රයක් අතර වෙනස හඳුනාගන්නේ කොහොමද? ඔබේ මතකයන්, ඔබේ හැඟීම්, ඔබේ “ආත්මය” පවා පිටස්තර පාලනයකට නතු කළ හ…

මිනිස් මොළය සයිබර් අවකාශයට සෘජුවම සම්බන්ධ කළ හැකි, ශරීරය සම්පූර්ණයෙන්ම පාහේ යාන්ත්‍රික කොටස්වලින් ප්‍රතිස්ථාපනය කළ හැකි අනාගතයක… සැබෑ මිනිසෙකු සහ යන්ත්‍රයක් අතර වෙනස හඳුනාගන්නේ කොහොමද? ඔබේ මතකයන්, ඔබේ හැඟීම්, ඔබේ “ආත්මය” පවා පිටස්තර පාලනයකට නතු කළ හැකි ලෝකයක කුමන ආකාරයේ දේවල් සිදුවේවිද? මේ අප කලින් අත්දුටු රසවිඳි වගේම සිතන්නට මොහොතක් නතර කළ කතාවක ආගමනයක් තමයි මේ.
1995 වසරේ නිකුත් වූ ඇනිමෙ චිත්‍රපටයක් මගින් ඇරඹි කතාවක නූතන ප්‍රතිනිර්මාණයක් ලෙසින් දිග හැරෙන Sci-Fi හෝ Cyberpunk රසිකයන් දශක ගණනාවක් තිස්සේ මවිතයට පත් කළ The Ghost in the Shell විශ්වයේ නවතම පරිච්ඡේදය, 2026 වසරේදී අතිනවීන දෘශ්‍ය ප්‍රයෝග සහ තේජවන්ත කතා තේමාවන් සමඟින් නැවතත් කරළියට පැමිණ තිබෙනවා. මෙය හුදෙක් තවත් එක සටන්කාමී ඇනිමේ කතාවක් නෙවෙයි; ඔබේ සිතුවිලි පවා මොහොතකට නතර කරවන ගැඹුරු මනෝවිද්‍යාත්මක දිග හැරුමක් වේවි.

2026 ජූලි 7 වනදා පළමු කොටසින් විකාශය ඇරඹි මේ The Ghost in the Shell නිර්මාණය වෙන්නේ 1989 වසරේදී Masamune Shirow රචිත Ghost in the Shell මන්ගාව ඇසුරෙනුයි. Action, Mystery, Sci-Fi, Suspense යන Genre වලටත් Adult Cast, Psychological, Detective, Seinen යන තේමා වලට අයත් වෙන මේ කතාව මේ ආරම්භක මොහොතෙදි IGN හි 9/10 ක අගයක්, IMDB හි 7.6 ක් සහ MyAnimeList හි 7.99 ක අගයක් ලබාගෙන තිබෙනවා. සුපුරුදු මිනිත්තු 23 ක ධාවන කාලයකින් යුතු මේ The Ghost in the Shell කතාංග Science SARU ස්ටූඩියෝවෙන් ඇනිමේෂන් නිෂ්පාදනය කර තිබෙනවා.
මේ අලුත් කතාව පරණ කතාවෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියල කිව්වොත්…,
“The Ghost in the Shell” අලුත්ම ඇනිමෙ කතා මාලාව, එහි මුල්ම මන්ගා කෘතියට ඉතාමත් සමීප සහ සෘජු සමානකම් දක්වන නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 1995 දී පැමිණි සුප්‍රසිද්ධ චිත්‍රපටය හෝ වෙනත් ඇනිමේ සංස්කරණවල තිබුණේ අඳුරු, කොළ හෝ නිල් පැහැයට බර Cyberpunk පරිසරයක්. ඒත් ඊට සාපේක්ෂව මේ 2026 කතා මාලාව Masamune Shirow ගේ මුල්ම මන්ගාවේ ස්වභාවය ඒ විදිහටම මතු කරන්න උත්සාහ කර තිබෙනවා. කලින් නිකුත් වුනු Ghost in the Shell නිර්මාණ (විශේෂයෙන්ම 1995 චිත්‍රපටය) ඉතාමත් බරපතළ සහ අඳුරු ස්වභාවයක් ගත්තත්, 2026 ඇනිමෙ කතා මාලාව මේ මන්ගාවේ තිබුණු හාස්‍යය සහ සැහැල්ලු බව නැවතත් ඒ විදිහටම ඇතුළත් කර තිබෙනවා. 2026 ඇනිමේ එකේ මසමුනෙ ශිරෝගේ මන්ගා පොතේ වර්ණ පිටුවල තිබුණු දීප්තිමත් සහ විචිත්‍රවත් වර්ණ භාවිත කරලා තියෙනවා. ඒ වගේම 3D තාක්ෂණය වෙනුවට අතින් ඇඳපු (hand-drawn/2D animation) පෙනුමකට මුල් තැන දීම නිසා මන්ගා එකේ තිබුණු ජීවී ගතිය මෙයින් මතුවෙනවා. මන්ගාවේ වගේම, “මිනිසා සහ යන්ත්‍රය අතර වෙනස කුමක්ද?”, “කෘතිම බුද්ධිය (AI) නිසා මිනිස් ශ්‍රමයට වෙන බලපෑම කුමක්ද?” වැනි ගැඹුරු දාර්ශනික කරුණු මෙහි සාකච්ඡා වෙනවා. මේ නිසා කතාවේ මූලික හරය මන්ගා කෘතියට 100% ක්ම සමානයි. කෙටියෙන් කිව්වොත්, 2026 ඇනිමේ කතා මාලාව කියන්නෙ කලින් නිකුත් වුනු චිත්‍රපට වගේ ඕනෑවට වඩා බරපතළ නැති, මුල්ම මන්ගා පොතේ තිබුණු “ගැඹුරු දර්ශනය සමග විහිළු තහළු සහ වර්ණවත් බව” කියන සංකලනය ඒ විදිහටම තිරයට ගෙනාපු සාර්ථක ප්‍රතිනිර්මාණයක් කියල හඳුන්වන්න පුලුවන්. මේ නවතම දිග හැරුමේ Opening Theme එක වෙන “GO GHOST” ගීතය සුප්‍රසිද්ධ King Gnu විසින් perform කරන අතරෙ Ending Theme එක විදිහට “Blue” ගීතය MILLENNIUM PARADE සමග Saya Gray, Daniel Caesar විසින් perform කරනවා.
තාක්ෂණයේ උපරිම දියුණුවත් එක්ක සමාජය ඇතුළාන්තයෙන්ම දිරාපත් වන යුගයක, මේ කතාවේ කාල වකවානුව හරිම දියුණු එකක් වගේම සයිබෝග්වරු කියන සංකල්පය සාමාන්‍ය දෙයක් බවට පත් වෙලයි තියෙන්නෙ. ඒ එක්කම රහස් දේශපාලන මෙහෙයුම් වලත් යෙදෙන අය ඉන්නවා. ඒ හා සම්බන්ධ එක්තරා විදිහක රහස් මෙහෙයුමකට එක්තරා කාන්තා සයිබෝග් සොල්දාදුවෙක් ඉදිරිපත් වෙනවා. ඒ මෙහෙයුමෙන් තවත් අමානුෂික දෙයක් වෙත මේ සයිබෝග් වරියගේ මනස යොමු වෙනවා. ඒ දේ මොකක්ද? මේ සයිබෝග්වරිය කවුද? මේ දේශපාලන සැලසුම් මොනවද? මේ කතාව අති නවීන තාක්ෂණයන් එක්ක දිවෙන කතාවක්. ඉතින් එක එක විදිහෙ ක්‍රියාන්විතයන්ගෙන් මේ කතාව රස ගැන්වෙනවා. දේශපාලන බලඅරගල සහ තාක්ෂණික ජාලයන් අතර සැඟවුණු මහා විනාශයක සුලමුල සොයා යන ආකාරය මෙම කතා මාලාවෙන් දිගහැරෙනවා. තාක්ෂණයේ අඳුරු පැතිකඩ සහ මිනිස් අනන්‍යතාවය පිළිබඳව ප්‍රබල ප්‍රශ්නාර්ථයන් රැසක් මේ හරහා ඔබට දැකගත හැකි වේවි.

Action, Sci-Fi සහ Mystery කියන ශානරයන්ට ප්‍රිය කරන ඔබට මඟහැරිය නොහැකි, 2026 වසරේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම ඇනිමේ කෘතියක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. කුතුහලය සහ කුළුගැන්වුණු සිදුවීම් පෙළකින් පිරි මේ අපූර්ව සයිබර් ලෝකයේ අත්දැකීම උපරිමයෙන් විඳගන්න කතාවේ රසය තවත් වැඩි කරමින් සිංහල උපසිරැසි සමගින් නරඹන්නට ඔබට ආරාධනා කරනවා!

මේ උපසිරැසි නිර්මාණය වන්නේ සතිපතා නිකුත් වන THE GHOST IN THE SHELL S01 1080p AMZN WEB-DL DUAL DDP2.0 H.265 (Koukaku Kidoutai: THE GHOST IN THE SHELL, Dual-Audio, Multi-Subs) නම් Torrent පිටපතටයි. ඒ වගේම ඔබ නරඹන ඕනෑම Web වීඩියෝ පිටපතකට මේ සිංහල උපසිරැසිය ගැලපේවි. කතාව වගේම උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියන්න අමතක කරන්න එපා. එහෙනම් මීළග කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
• Episode Name – Prologue+Super Spartan I
• IMDB Rating – 7.9 (at 2026.07.10)
• Released Date – 2026.07.07
The Ghost in the Shell Season 1 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB DL පිටපත් සඳහා වලංගු වේ.
121 downloadsDownload The-Ghost-in-the-Shell-S01-E01-Sinhala-Subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- Action
- Drama
- Animation
- Sci-Fi
- Detective
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Anime
- Adult Animation
- Hand-Drawn Animation
- #Hiroki Yasumoto
- #Kazuhiro Yamaji
- #Maaya Sakamoto
- #MaxxA
- #Offbeat
- #Shirow Masamune
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #SungWon Cho
- #the ghost in the shell
- #The Ghost in the Shell Season 01
- #The Ghost in the Shell Season 01 Sinhala Subtitles
- #Yûichi Nakamura
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Ghost in the Shell [S01: E01] Sinhala Subtitles | සයිබර් මොළ පාලකය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/The-Ghost-in-the-Shell-2026-Banner-01-new.jpeg)


Thanks