Ghost in the Shell (1995) Sinhala Subtitles මනසින් සිතන්න, ඔබේ මුළු ශරීරයම කෘතිම කොටස්වලින් නිර්මාණය වූවක් කියා. ඔබේ මතකයන්, ඔබේ හැඟීම්, ඔබේ මුළු පැවැත්මම හුදෙක් පරිගණක කේත කිහිපයකට පමණක් සීමා වී ඇත්නම්? ඔබ සැබවින්ම ජීවමාන මිනිසෙක්ද, නැතහොත් උසස් මෘදුකාංගයක් පමණක්ද? තාක්ෂණයේ උපරිම සීමාවට ගිය, මිනිස…

Ghost in the Shell (1995) Sinhala Subtitles

මනසින් සිතන්න, ඔබේ මුළු ශරීරයම කෘතිම කොටස්වලින් නිර්මාණය වූවක් කියා. ඔබේ මතකයන්, ඔබේ හැඟීම්, ඔබේ මුළු පැවැත්මම හුදෙක් පරිගණක කේත කිහිපයකට පමණක් සීමා වී ඇත්නම්? ඔබ සැබවින්ම ජීවමාන මිනිසෙක්ද, නැතහොත් උසස් මෘදුකාංගයක් පමණක්ද? තාක්ෂණයේ උපරිම සීමාවට ගිය, මිනිස් මොළය සයිබර් ජාලයන් හා සෘජුවම සම්බන්ධ වූ අනාගත ලෝකයක, තමන්ගේම අනන්‍යතාවය කුමක්දැයි සොයන ඇයට මුහුණ දීමට සිදුවන්නේ සාමාන්‍ය අපරාධකරුවෙකුට නොවේ. ඒ, මිනිස් සිත් සොරකම් කරන, මතකයන් වෙනස් කරන අදෘශ්‍යමාන සතුරෙකුටයි.

එමෙන්ම සුප්‍රකට The Matrix චිත්‍රපට මාලාව නිර්මාණය කිරීමට වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ලොකු ආභාෂයක් ලබා දුන්නේ මේ කතාවයි. ලෑස්ති වන්න, සජීවීකරණ සිනමාවේ සීමාවන් සදහටම වෙනස් කරපු, ඔබේ මනස සලිත කරවන දාර්ශනික සයිබර්පන්ක් චාරිකාවකට පියනඟන්න!

ඒ විදිහට ඔබ මේ එකතු වෙන්නේ ආදරණීය ශ්‍රී ලාංකික ඇනිමේ රසික ප්‍රජාව වෙනුවෙන් ලංකන් weebs අපි තිලිණ කරන අතිශය සුවිශේෂී 500 වෙනි උපසිරැසි ගොනුව එක්කයි. ඉතින් ඒ විශේෂ කඩයිම වෙනුවෙන් තමයි මේ විශේෂ උපසිරැසියත් අරන් ආවේ. 2021 වසරේ මැද භාගයේදී මේ වැඩේට එකතු වුනු අපි මේ වෙද්දි විවිධාකාරයේ ඇනිමේ නිර්මාණ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තිලිණ කරල තියෙනවා. ඉතින් ඒ විදිහට කොටසින් කොටස කොටස් දෙකෙන් දෙක ආ ගමන තමයි අද වෙද්දි මේ 500 ක් බවට හැරිලා තියෙන්නේ. තවත් වැඩිය යමක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, රසික‍යින් වෙන ඔයාලා දන්නවා වැඩේ වෙන විදිහ. දුන්නු උපසිරැසි වලට වඩා නොදුන්නු උපසිරැසි බොහොමයි. ඉදිරියෙදි අපි බලාපොරොත්තු වෙමු තවත් නිර්මාණ වලට යන්න. ඔයාලගෙ අදහස් කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් අපි මේ කතාව පැත්තට හැරෙමු.

1989 වසරේදී Masamune Shirow අතින් ලියවුනු Ghost in the Shell මන්ගාව ඇසුරෙන් Mamoru Oshii ගේ අධ්‍යක්ෂණයෙන් තමයි Ghost in the Shell නම් මේ ඇනිමෙ චිත්‍රපටය 1995 වසරෙදි නිකුත් කෙරුනේ. Production IG Studio එකෙන් ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු සිද්ධ කෙරුනු මේ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 3 ක පිරිවැයකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක Box Office ආදායමක් ලබාගන්නට සමත් වී තිබෙනවා. මේ වන විට 7.9 ක IMDB Rating අගයක්, Rotten Tomatoes හි 95% ක අගයක් සහ MyAnimeList හි 8.2 ක Rating අගයක් ලබාගන්නට සමත් වී තිබෙනවා. පැය 1 මිනිත්තු 22 ක් පුරා දිවෙමින් Mystery, Sci Fi, Suspense, Cyberpunk, Psychological යන Genre වලට අයත් වෙන මේ Award Winning චිත්‍රපටය, 1996 Yokohama Film Festival හි ජයග්‍රහණයකුත්, 1997 World Animation Celebration හි ජයග්‍රහණ දෙකකුත්, Gerardmer Film Festival හි ජයග්‍රහණයකුත් වගේම 1996 වසරේ Annie Awards හි අංශ කිහිපයක් යටතේ නාම යෝජනා ලබන්නත් සමත් වී තිබෙනවා. එමෙන්ම මේ චිත්‍රපටයෙන් පසු තවත් Ghost in the Shell ඇනිමේ කතා මාලා කිහිපයකුත් Live Action චිත්‍රපටයකුත් නිකුත් වුනා. එමෙන්ම නවතම පුවත වන්නේ 2026 වසරේ ජූලි මාසයේදී මේ මන්ගාව ඇසුරෙන් Ghost in the Shell Remake ඇනිමෙ කතා මාලාවක් නිකුත් වන එකයි.

                                                                                  Ghost in the Shell Manga

90 දශකයේ අතින් ඇඳි (Hand-drawn) සජීවීකරණ කලාවේ සහ පරිගණක තාක්ෂණයේ සුසංයෝගය උපරිමයෙන්ම දැකගන්න පුලුවන් වගේම, මෙහි එන පසුබිම් සංගීතය ඔබට වෙනස්ම ලෝකයකට රැගෙන යාවි. එමෙන්ම Kenji Kawai ගේ “Making of a Cyborg” ගීතය සහ “Reincarnation” ගීතය ඔබට ඉහත කිව්වාක් වගේ වෙනස්ම හැඟීමක් එක් කරාවි.

                                                               Ghost in the Shell (1995) Theatrical Poster

කතාව ගලා යන්නේ අනාගත ජපානයේ ඉතාමත් දියුණු නගරයක් කේන්ද්‍ර කරගෙනයි. තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසුන්ට තමන්ගේ ශරීර කොටස් සයිබෝග් (Cyborg) කොටස් බවට පත් කරගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන මේජර් මොටෝකෝ කුසනගි (Major Motoko Kusanagi) කියන්නෙ ඉහත කිව්ව විදිහට ශරීරයේ මොළය හැර අනෙක් සියලුම කොටස් කෘතිමව නිර්මාණය වූ, ජාතික ආරක්ෂක අංශයේ සේවය කරන දක්ෂ නිලධාරිනියක්. ඇයට සහ ඇගේ කණ්ඩායමට පැවරෙන්නේ ලෝක දේශපාලනය සහ ආරක්ෂාව අස්ථාවර කිරීමට උත්සාහ කරන “The Puppet Master” නමැති අද්භූත හැකර්වරයාව (Hacker) කොටු කරගැනීමේ මෙහෙයුමයි. මෙම හැකර්වරයා සාමාන්‍ය පරිගණක හැක් කරනවා වෙනුවට කරන්නේ සයිබෝග් මිනිසුන්ගේ මොළයන් හැක් කර, ඔවුන්ගේ මතකයන් සූක්ෂ්ම ලෙස වෙනස් කරමින් තමන්ට අවශ්‍ය පරිදි ඔවුන්ව මෙහෙයවීමයි. නමුත් මේ ලුහුබැඳීම අතරතුර, මේජර් මොටෝකෝට තමන්ගේම පැවැත්ම සහ මේ සයිබෝග් ශරීර තුළ ඉන්න මේ කතාවෙදි විශේෂයෙන් හඳුන්වන “Ghost” (කෘතිම ශරීරය තුළ ඇති මිනිස් ආත්මය) පිළිබඳව බරපතළ දාර්ශනික ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. “The Puppet Master” කියන්නේ සැබවින්ම කවුද? ඔහුට අවශ්‍ය කුමක්ද? මේජර් මොටෝකෝ සොයාගන්නා සත්‍යය කුමක්ද?

මෙය හුදෙක් සටන් ජානවලින් පිරුණු ක්‍රියාදාම චිත්‍රපටයක් නොවේ. මිනිස් අනන්‍යතාවය සහ තාක්ෂණයේ අනාගතය ගැන ගැඹුරින් සිතන්නට පොළඹවන කතාවක්. Sci-Fi සහ Cyberpunk සිනමා ප්‍රභේදයන්ට ඇලුම් කරන, සිනමා රසඥයෙකු අනිවාර්යයෙන්ම නැරඹිය යුතු අග්‍රගණ්‍ය සිනමා නිර්මාණයක් ලෙස Ghost in the Shell (1995) හඳුන්වන්න පුළුවන්. එහෙනම්, මේ සසල කරවන සයිබර් අත්දැකීම උපරිමයෙන් විඳගන්න සිංහල උපසිරැසියත් සමඟ චිත්‍රපටය නරඹන්න කියා ඔබට ආරාධනා කරනවා! ​ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟට ඉදිරියේදී නිකුත් වෙන Ghost in the Shell Remake ඇනිමෙ කතා මාලාවෙන් හමුවෙමු. එතෙක් Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Ghost in the Shell (1995) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය Remastered BluRay පිටපත් සඳහා වලංගු වේ.

126 downloadsDownload Ghost-in-the-Shell-1995-Sinhala-Subtitles.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

126 downloadsDownload Subtitles37 KB

5 comments

  1. Tharusha

    ” Ghost in the Shell: Stand Alone Complex ” ekatat puluwnnam sun denna 🙂

  2. නිශාන් සමීර

    500 වෙනි කඩයිමට
    උණුසුම් සුභ පැතුම් සහෝ ❤️

  3. buddika

    supiriiiii

  4. එල්. සී. ‎දමැල්

    500වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්! 🙂
    550ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.