Watch Trailer

The Ghost in the Shell [S01: E05] Sinhala Subtitles | වැළලුනු රන් රහස් [සිංහල උපසිරසි]

The Ghost in the Shell Season 1 Sinhala Subtitles අනාගත තාක්ෂණය, සයිබර් අවකාශය සහ මිනිස් ආත්මය හෙවත් කතාවට අනුව එම ආත්මය හඳුන්වන “ගෝස්ට්” අතර තියෙන බැඳීම ගැන කතා කරන විශිෂ්ට සයිබර්පන්ක් නිර්මාණයක් තමයි 90 දශකයේදී නිමවුනු Ghost in the Shell කියල කියන්නෙ. එම කතාව Science SARU ස්ටූඩියෝව මඟින් මුල් කතා…

The Ghost in the Shell Season 1 Sinhala Subtitles

අනාගත තාක්ෂණය, සයිබර් අවකාශය සහ මිනිස් ආත්මය හෙවත් කතාවට අනුව එම ආත්මය හඳුන්වන “ගෝස්ට්” අතර තියෙන බැඳීම ගැන කතා කරන විශිෂ්ට සයිබර්පන්ක් නිර්මාණයක් තමයි 90 දශකයේදී නිමවුනු Ghost in the Shell කියල කියන්නෙ. එම කතාව Science SARU ස්ටූඩියෝව මඟින් මුල් කතාව ඇසුරින් අලුත්ම මුහුණුවරකින් රැගෙන එන නිර්මාණයක් ලෙසින් 2026 වසරේදී එන The Ghost in the Shell ඇනිමෙ කතා මාලාවේ 5 කොටසේ උපසිරැසිය එක්කයි ඔබ මේ එකතු වෙන්නේ. කාර්යබහුලත්වය නිසා මේ කොටසේ උපසිරැසිය ප්‍රමාද වුනා.

රොබෝවරු කිහිපදෙනෙක් උමතුවෙලා තමන්ගේ ස්වාමියාට හානි කරන්න දරපු උත්සහය විමර්ෂණය කරන්න ගිය මේජර් සහ බටෝ ප්‍රමුඛ ෂෙල් බලකායේ කණ්ඩායමට හම්බ වුනේ ගෝස්ට් ඩබින් කරන, ඒ කියන්නේ මිනිස් ආත්මය රොබෝවරුන්ට ඇතුල් කරන ජාතියේ රහස් ගොඩනැගිල්ලක්. මේ ගොඩනැගිල්ලේ සිරගතව හිටපු ළමයින්ගේ උදව් ඉල්ලීමක් නිසා තමයි අර විදිහට රොබෝවරු උමතු වෙලා තියෙන්නේ. ඉතින් හෝඩුවාවල් පස්සේ ආපු ෂෙල් බලකායට මේ හැම දෙයක්ම විසඳන්න පුලුවන් උනා. ඒක ඒ විදිහට ඉවර වෙද්දි මේ කොටසින් දකින්න ලැබෙන්නෙ තවත් දේශපාලනික රහස් වළ දැමීමක නැවත මතු වීමක්. බලන්නකො මේ කොටසින් මොකද වෙන්නෙ කියලා.

මේ උපසිරැසිය නිර්මාණය කෙරුනේ සතිපතා නිකුත් වන අඩු ධාරිතාවයකින් උපරිම ගුණාත්මක බවක් අත්විදින්න ලැබෙන PSARips වීඩියෝ පිටපතටයි. ඒ වගේම ඔබ නරඹන ඕනෑම Web වීඩියෝ පිටපතකට මේ සිංහල උපසිරැසිය ගැලපේවි. කතාව වගේම උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියන්න අමතක කරන්න එපා. මීළඟ කොටස් වලින් හමුවෙමු.

 

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

• Episode Name – Phantom Fund
• IMDB Rating – 7.7 (at 2026.08.10)
• Released Date – 2026.08.04 The Ghost in the Shell Season 1 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා වලංගු වේ.

59 downloadsDownload The-Ghost-in-the-Shell-S01-E05-Sinhala-Subtitles.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

59 downloadsDownload Subtitles19 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks