Watch Trailer

The Gifted [S01 : E04] with Sinhala Subtitles | මුදවාගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසදී කට්ටියව සැහෙන්න ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්දවුණා දකින්න ඇති. කේට්ලින් හොර රහසෙම තමන්ගේ මහත්තයව බේරගන්න යන්න හදද්දී එයාගේ ළමයි දෙන්නත් බලෙන්ම වගේ ගමනට එකතු වුණා. මේ අය කදවුරෙන් එලියට ගියාට මොකද අතේ සල්ලි නෑ. ක්‍රෙඩිට් කාඩ් ඇත්තෙත් නෑ. තිබුනත් පාවිච්චි කරන්න විදිහක් තිබුනේ නෑ. මොකද…

කලින් කොටසදී කට්ටියව සැහෙන්න ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්දවුණා දකින්න ඇති. කේට්ලින් හොර රහසෙම තමන්ගේ මහත්තයව බේරගන්න යන්න හදද්දී එයාගේ ළමයි දෙන්නත් බලෙන්ම වගේ ගමනට එකතු වුණා. මේ අය කදවුරෙන් එලියට ගියාට මොකද අතේ සල්ලි නෑ. ක්‍රෙඩිට් කාඩ් ඇත්තෙත් නෑ. තිබුනත් පාවිච්චි කරන්න විදිහක් තිබුනේ නෑ. මොකද අනික් අය මේ අය ගැන සැහෙන්න ලොකු අවධානයකින් ඉන්නේ. මේ නිසාම මේ අය ඩැනි කියලා අදුරන කෙනෙකේගේ ගෙදරකට ගියේ රීඩ් ස්ට්‍රකට්ව බේරගන්න උදව් ලැබෙයි කියන අදහසින්. ඒත් ඉතින් ඩැනි නම් ඒ හැටි කැමැත්තක් දැක්වුවේ නැහැ මේ අයට. මේ අතරේදී ජේස්, රීඩ් එක්ක එකතාවයකට එනවා. ඒ තමයි රීඩ්ගේ පවුලේ අය හිරේ නොයා පාඩුවේ ඉන්න දුන්නොත් රීඩ් ජේස්ට අනික් විපරිතයෝ ටික අල්ලගන්න උදව් කරන පොරොන්දු පිට. මේකට ආරම්භයක් හැටියට පටන් ගත්තේ රීඩ් මුලින්ම මාකෝස්ට මුණගැහුණු තැන ඉන්න බාර් ටෙන්ඩර්ව රවට්ටලා. ඒ බාර් ටෙන්ඩර් තමයි විපරිතයන්ව මේ අයගේ මුලස්ථානයට අරං යන්නේ. ඉතින් මේ ප්‍රවාහනය වෙන්නේ නම් රෑට. ඒ නිසා රීඩ්ට සිද්දවුණා තවත් විපරිතයෝ දෙන්නෙක් එක්ක ඉන්න. ජේස්ගේ සැලැස්ම උනේ රීඩ්වත් එක්ක යන අතරෙදි අර විපරිතයෝ දෙන්නයි බාර් ටෙන්ඩර්වයි අල්ලගන්න. ඒත් ඉතින් කොච්චර නපුරු උනත් තමන්ගේ ළමයි දෙන්නත් විපරිතයෝ දෙන්නෙක් කියන එක එයාට මතක් වෙන්න ගත්තා. අනික ඒ වෙලාවේ එයාට නැවතිලා ඉන්න සිද්දවුනු දෙන්නත් හරිම අහිංසක විපරිතයෝ දෙන්නෙක්. මේ නිසාම මෙයා ඕන දෙයක් වෙච්චාවේ කියලා වැඩේ පැත්තක දාලා මේ අයව ප්‍රවාහනය කරන අතරෙදි වෑන් එකෙන් බිමට පැනලා අර අයව බේරගත්තා. ඔතනින් පස්සේ රීඩ්ට වරදින විදිහ අද කොටසින් හොදට බලාගන්න පුලුවන්.

කේට්ලින්ට උදව් ලැබෙන්නේ නැති නිසා එයාලට පහුවදා උදෙන්ම යන්න කියලා ඩැනි බල කරලම කිව්වා. මේ අතරෙදි මාකෝස් වගේම ජෝන් ඇවිත් තිබුණා මේ අය ගිහින් කියන ආරංචියට මේ අයව හොයාගෙනම. ඒත් ඉතින් මේ වෙද්දී ඊට වඩා සැහෙන්න ලොකු ප්‍රශ්නයක් මතු වෙන්න පටන් ගත්තා. ඒ තමයි, තමන්ගේ ගෙදරට ස්ට්‍රකර්ලා ආවා කියලා ඩැනිගේ ළමයා වෙනින් ළමයින්ට කියලා ඒ අයගේ තාත්තලා තවත් මැරයෝ ටිකක් එක්ක ඇවිත් ඩැනීගේ ගෙදර ඉස්සරහට ඇවිත් කෑ ගහන්න ගත්තා. ඩැනි ගිහින් සාමදානෙන් මේක බේරන්න හැදුවත් ඒක කරගන්න ලැබුනේ නෑ. ඒ නිසාම විපරිතයෝ ටික මුල් වෙලා තම තමන්ගේ ආරක්ෂාව සලසාගෙන එතනින් පැනගත්තා. ඒත් අර මැරයෝ ටික පස්සෙන් පන්නන්න පටන් ගත්තා. මේ අයට ද්වාරයක් ඇරගෙන පැනගන්න ඕන කමක් තිබුනත් ක්ලැරිස් පහු ගැහුවා. මොකද එයාට කලින් වෙච්ච දේ හැටියට එයා සැහෙන්න බය උනා. ඒත් කරන්නම දෙයක් නැති නිසාම සේජ් එයාගෙයි ජෝන්ගෙයි මතකයන් වල පොඩි වෙනස්කම් කිහිපයක් කරලා ක්ලැරිස්ට ලබා දුන්නා. එයා දැක්කේ එයයි ජෝනුයි ආදරෙන් ඉන්නවා මිසක් එයා සේජ් එක්ක ඉන්නවා නම් නෙවෙයි. මේ නිසාම ක්ලැරිස් උදව් නම් කලා. ඒත් එයා දැන් ජෝන්ට ආදරේ කරන්නත් ඒක ආරම්භයක් වුණා.

විපරිතයෝ අතරේ තවත් විපරිතයෙක් අද කතාවට එකතු වෙනවා. එකතු වෙනවා කිව්වට ඊට වඩා වෙනස් දෙයක්. එක්ස් මෙන් චිත්‍ර කතා අතරින් 2005 සැප්තැම්බර් මාසයේ නිකුත් වුන X-Men vol. 2, #173 නම් චිත්‍ර කතාව තුලින් තමයි මුලින්ම ප්ලස් නොහොත් අගොස්ටස් එලියට එන්නේ. මෙයාට හරිම පුදුම හැකියාවක් තියෙනවා. ඒ තමයි එයාගේ ඇස් දෙකෙන් පුලුවන් කමක් තියෙනවා ඕනෙම සිස්ටම් එකක් වගේම මිනිස්සුන්ව ක්‍රියා විරහිත කරන්න. ඊටත් වඩා විශේෂම හැකියාව තමයි මෙයාට පුලුවන් ගොඩනැගිලි දෙකක් විතර එහායින් ඉදන් උනත් වෙනත් විපරිතයින්ගේ බලයන් අඩපණ කරන්න. ඉතින් නිකමට හරි මේ වගේ කෙනෙක් අනික් විපරිතයන්ට එකතු නොවී, විපරිතයෝ දඩයම් කරන කෙනෙක්ට අහු උනොත් නම් ඒ අයට පුලුවනි එයාගේ වර්ගයාට එරෙහිව ආයුධයක් විදිහට වැඩ ගන්න. ඉතින් අද මේ කොටසේ ඉදන් එකතු වෙන පල්ස් නොහොත් අගොස්ටස්ට රංගනයෙන් දායක වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි The Vampire Diaries කතාමාලාවේ තවත් එක් ප්‍රසිද්ධ චරිතයක් හැටියට සලකපු මැට් ඩොනවන්ගේ චරිතයට පණ පෙවූ Zach Roerig ව තමයි දැකගන්න ලැබෙන්නේ. ඉතින් අද කතාවේ මොකෝ වෙන්නේ කියලා බලලම හිටියනම්.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. මිලග උපසිරැසියෙන් හමුවෙමු. ජය!

 

The Gifted on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV /WEB පිටපත් සඳහා අදාළ වේ.

7,256 downloadsDownload The-Gifted-S01E04-1.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

7,256 downloadsDownload Subtitles56 KB

30 comments

  1. Charith Madhusanka

    Thanks!

  2. KAVINDA GAMAGE

    සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
    මේ වෙලාවේ ප්රාෙර්ථනා කරන ගමන්ම සහෝගේ
    තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
    ජයම වේවා…

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

  3. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  4. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  5. Kasun Widusha

    Tnx mchoo

  6. Lushan

    Subata godakma thanks bro...

  7. සුමේෂ් එෂාන්

    4ත් සෙනිකව දුන්නාට ස්තූතියි සහෝ.....ජයවේවා....

  8. Buddi

    Thanks..........

  9. nisha

    Thanks......

  10. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  11. pasindu

    සුපිරි machan u

  12. Ravin

    Thanks for the sub

  13. Tharaka Lahiru

    tnq mcn

  14. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    අද කලින්ම දීලා...

  15. Udara Damith B/K

    තද තද

  16. AWNCK

    bohoma sthuthi sahooo. Thanks bro.............

  17. Mahesh

    Sub ekata thanx

  18. Viraj tharuka

    Thanks bro sub akata!!!ilaga awatath sub aka ikmanata karala denna!!!

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. කසුන්

    Baiscopedownloads එකෙන් මෙක හොයා ගන්න බෑනෙ.... search කරත් එන්නෙ නෑ. Please any idea guys...!!!

  22. Yumal Kasun

    thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!

  23. Udara Damith B/K

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට..........................
    .
    .
    .
    .
    .

  24. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. LSM HUSKAA

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  27. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  28. Ravindu Rukshan

    Thx

  29. wajira

    thanks for sub

  30. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...