Netflix ඔස්සේ විකාශනය වෙච්ච පට්ටම කොරියන් කතාමාලාවකට තමයි අපි මේ උපසිරැසි අරන් එන්න පටන් ගත්තේ. මුල් කොටස් තුනම බලන්න ඇතිනේ. මේ හතරවෙනි කොටසත් අරන් ආවේමං. හුස්මක් කටක් නොගෙන මේ වෙනකම් බලාගෙන ආවා වගේ දිගටම බලාගෙන යමු එහෙනම්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.1ක දැවැන්ත අගයකට හිමිකම් කියන The Glory කියන්නේ…

Netflix ඔස්සේ විකාශනය වෙච්ච පට්ටම කොරියන් කතාමාලාවකට තමයි අපි මේ උපසිරැසි අරන් එන්න පටන් ගත්තේ. මුල් කොටස් තුනම බලන්න ඇතිනේ. මේ හතරවෙනි කොටසත් අරන් ආවේමං. හුස්මක් කටක් නොගෙන මේ වෙනකම් බලාගෙන ආවා වගේ දිගටම බලාගෙන යමු එහෙනම්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.1ක දැවැන්ත අගයකට හිමිකම් කියන The Glory කියන්නේ කොරියන් රසිකයෝ නොවෙන අය පවා ආදරය කරන Song Hye Kyo ප්‍රධාන චරිත මවන කතාමාලාවක්. මේ කෙල්ල තමා ඒ කාලේ අපි ආසාවෙන් බලපු Full House, Autumn in My Heart, Descendants of the Sun ඇතුළු ගොඩක් ඒවයේ හිටියේ. වටේ ගියා ඇති. කෙටියෙන් කිව්වොත් මේක පට්ටම කතාවක්, ආයේ කොරියන් කියලා විසික් කරලා දාන්න ගියොත් සොරි ඩොට් කොම්. ඒ හින්දා… බලන්නලා…..
කුණු බඳුන් සිද්ධියෙන් නොහිතපු විදිහට දොන්ග්-යුන්ට තමන්ට හරියනම කෙනෙක් හම්බවෙනවා උදව්වට. ඒ තමයි කන්ග් නෝනා. දොන්ග් යුන්ට ඕන කරන වැඩේ කරගන්න කන්ග් එක කොන්දේසියක් දැම්මා මතක ඇති. ඒක මෙතන කියන්න යන්නේ නැහැ. ඒ වගේම කන්ග්ට මේ වැඩ කරන්න නම් ගොඩක් දේවල් දැනගන්නත් වුණා. කැමරා එක්ක වැඩ කරන හැටි, වාහන එළවන හැටි.. මේ හැමදේම. හරි අපූරුවට ඔය දේවල් ඉගෙන ගෙන දොන්ග්-යුන්ට ඕන කරන තොරතුරුත් ගෙනත් දීලා කන්ග් ලොකු ශක්තියක් වෙනවා දොන්ග්-යුන්ට. ඒ වෙනුවෙන් එයා කන්ග්ගේ දුවට දුම්රියේ පන්ති කරන්නත් පටන් ගත්තා. මතක ඇතිනේ එහෙම දුම්රිය ගමනකදී දොන්ග්-යුන්ට හම්බවුණු එයාගේ පරණ යාළුවා. ජේ-ජුන්ගේ වර්ණ අන්ධතා සිද්ධියත් ටිකක් වැඩිපුර කලින් කොටසෙදි ඇදිලා ආවා. ඒකෙන් ඔයාලට දෙයක් හිතාගන්නත් පුළුවන් වෙන්න ඇති. පහුගිය කොටසේ විශේෂම දේ වුණේ දොන්ග්-යුන්ග් එයාගේ පරම හතුරෝ ඉස්සරහා පෙනී ඉඳපු එක. ආදි ශිෂ්‍ය සම්මාන උත්සවයක් තිබ්බා මතක ඇතිනේ, ඉස්කෝලේ.යොන්-ජින්ටත් සම්මානයක් තිබ්බා. මියෝන්ග්-ඕ ඇරෙන්න ඉතුරු යාළුවො පස්දෙනා පුරුදු ජිම් එකට වෙලා කතාවක් දාගෙන ඉන්න අතරේ, එතනට දොන්ග්-යුන් ආවා මතක ඇති. සෙල්ලම නිල වශයෙන් ප්‍රසිද්ධ කරගෙනම පටන් ගන්නයි සූදානම.
අද කොටස එක්කත් එකතු වෙන්න අනිවාර්යෙන්. ගිහින් එන්නම් ජයවේවා..!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,249 downloadsDownload The.Glory_.S01E04.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
9 comments
Pavith Wijesooriya
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට ස්තූතියි සහෝ.... ජය වේවා !!!
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanxxx
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Ravindra
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![The Glory [S01: E04] Sinhala Subtitles | මාරක ගුරු උපහාරය [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/The-Glory-EP05-08.jpg)



සබට තුතිවේවා අයියේ... ❤️