Watch Trailer

The Glory [S01: E10] Sinhala Subtitles | විසඳෙන ප්‍රෙහෙළිකාව! [සිංහල උපසිරැසි]

එහෙනම් ඔන්න The Glory, මේ සුපිරි කොරියානු කතා මාලාවේ 10වෙනි එපියටත් මං සබ් අරගෙන නැවතත් ඔයාලා හමුවෙනවා. කලින් කොටසෙ මොකද උනේ කියල එහෙනම් අපි මතක් කරගෙන අද කොටසට එමු. පසුගිය මතකයන් – මේ වෙනකොට ලොකුම ප්‍රශ්නය තමා සන් මියොන්ග්-ඕට මොකද උනේ කියන එක. ඇත්තටම පොරට මොකද උනේ? මිනිහා ආගියාතක් නෑ. කොහොමහරි දොන…

එහෙනම් ඔන්න The Glory, මේ සුපිරි කොරියානු කතා මාලාවේ 10වෙනි එපියටත් මං සබ් අරගෙන නැවතත් ඔයාලා හමුවෙනවා. කලින් කොටසෙ මොකද උනේ කියල එහෙනම් අපි මතක් කරගෙන අද කොටසට එමු.

පසුගිය මතකයන් –
මේ වෙනකොට ලොකුම ප්‍රශ්නය තමා සන් මියොන්ග්-ඕට මොකද උනේ කියන එක. ඇත්තටම පොරට මොකද උනේ? මිනිහා ආගියාතක් නෑ. කොහොමහරි දොන්ග්-යුන්ගෙ කීමට මියොන්ග්-ඕ, ජේ-ජුන්, සාරා සහ හයි-ජොන්ට කතා කරලා ඒ කට්ටියව අවුස්සලා දානවා අපි දැක්කා. මේ වෙනකොට යුන් සෝ-හීගේ හුටපටය ගැනත් අපිට අමතක කරන්න බෑ. ඒ වගේම ලොකුවට කතාවෙන අර නේම් ටැග් එක ගැනත්. සන් මියොන්ග්-ඕ දැන් ගොඩක්ම තදවෙලා ඉන්නේ යුන් සෝ-හීට වුණු විපත නිසා. ඒ වගේම දොන්ග්-යුන් විසින් යොන්-ජින්ව හමුවෙලා පෙන්නපු, තමාට පාසල් කාලයේදී හිරිහැර උනා කියන එක ඔප්පු කරන්න පුලුවන් සාක්ෂි නිසා යොන්-ජින් දැන් ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඒ වගේම සන් මියොන්ග්-ඕගේ අතුරුදන් වීම ගැන පොලීසිය දැන් එක එකාගෙන් ප්‍රශ්න කරගෙන යන නිසා ඒකටත් මේ සෙට් එක හොඳටම රත් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම සාරා, මොකද ඇය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා. මේ ප්‍රශ්න කිරීම් අස්සෙ ඒවත් මාට්ටු උනොත් කොරේ පිටට මරේ වගේනේ. 😅

දොන්ග්-යුන් දැන් තමාගේ පළිගැනීම වෙනුවෙන් උපක්‍රමශීලීව වටපිටාව සකස් කරගනිමින් ඉන්නේ. දැන් ඇයට අපේ දොස්තර මහත්තයගෙත් සහය ලැබෙනවනේ. මතක ඇතිනේ අර කාන්ග් නෝනා. අවශ්‍ය කරන ෆෝටෝ එහෙම අරගෙන දොන්ග්-යුන්ට ලොකු සහයක් දීපූ කෙනා. හැබැයි වැඩේ කියන්නේ ඔන්න යොන්-ජින් මේ කාන්ග් නෝනව හොයාගත්තා. දැන් ගේම අහවරද?

අද කොටසින් –
ඉතින් යොන්-ජින්, කාන්ග් නෝනව හොයාගත්ත නිසා දොන්ග්-යුන්ගෙ සැලසුම් වතුරේ යයිද? සන් මියොන්ග්-ඕට මොකද උනේ? යොන්-ජින් මීළඟට මොනවගෙ පියවරක් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගනීද? මේ එපියෙන් එහෙනම් පිළිතුරු හොයාගන්න.

එහෙනම් The Glory වෙනුවෙන් මට පැවරුණු රාජකාරිය අවසන් ඔන්න. ස්තූතිවන්ත වෙන්නෙ “ඔලිවර්” අයියට මාවත් සම්බන්ධ කර ගැනීම ගැන. ඒ වගේම Part 1 සඳහා උපසිරසි ලබා දීපූ මයුර, යුරාන් අයියලට සහ සුභාෂිණී අක්කටත් ස්තූතිවන්ත වෙනවා. මීළඟ කොටසට උපසිරසි අරගෙන දිනිඳු අයියා එහෙනම් ඔයාලව හමුවෙනවා. එහෙනම් මාත් The Glory සමඟින් සමුගන්නවා. හමුවෙමු දවසක මේ වගේම වැඩකින්.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,839 downloadsDownload The.Glory_.S01E10.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

 

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

2,839 downloadsDownload Subtitles29 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි මල්ලි, ජයවේවා !!!

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Ravindra

    Thanks

  6. මයුර

    සබට තුති මචෝ..

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Krishani

    Thank you