Watch Trailer

The Glory [S01: E09] Sinhala Subtitles | සැලසුම් කොට උඩ යයිද? [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසීන්ට කොහොමද ඉතින්? එහෙනම් ඔන්න Netflix විසින් දීපූ සුපිරිම කොරියානු කතා මාලාවකට උපසිරසි කරන්න අපේ ඔලිවර් අයියගෙ ආරාධනයෙන් මාත් එකතු උනා. මේ සීරීස් එක පාර්ට් දෙකකට තමා රිලීස් උනේ. ඉතින් ඔලිවර්, මයුර, යුරාන් අයියලා සහා සුභාෂිණි අක්කා එකතු වෙලා මේකේ පාර්ට් 1ට උපසිරසි දීලා දැන් හමාරයි. ඉති…

 

බයිස්කෝප්වාසීන්ට කොහොමද ඉතින්? එහෙනම් ඔන්න Netflix විසින් දීපූ සුපිරිම කොරියානු කතා මාලාවකට උපසිරසි කරන්න අපේ ඔලිවර් අයියගෙ ආරාධනයෙන් මාත් එකතු උනා. මේ සීරීස් එක පාර්ට් දෙකකට තමා රිලීස් උනේ. ඉතින් ඔලිවර්, මයුර, යුරාන් අයියලා සහා සුභාෂිණි අක්කා එකතු වෙලා මේකේ පාර්ට් 1ට උපසිරසි දීලා දැන් හමාරයි. ඉතින් ගිය මාර්තු 10 වෙනිදා නිකුත් වුණු මෙහි පාර්ට් 2 එකට එහෙනම් ඔන්න මේ විදිහට උපසිරසි දීම ආරම්භ වෙනවා.

පසුගිය මතකයන් –

දොන්ග්-යුන් කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙන්න හීන දැකපු අහිංසක ගෑණු ළමයෙක්. මේ කෙල්ලගෙ ජීවිතයට එන අමන නඩයක් නිසා සෑහෙන දුක් වේදනාවලට මුහුණ දෙන්න වෙනවා. මේ සියලුම වේදනාවන් පසුව පළිගැනීමක ආරම්භය බවට පත් වෙනවා. දොන්-යුන්ග් ඊට පසුව යොන්-ජින්, ජේ-ජුන්, ලී සාරා, හයි ජොන්ග් සහ මියොන්ග්-ඕ කියන මේ පිරිසගෙන් පළිගැනීම සඳහා වසර ගණනාවක් තිස්සෙ ඉතා සූක්ෂමව විධිමත් සැලසුමකට දැළ එලාගෙන එනවා ඔයාලා දැක්කනේ. මේ වෙනකොට අර ඉහත කිව්ව පිරිසගේ ජීවිත බොහොසෙයින් වෙනස් වෙලා. ඒ වගේම ඒ ඒ අය කරපු අසික්කිත වැඩ නිසා තම තමන්ට වළ කැපිලා තියෙන විදිහත් දැන් ඔයාලටත් තේරෙනවා ඇති. පසුගිය කොටස් අටේම අපි දැක්කේ දොන්-යුන්ග් සිය පළිගැනීම වෙනුවෙන් කොහොමද වටපිටාව හදාගන්නෙ කියන කාරණය. එහෙනම් අපි බලමු ඇය කොහොමද සිය පළිගැනීම දැන් ගන්නෙ කියල.

අද කොටසින් –

සන්-මියොන්ග් ඕ දැන් අතුරුදන් වෙලා. මේ නිසා පොලීසිය දැන් එකිනෙකාගෙන් ප්‍රශ්න කරගෙන යනවා. මේ හේතුවෙන් දැන් හැමෝම වගේ රත්වෙලා ඉන්නේ. ජේ-ජුන් හා හා යේ සොල් අතර තියෙන හුටපටය ගැනත් දැන් ඔයාලට අදහසක් ඇතිනේ. මේ නිසා මේ වෙනකොට යොන්-ජින් ගැන සැක කරන්න ඇගේ සැමියා හා දෝ යොන්ග් හට සිදුවෙලා තියෙනවා. දැන් යොන් ජින්, දොන්ග්-යුන්ගෙ ගෙදරටත් ගියානේ. මේ හේතුව නිසාම දොන්-යුන්ට අවාසිදායක තත්ත්වයක් ඇති වෙයිද? කොහොමත් මේ කොටසේ අවසානෙදී ඔයාලට හිතෙයි සැලසුම් ඔක්කොම වතුරෙ ගියාද කියල. එහෙනම් මේ සුපිරි කතාවේ ඉදිරියට මොකද වෙන්නේ කියල දැනගන්න එක මං ඔයාලට පවරනවා. ඊළඟ කොටසින් හමුවෙමු එහෙනම්. 👋


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,249 downloadsDownload The.Glory_.S01E09.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1Next BT1

 

 

Subtitles

4,249 downloadsDownload Subtitles57 KB

10 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.ජයවේවා!

  2. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලි. ජයවේවා !!!

  3. Naveen Mbr

    බොහෝම ස්තූතියි සහෝ!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Ravindra

    Thanks

  7. මයුර

    සබට තුති මචෝ..

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.