ඉතිං ඔන්න ග්ලෝරි කතා මාලාවේ 11 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේකට මාව සම්බන්ධ කරගත්ත ඔලිව (බිම්සර යශාන්) සහෝදරයට ස්තූති වෙන ගමන් මුලින්ම මේ කොටස ගැන තියෙන අගයන් සහ දර්ශක ගැන ටිකක් මතක් කරලා ඉන්නම්. IMDb දර්ශකයේ 7.8/10 ක අගයක් ලබාගෙන තියෙන මේ කොටස 2023 මාර්තු 10 වනදා දකුණු කොරියාවේ ති…

ඉතිං ඔන්න ග්ලෝරි කතා මාලාවේ 11 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. මේකට මාව සම්බන්ධ කරගත්ත ඔලිව (බිම්සර යශාන්) සහෝදරයට ස්තූති වෙන ගමන් මුලින්ම මේ කොටස ගැන තියෙන අගයන් සහ දර්ශක ගැන ටිකක් මතක් කරලා ඉන්නම්. IMDb දර්ශකයේ 7.8/10 ක අගයක් ලබාගෙන තියෙන මේ කොටස 2023 මාර්තු 10 වනදා දකුණු කොරියාවේ තිරගත උන අතර විනාඩි 53ක් පුරා දිව යනවා.
පසුගිය කොටස ඔයාලට මතක ඇතිනේ. සන් මියොන්ග්-ඕගේ අතුරුදන් වීම අපරාධ පරීක්ෂණයක් බවට පත්වෙලා තියෙන නිසා පොලීසිය විසින් දැන් එක් එක්කෙනාගෙන් ප්රශ්න කිරීම් කරගෙන යනවා. ඇත්තටම මේ සන් මියොන්ග්-ඕට මොකද උනේ කියලත් ඔයාලට පසුගිය කොසින් දැනගන්න පුළුවන් උනා.ඒ අතරේ යොන්-ජින් හා ජේ-ජුන් අතර ප්‍රශ්ණයත් දුර දිග යන්න පටන් අරගෙන. දැන් යොන්-ජින් සහ ඇගේ සැමියා අතරත් ක්රම ක්රමයෙන් විරසක ඇතිවෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම දොන්ග්-යුන්ට උදව් කරපු කාන්ග් නෝනවත් යොන්-ජින් හොයාගත්තා. දොන්ග් යුන්ග් තමන්ගෙ පළිගැනීමට සූක්ෂමව පාර කපද්දී යොන්-ජින් තමන්ගෙ ආරක්ෂාවට කරන්න පුලුවන් හැමදේමත් කරනවා.
ඉතිං මෙවර කොටස පටන් ගන්නෙ සිහිසුන් වෙලා ඉන්න යොන්-ජින් තමන් කරපු ඝාතනය ගැන හීනෙන් දැක දැක ඉන්න අතරේ තිගැස්සිලා අවදි වෙලා යෝ-ජුංගෙන් ඔහු කවුද? ඔහු ඇයට කරේ මොනවද කියලා අහන සිද්ධියකින්. ඇයට මොනවද කරේ කියලා යොන්-ජින් සීසීටීවී දර්ශන බැලීමට ඉල්ලා සිටින නමුත් හෙදිය ඇයව සන්සුන් කරන්න උත්සාහ කරන අතර ශල්‍යාගාරයේ කැමරා නොමැති බව ඇයට පැහැදිලි කරනවා.
ඒ අතර ඩෝ-යන්ග් එක්ක ඩොන්-යුන් තමන්ට ඕන මොනවද කියන එක ගැන ගැන සාකච්ඡා කරනවා. ඊටපස්සෙ ඩොන්ග්-යුන් ගෙදර ගිහින් සෝෆා එකේ නිදාගන්නවා. ඇය අවදි වන්නේ යෝ-ජුංග් රෑ කෑම හදන සද්දෙට. යෝ-ජුං. ඇයට යෙඔන්-ජින් ගේ ක්‍රියාපටිපාටිය ගැනත්, ඩෝ-යන්ග් සමඟ ඇයගේ හමුවීම ගැනත් ඔහුට කියනවා. ඒ සංවාදය ස්වභාවිකවම ඩොන්ග්-යුන් ගේ කැළල් වෙත හැරෙන අතර යෝ-ජුන්ග් තමන්ට ඒවාට ප්‍රතිකාර කළ හැකි බව පවසනවා. ඒත් ඩොන්ග්-යුන් විසින් ඇයට තවදුරටත් එම කැළැල් වලින් වේදනාවක් නොමැති බැවින් එය තේරුමක් නැති බව කියලා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරනවා.
ඊළඟ දවසේ, ඩොන්ග්-යුන් ට ඇමතුමක් ලැබෙනවා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී සන්-ඒ විසින් ඇයගේ සම්මුඛ පරීක්ෂණය හොඳින් සිදු කළ බවත්, නියෝජිතායතන ගාස්තුව ගෙවා සන්-ඒ ව පිටත් කරන්න දිනයක් නියම කළ යුතු බවත් පවසමින්.
මේ අතර, යොන්-ජින්ගේ මවට ජූ මහ රෝහලේ සේවකයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. මෘත ශරීරාගාරයේ සේවකයා ඇයට කියන්නෙ යෝ-ජුං විසින් සෝ-හීගේ මලසිරුර සොයමින් සිටින බවයි. සෝ-හීගේ සිරුර අධිශීතකරණයේ ගබඩා කර ඇති බවත්, ඒ මන්දැයි ඔහු නොදන්නා බවත් රෝහල් සේවකයා ඇයට කියනවා.
ඉතිං මීට වැඩිය කතාව ගැන කියන්න යන්නෙ නෑ. කතාව කොයි විදිහට ගලාගෙන යනවද කියලා බලන්න ඔයාලාට ආරාධනා කරන ගමන් 12 වෙනි කොටසින් ඉක්මනින්ම හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,187 downloadsDownload The.Glory_.S01E11-1.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
13 comments
Pavith Wijesooriya
bhanu
හැම එකටම කමෙන්ට් නොකරට සබ් දෙන ඔක්කොටම ස්තුතියි
කාලෙකින් බලන්න ලැබුනු නියම සීරීස් එකක්Anonymous
නියමයි සහෝ. එකක් බලලා ඉවරවෙලා සාංකාවෙන් ආයෙ ඇවිල්ලා බලද්දි තව එකක් දීලා. ඔයාලා නම් දේවාල ටිකක්
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි දිනිදු අයියා. ජය වේවා !!!
Imesh
thnx sub ekata
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥asachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ravindra
Thanks
මයුර
සබට තුති අයියේ...
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Glory [S01: E11] Sinhala Subtitles | ඔත්තුකාරිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/The-Glory-EP09-12.jpg)



උපසිරසියට ගොඩක් ස්තූතියි අයියේ...