ඔන්න එහෙනම් සැලකිය යුතු කාලෙකට පස්සෙ සබ් එකකුත් අරගෙන මම ඇවිත් ඉන්නව බයිස්කෝප් එකත් එක්ක. පහුගිය දවස් ටිකෙ ජාති බේදයක් නැතිව ආගම් බේදයක් නැතිව වර්ණ බේදයක් නැතිව, දුක්පත් රටවල් පොහොසත් රටවල් වෙනසක් නොකර ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් විශාල බලපෑමක් එල්ල කරමින් පැතිරී ගිය කොරෝනා වසන්ගතයෙන් තවමත් තර්ජනයට…

ඔන්න එහෙනම් සැලකිය යුතු කාලෙකට පස්සෙ සබ් එකකුත් අරගෙන මම ඇවිත් ඉන්නව බයිස්කෝප් එකත් එක්ක. පහුගිය දවස් ටිකෙ ජාති බේදයක් නැතිව ආගම් බේදයක් නැතිව වර්ණ බේදයක් නැතිව, දුක්පත් රටවල් පොහොසත් රටවල් වෙනසක් නොකර ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් විශාල බලපෑමක් එල්ල කරමින් පැතිරී ගිය කොරෝනා වසන්ගතයෙන් තවමත් තර්ජනයට ලක්වෙමින් පවතින රටවල් සංඛ්‍යාව අනන්තයි. ඔය අතරෙ කොරෝනාව නිසා යුරෝපීය රටවලට දැඩි බලපෑමක් එල්ල වුනා. ඉන්දියාව, ඔව් අපේ අසල්වැසි රට, ඇඟට දැනෙන්නෙ නැති වුනාට තවමත් ඉන්දියාව තුල කොරෝනා රෝගීන් වාර්ථා වෙමින් පවතිනවා. ඔයින් මෙයින් කොරෝනාව හේතුවෙන් නිකුත් වීමට නියමිතව තිබූ ඉන්දියානු චිත්‍රපට කිහිපයක්ම වගේ කල් දාන්න තීරණය වෙනව. ඒකෙනුත් අවාසිය අත් වෙන්නෙ ඉන්දියානු සිනමාව වැලදගෙන සිටි රසික සහෘදයනට.
පෞද්ගලික අත්දැකීමක් වශයෙන් බලන්න චිත්‍රපටියක් කතාමාලාවක් නොමැතිව, බලපු එකම ආපහු ආපහු බලපු කාලයක් පසුගිය මාස කිහිපයේ උදාවෙලා තිබුන. මොන තර්ජන තිබුනත් වැටෙන්නෙ නැති බවට උදාහරණ පසක් කරමින් කෙටි චිත්‍රපට, කතා මාලා කිහිපයක් පසුගිය මාස කිහිපයේ නිකුත් වෙලා තිබුන. ඉතින් මෙච්චර වැල් වටාරම් කිව්වෙ සිසිල සහෝදරයගෙ හදිසි ඉල්ලීමකට අනුව මයුර සුරාජ් සමගින් මම පහුගිය 20 වෙනිදා නිකුත් වුනු කතා මාලාවක් උපසිරැසි සහිතව ඔයාලට ඉදිරිපත් කරන්නයි මේ ලෑස්තිය.
ඉතින් මේ කතා මාලාවෙ කැපී පෙනෙන විශේෂත්වය ඔයාල දැනටමත් දන්න විදිහට රූ ගත කිරීම් වලදී 95%ක් පමණ නළු නිළියන් තම තමන්ගේ නිවෙස් වල සිට මේ සදහා රන්ගන දායකත්වය දැක්වීමයි. එයට හේතුව මේ දිනවල තත්ත්වය හේතුවෙන් කිසිම හේතුවකට එලි බැසීමට, පිරිස් රැස්වීමට ඉන්දියානු රජය අවසර නොදීමයි. රන්ගන ශිල්පීන් විදිහට Sanjay Kapoor, Arjun Mathur, Shweta Tripathi, Shriya Pilgaonkar, Rukhsar Rehman, Lubna Salim, Indraneil Sengupta, Dibyendu Bhattacharya, Milind Adhikari, Nikhil Agarwal යන නලු නිලියන් දායක වෙලා තියනව. IMDb අගයත් 8.7 දක්වා ඉහලට ගෙන යමින් නිකුත්වුනු මෙහි අධ්‍යක්ෂනය අධ්‍යක්ෂකවරු නිවසේ සිට සිදුකර ඇතිබවක් සදහන් වෙනවා. ඔයවගේ දැඩි පරිශ්‍රමයක් දරල තමයි ඉන්දියානු චිත්‍රපට, කතාමාලා රසිකයන් වෙනුවෙන් Crime/Thriller කාණ්ඩයේ මෙම කතා මාලාව නිකුත් වෙන්නෙ.
ජීවිත කාලෙම හම්බ කලත් ඔයාට
හොයන්න පුලුවන්නෙ කීයද?
ඔයාට බිලියනයක් හොයන්න ඕනද?
බිලියන 3.5 ණය මුදල් වංචාව.
බැංකුවකින් වංචා කරන
එක එච්චරටම ලේසිද?
මිනිස්සු එයාලගෙ ජීවිත කාලෙම
කරපු ඉතුරුම් බැංකුවෙ දානව,
ඒත් දිගටම මෙහෙම වංචාවන් සිදුවෙන්න
ගත්තොත්, මහජනතාවට කොහෙටද යන්න තියෙන්නෙ?
නිමේශයක් නිමේශයක් පුරාවට කුතුහල පුරවමින් ජීවිතයට අලුත් යමක් එකතු කරමින් කතාංග හතරක් පුරාවට විහිදෙන කතාමාලාවක් එකවර බාගත කරගෙන නැරබීමේ අවස්ථාව උදාවෙන්නෙ ඇඩ්මින් මණ්ඩලයේ සිසිල සහෝදරයාගෙ අනුදැනුම යටතේ මයුර සුරාජ් සහෝගේ සහයෝගයත් ඇතිවයි. බලන්න එකක් නැතිව වේලි වේලි හිටියනෙ, එකටම බාගෙන එක දිගට බලන්න සුපිරි භාණ්ඩයක් අරගෙන ඇවිත් තියනව. තවත් මෙවන් උපසිරැසියකින් හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
ජය ශ්‍රී!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,029 downloadsDownload The-Gone-Game-2020-Complete-Season-01.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සහ “මයුර සුරාජ්” යන සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
11 comments
Prabodha
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kavinu
තුති වේවා! ❤️
රොශාන්
ෆිල්ම් ඩවුලොඩ් කර්න්න ලින්ක් නැහැනෙ
yohan
biascope download site eke thiyenne.
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yohan
thankz sub ekata. meke deweni ekak ena kathawak thiyanawa eka awoth ekatath aniwa sub one. tika denek beluwata kamak nehe
Shani lionel
Thankyou for the sub.looking forward to season 2
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Godak sthuthi godak sthuthi obata. Abhay 2 sub demu...